Author: Anuruddha Weligamage
කාටූන් උපහාසය.
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යමුද ?Fall Colors ( Colours) බලන්න Arrowhead පළාත් උද්‍යානයට යමුද ?
ජර්මන් සංචාරයක මතකය…. වෝල්ට් ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්‍රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්‍යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල Neuschwanstein castle නිසා. ජර්මනියට යන කවුරුත් වගේ අමතක නොකර රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යන්නේ ඒ නිසා. අපේ යුරෝපා චාරිකාවේ ස්විස්ටර්ලන්තයෙන් පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ ජර්මනියට. මුලින්ම අපි ආවෙ හොදින්ම ජර්මන් ගති ලක්ෂණ තිබෙන Baden Baden නගරයට. Baden Baden ස්විස්ටර්ලන්තයේ සහ ඔස්ට්‍රියාවේ තියෙන Baden කියන නගර එක්ක පටලැවෙන හින්ද මේ නගරයේ නම දෙසැරයක් Baden Baden විදිහට නම් වෙලා තියෙනවා. ස්විස්ටර්ලන්තයේ ගිනි ගණන් වලට දේවල් ගත්ත අපට ඉතාමත්ම පහසු මිලකට ජර්මන් කෑම ගන්න පැරණි නගරයේදී පුළුවන් වුනා. වාහන ගමනාගමනය සීමා කරලා තියෙන මේ පැරණි නගරය සේයාරූ සදහා පසුතල රැසක් මවනවා. විශේෂයෙන්ම කඩමණ්ඩිය කොනේ තියෙන වතුර මල. ප්‍රංශයට ලගින් තියෙන මේ නගරය ජර්මනියේ Black Forest කදු මායිමේ තියෙන නගරයක්. අපි ආයෙමත් රථයට නැග්ගා. අපේ ඊළග නැවතුම Cuckoo ඔරලෝසුවලට ජනප්‍රිය ජර්මන් නගරයක් වන St Goar. Cuckoo Clocks දොර ඇරගෙන කූඩුවෙන් එලියට එන කුරුල්ලෙක් නගන කුරුළු හඩක් පැය භාගයකට වරක් නාදවන අතින් ඇදල දුනු මතට එකතුකරන බලයෙන් ක්‍රියාත්මක වන මේ සුවිශේෂී ඔරලෝසු වලට ජර්මනිය මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව වගේ යාබද රටවලදී දකින්නට ලැබුණත් නියම ඔරලෝසු තිබෙන්නේ මේ Black forest ප්‍රදේශයේ කියලයි කියන්නෙ. අපි එවැනි ඔරලෝසු නිෂ්පාදනාගාරයක් බලන්න ගියා. බලන්න එපායැ තියෙන ඔරලෝසු කන්දරාව. ජර්මන් සම්ප්‍රදායික ඇදුමින් සැරසුණු ගැමියන් , පරිසරය විදහා දැක්වෙන කුඩා කැටයමෙන් පිරි අගනා ඔරලෝසු විවිධ මිල ගණන් වලට එතැන තියෙනවා. මේ ඔරලෝසු වල ඉතිහාසය 16 වන සියවස තෙක් දිවයනවා. පසුම්බියට සරිලන මුදලකට තිබ්බ ඒ වගේ යාන්ත්‍රික ඔරලෝසුවක් ගත්තෙ සිහිවටනයක් විදිහටයි. …
ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් ……,Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ?
ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් …… නෙදර්ලන්තයේ සංචාරයක මතක 2. ලන්දේසි කාරයින් ශ්‍රී ලංකාවේ ඉතිරි කර ගිය දේ ගැන කතා කරන්නට ගොඩක් දේ තිබෙනවා. කදු සහ පහත්බිම් වල ජීවත් වුණු යුරෝපා ජාතීන් අතරින් තැනිතලා බිම්වල දිවි ගෙවූ මිනිසුන් හදුන්වන්නට අතීතයේදී Dutch කියන වචනය භාවිතා වූ බවත් ජර්මනියේ සමහර කොටස් සහ නෙදර්ලන්තයට මුලින් ඒ වදන යෙදුනු බවත් අන්තර්ජාලයේ සදහන් වෙනවා. කලක් නෙදර්ලන්තය හදුන්වන්නට Holland යන වචනය භාවිතා වුනේ North Holland සහ South Holland කියන පලාත් දෙක හින්දයි.වර්තමානයේ භූගෝලීය වශයෙන් නෙදර්ලන්තය පලාත් 12 කින් සැදුනු රටක්. වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනා නෙදර්ලන්තයේ වෙනස ඔබට යුරෝපයේ අනෙක් රටවලින් එය වෙන්කර හදුනා ගන්නට පහසු කරනවා. අප මේ සංචාරයන් කලේ 2019 වසරේ ගිම්හානයේදී හින්ද අනාගතයේ දවසක ඔබ මේ ගමන් යද්දී සංචාරක ක්‍රමවේද වෙනස් වී තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් දසත කියවන ඔබ වෙනුවෙන් ලන්දේසිකාරයින් අතරේ ඇවිද යන්නයි මගේ මේ සුදානම.…
කාටූන් උපහාසය.
