Categories: Travel

වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?අපි ගිම්හානයේදී ගැ රඩියා කන්දෙන් අරඹා ශීත කාලයේදී හිම මත ලිස්සා ගියෙමු….

වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?……. වැනීසියේ සිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් . ඉතාලියේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම නගරය ලෙස විරුදාවලිය ලැබූ බිම් කඩක් Adriatic මුහුදට මුහුණලා පිහිටා තිබෙන කලපුවක් වන වැනීසිය ගිලබැස්මේ අවදානමට තදින්ම මුහුණපා සිටින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන පරිශ්‍රයක්. යුනෙස්කෝ ලෝක උරුම රැසක සංචාරය කිරීමේ වරම මටත් ඒ ගැන කියැවීමේ වරම අවුරුදු 3 ක් තිස්සේ මේ ලිපි පෙල කියවන ඔබටත් ලැබුණා . ඒ වෙනුවෙන් දසතට ස්තුතියි . වැනිසියට ලගාවීමට බොහෝ ක්‍රම තිබෙනවා . ගුවන් මගින් මාර්කෝ පොලෝ ගුවන් තොටුපොලින් , අධිවේගී දුම්රිය මගින් යුරෝපයේ බොහෝ ගමනාන්ත තුලින් Mestre. දුම්රිය ස්ථානයට සේම අති සුඛෝපභෝගී Cruise Ships මගින් Giudecca Canal හරහා වැනිසියේ වරායටත් එන්නට පුළුවන් . අප නවාතැන් ගත් Mestre. නගරයේ ඉදන් වැනිසියට යන්නට අප භාවිතා කලේ පොදු ප්‍රවාහන බස් රථයක් . බස් එකෙන් බැහැල පාලම් කිහිපයක් ඔස්සේ ගිහින් අපි වැනිසියට ළගා වුණා .  අපි කුඩා මාවත් අතරින් , ඇලවල් උඩින් තියෙන පාලම් වලින් අපේ මග පෙන්වන්නා පස්සෙන් යනවා . ඔහු තැනින් තැන නැවතිලා විස්තර කියනවා . වැනිසිය කියන්නෙ පාරවල් නැති රථවාහන නැති ඉස්සව්වක් හින්ද සියළු ප්‍රවාහන කටයුතු කෙරෙන්නෙ ඇල මාර්ග හරහා යන විවිධ වර්ගයේ බෝට්ටු වලින් . පුංචි කාලෙ ලංකාවේ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු විස්තර සිහියට එනවා . අද්රියාතික් මනාලිය, පාවෙන නගරය වගේ විරුදාවලි අතරෙ අපි පැරණි ඉතාලි සහ යුරෝපා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා බලනවා . කථාවට කියන්නෙ වැනිසියට අළුතින් ගිය කෙනෙක් අතරමං වෙනවාමයි කියලා . අපට ඒ අත්දැකීම දෙන්නට අපේ මග පෙන්වන්නා කටයුතු කල හින්දා කෝකටත් සිතියම් එහෙම අරගෙන ගියොත් හොදයි . St. Mark Square මේ චතුරශ්‍රය වැනිසියේ හදවත කියල කිව්වත් වරදක් නැහැ . පරෙවියන්ට කෑම දෙන්න , ෆොටෝ ගහන්න පොරකන සෙනග අතරේ Campanile Di…

Read More
Categories: Business

ශ්‍රී ලන්කැන් රේඩියෝ පරීක්ෂණ විකාශය WWW.srilancanradio.com ඔබේ ප්‍රතිචාර අපට ලියන්න .

අපගේ පරීක්ශන විකාශයට ඔබටත් සවන්දිය හැක. WWW.srilancanradio.com අප වෙබ්අඩවිය හරහා සවන්දෙන අතර එහි ශ්‍රවන තත්වයන් හා ඔබගේ අදහස් අප වෙත…

Read More
Categories: Travel

අශ්ව රේස් බලන්නට සියෙනාවටත් , අළුත්ම විලාසිතා බලන්නට මිලාන් නුවරටත් ගිය හැටි,කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව එක්ක නයගරා ආශ්රිත සංචාරක ස්ථාන බලමුද ?

ඉතාලි සංචාරයක මතකය  අපි තාමත් ඉන්නෙ ඉතාලියෙ . අපේ සංචාරක බස් රථය යන්නෙ සියෙනා නගරයට . ටිකෙන් ටික නගරයෙන් ඈත්වුණු අපි මිදිවතු සහ අනෙකුත් ගොවිපොල මැද්දෙන් දිවෙන අධිවේගී මාර්ගයෙන් ගියේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සියෙනා බලන්න . ඉතාලියේ වයින් සදහා ප්‍රසිද්ධ ටස්කන් කලාපය හරහා අපේ මාර්ගය වැටී තිබුනා . ඉතිහාස කථාවලට අනුව රෝමය තැනු සහෝදර දෙපලගේ පුතුන් සියෙනා නගරය ඇරබු බවයි කියන්නේ. ඒත් මේ වෙනකොට මේ නගරය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සෑම වසරකම ජුලි 2 වැනිදා සහ අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන Palio අශ්ව රේස් හින්දයි . අපට මේ තරග සදහා අශ්වයින් දුවන ධාවන පථය සකස් කරනවා දකින්නට ලැබුණා . ඒත් පුළුවන් කමක් තියෙනවා නම් ඉතාලියේ විවිධ ප්‍රදේශවලින් තරග කරුවන් පැමිණෙන මේ උත්සවය බලන්න ඔබේ ගමන සැලසුම් කරගන්න පුළුවන්.  Piazza Del Campo සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්‍රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්‍රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්. Siena Cathedral 1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්. Torre Del Mangia සියෙනා නුවර තිබෙන සුවිශේෂී සංකේතයක් වන මේ කුළුණ පිහිටා තිබෙන්නේ නගර ශාලාවේ මැද්දට වන්නටයි . පඩි 400 ක් නැග ගිය විට ඔබට දකින්නට ලැබෙන දසුන හරිම ලස්සන එකක්  සියෙනාවට යන කවුරුත් වගේ කන විශේෂ කෑම 2 ක් තියෙනවා . ඉන් පළමුවැන්න Pici කියන පැස්ටා විශේෂය . Pepper…

Read More
Categories: Travel

යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන්, හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු

ස්විස් සංචාරයක මතකය. යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් . යුරෝපයේ මුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්‍රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . මගේ රස මතක ඔස්සේ ඔබත් දසත සංචාරයක මතකය ඔස්සේ යුරෝපයේ මුදුනට ගෙන යන්නයි මේ ලෑස්තිය.   Gotthard Road Tunnel අපේ යුරෝපා සංචාරයේ ඉතාලියෙන් පිටත් වුනු අපි ස්විස්ටර්ලන්තයට ආවෙ ලෝකයේ තිබෙන මෝටර් රථ සදහා වූ දිගම බිම්ගෙය Gotthard Road Tunnel හරහා . එය කිලෝමීටර් 16.9 දිගයි . ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ වෙනස දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ලංකාවෙ නුවරඑළිය , සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගෙන ගිය කැනඩාවේ බැන්ෆ් , ඇමෙරිකාවේ වර්මොන්ට් වල ස්ටෝවේ නගර සිහියට ආවා . කදු මුදුන් හරි ලස්සනට පේනවා . කොළපාට , නිල්පාට අතරෙ තැනින් තැන ග්ලැසියර් වතුරෙන් පිරුණු විල් ලස්සන චිත්‍ර මවනවා . සමහර දසුන් කැමරාවට ඇහැට වගේ නොපෙනෙන හින්ද ගිහින්ම බලන්න තියෙනවා නම් තමයි හොද මට එහෙම ලියන්න හිතුනා . Interlaken  අපේ නවාතැන තිබුණේ Interlaken නගරයේ . හරිම ලස්සන පුංචි නගරයක් . ස්විස්ටර්ලන්තයට ආවේණික ගොඩනැගිලි වලින් පිරුණු එය පිහිටා තිබෙන්නේ Lake Thun සහ…

Read More
Categories: Travel

රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යමුද ?Fall Colors ( Colours) බලන්න Arrowhead පළාත් උද්‍යානයට යමුද ?