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
බෝට්ටු හෝටලයකින් කාලා බයිසිකලෙන් Amsterdam බලන්න යමුද ? වෙරළ කොනක හිද බලා හිදින්නට හියුරන් විලට යමුද ?
නෙදර්ලන්ත සංචාරයක මතකය Amsterdam යුරෝපයේ තිබෙන ප්‍රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්‍රවාහන කටයුතු සදහා ඇල මාර්ග භාවිතා කල බව මා කියවා තිබෙනවා. Amsterdam නගරයේ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කෙරෙන නිසා අපේ සංචාරයටත් බෝට්ටුවක තිබෙන අවන්හලක රාත්‍රී ආහාර වේලක් සදහා ඉඩ වෙන්වුණා. අපි ඒ ගැන පසුවට කථා කරමු. Museum Square ( Museumplein) ප්‍රධාන කෞතුකාගාර 3 ක් මැදි කරගෙන වෙන්වුණු මේ ඉඩ Amsterdam නගරයට එන කවුරුත් අතපසු නොකරන පොඩි විවේකයක් ගන්නට කියාපු තැනක්.The Rijks Museum, Van Gogh Museum සහ Stedelijk Museum මේ වටා තිබෙන අගනා කෞතුකාගාර 3 යි. ලෝකයේ ඉතාමත් වැඩි පිරිසක් පාපැදි ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන නගර අතුරින් එකක් ලෙස පරණ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු කථාව ඇත්තමයි කියල අපට තේරුණා.ඉතා අඩු මුදලකට පහසුවෙන් ඔබටත් එක තැනකින් අරගෙන තවත් තැනකින් දමා යාහැකි පාපැදි සේවා රැසක් සේම ඒ බයිසිකල් සදහා වෙනම මං තීරු, නැවතීමේ පහසුකම් හින්ද මෙහි තිබෙන පහසුම ප්‍රවාහන මාධ්‍යය බයිසිකල් තමයි. Van Gogh Museum ඉතා ජනප්‍රිය චිත්‍ර ශිල්පී Vincent Van Gogh විසින් කල සිතුවම් රැසක් එක්තැන් වූ මේ පරිශ්‍රය බිහිවුණේ 1962 දී Stedelijkකෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබුණු චිත්‍ර වෙනමම තැනකට ගෙන යාමෙන්. වැන්ගෝ ජීවත්ව සිටියදී අඩුවෙන් කතාවුණු ඒ චිත්‍ර පසු කාලීනව ජාත්‍යන්තර අවධානයට යොමුවුණු නිසා මේ පරිශ්‍රයේ ප්‍රවේශ පත්‍ර කලින්ම වෙන්කරවා ගන්න එක හොදයි.…
මිකී මීයා වෝල්ට් ඩිස්නිව ගෙන ගිය දුරක්.යෝධ පොකිරිස්සා එක්ක වෙනස් අත්දැකීම් ගන්න ෂෙඩියැක් ( Shediac) වලට යමුද ?
ඇමෙරිකානු සංචාරයක මතකය මිකී මවුස් ගැන නොදන්නා කෙනෙක් ලෝකෙ ඉන්නවද කියන තරමට මිකී මියා හරිම ජනප්‍රිය චරිතයක් . කලින් කලට එක එක චරිත ඇතිවෙලා මතුවෙලා ගියාට මිකී මියා එහෙම නෙවෙයි .අදත් ලෝ පුරා නම කියැවෙන චරිතයක් . විශේෂයෙන්ම කාගෙ කාගේත් ළමා කාලෙදි .සාමාන්‍ය කාටුන් ශිල්පියෙකු වූ වෝල්ට් ඩිස්නි මහා නිර්මාණ ශිල්පියෙකු සේම ධන කුවේරයෙකු කරන්නට ඒ සිහින චරිතය ආ ගමන අපුරුයි .අපි ඩිස්නි ලෝකය පරිශ්‍රයේම නවාතැන් ගෙන තිබූ නිසා ගමන පහසුයි . අපි මැජික් රාජධානියට යන බස් එකට නැංගා . මැජික් රාජධානිය ( Magic Kingdom ) මැජික් රාජධානිය ඩිස්නි ලෝකයේ ඉදිකළ පළමු විනෝද උයනයි. එය බොහෝ දුරට…
හරම්බේ හන්දියෙන් හැරී ඩිස්නි ලෝකයට යමු.ඉබේම වාහනය කන්දක් නගින මැග්නටික් හිල් ( Magnetic Hill) බලමුද?
ඇමෙරිකානු සංචාරයක මතකය හරම්බේ හන්දියෙන් හැරී ඩිස්නි ලෝකයට යමු. හරම්බේ ගම්මානයත් , ආනන්දපුර් ගම්මානයත් ලෝක සිතියමේ ඇත්තේ කෙන්යාවෙත් , කිලෝමීටර දහස් ගණනක දුරින් ඉන්දියාවේ…