ජර්මන් සංචාරයක මතකය…. වෝල්ට් ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්‍රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්‍යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල Neuschwanstein castle නිසා. ජර්මනියට යන කවුරුත් වගේ අමතක නොකර රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යන්නේ ඒ නිසා.   අපේ යුරෝපා චාරිකාවේ ස්විස්ටර්ලන්තයෙන් පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ ජර්මනියට. මුලින්ම අපි ආවෙ හොදින්ම ජර්මන් ගති ලක්ෂණ තිබෙන  Baden Baden නගරයට. Baden Baden ස්විස්ටර්ලන්තයේ සහ ඔස්ට්‍රියාවේ තියෙන  Baden කියන නගර එක්ක පටලැවෙන හින්ද මේ නගරයේ නම දෙසැරයක්  Baden Baden විදිහට නම් වෙලා තියෙනවා. ස්විස්ටර්ලන්තයේ ගිනි ගණන් වලට දේවල් ගත්ත අපට ඉතාමත්ම පහසු මිලකට ජර්මන් කෑම ගන්න පැරණි නගරයේදී පුළුවන් වුනා. වාහන ගමනාගමනය සීමා කරලා තියෙන මේ පැරණි නගරය සේයාරූ සදහා පසුතල රැසක් මවනවා. විශේෂයෙන්ම කඩමණ්ඩිය කොනේ තියෙන වතුර මල. ප්‍රංශයට ලගින් තියෙන මේ නගරය ජර්මනියේ  Black Forest කදු මායිමේ තියෙන නගරයක්. අපි ආයෙමත් රථයට නැග්ගා. අපේ ඊළග නැවතුම  Cuckoo ඔරලෝසුවලට ජනප්‍රිය ජර්මන් නගරයක් වන St Goar. Cuckoo Clocks දොර ඇරගෙන කූඩුවෙන් එලියට එන කුරුල්ලෙක් නගන කුරුළු හඩක් පැය භාගයකට වරක් නාදවන අතින් ඇදල දුනු මතට එකතුකරන බලයෙන් ක්‍රියාත්මක වන මේ සුවිශේෂී ඔරලෝසු වලට ජර්මනිය මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව වගේ යාබද රටවලදී දකින්නට ලැබුණත් නියම ඔරලෝසු තිබෙන්නේ මේ Black forest ප්‍රදේශයේ කියලයි කියන්නෙ. අපි එවැනි ඔරලෝසු නිෂ්පාදනාගාරයක් බලන්න ගියා. බලන්න එපායැ තියෙන ඔරලෝසු කන්දරාව. ජර්මන් සම්ප්‍රදායික ඇදුමින් සැරසුණු ගැමියන් , පරිසරය විදහා දැක්වෙන කුඩා කැටයමෙන් පිරි අගනා ඔරලෝසු විවිධ මිල ගණන් වලට එතැන තියෙනවා. මේ ඔරලෝසු වල ඉතිහාසය 16 වන සියවස තෙක් දිවයනවා. පසුම්බියට සරිලන මුදලකට තිබ්බ ඒ වගේ යාන්ත්‍රික ඔරලෝසුවක් ගත්තෙ සිහිවටනයක් විදිහටයි. …

Read More
Categories: Travel

ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් ……,Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ?

ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් …… නෙදර්ලන්තයේ සංචාරයක මතක 2.  ලන්දේසි කාරයින් ශ්‍රී ලංකාවේ ඉතිරි කර ගිය දේ ගැන කතා කරන්නට ගොඩක් දේ තිබෙනවා. කදු සහ පහත්බිම් වල ජීවත් වුණු යුරෝපා ජාතීන් අතරින් තැනිතලා බිම්වල දිවි ගෙවූ මිනිසුන් හදුන්වන්නට අතීතයේදී  Dutch කියන වචනය භාවිතා වූ බවත් ජර්මනියේ සමහර කොටස් සහ නෙදර්ලන්තයට මුලින් ඒ වදන යෙදුනු බවත් අන්තර්ජාලයේ සදහන් වෙනවා. කලක් නෙදර්ලන්තය හදුන්වන්නට Holland යන වචනය භාවිතා වුනේ North Holland  සහ  South Holland කියන පලාත් දෙක හින්දයි.වර්තමානයේ භූගෝලීය වශයෙන් නෙදර්ලන්තය පලාත් 12 කින් සැදුනු රටක්.  වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනා නෙදර්ලන්තයේ වෙනස ඔබට යුරෝපයේ අනෙක් රටවලින් එය වෙන්කර හදුනා ගන්නට පහසු කරනවා. අප මේ සංචාරයන් කලේ 2019 වසරේ ගිම්හානයේදී හින්ද අනාගතයේ දවසක ඔබ මේ ගමන් යද්දී සංචාරක ක්‍රමවේද වෙනස් වී තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් දසත කියවන ඔබ වෙනුවෙන් ලන්දේසිකාරයින් අතරේ ඇවිද යන්නයි මගේ මේ සුදානම.…

Read More
Page 1 of 5
1 2 3 5