ශ්රී ලන්කැන් රේඩියෝ පරීක්ෂණ විකාශය WWW.srilancanradio.com ඔබේ ප්රතිචාර අපට ලියන්න .
අපගේ පරීක්ශන විකාශයට ඔබටත් සවන්දිය හැක. WWW.srilancanradio.com අප වෙබ්අඩවිය හරහා සවන්දෙන අතර එහි ශ්රවන තත්වයන් හා ඔබගේ අදහස් අප වෙත…
අපගේ පරීක්ශන විකාශයට ඔබටත් සවන්දිය හැක. WWW.srilancanradio.com අප වෙබ්අඩවිය හරහා සවන්දෙන අතර එහි ශ්රවන තත්වයන් හා ඔබගේ අදහස් අප වෙත…
ඉතාලි සංචාරයක මතකය අපි තාමත් ඉන්නෙ ඉතාලියෙ . අපේ සංචාරක බස් රථය යන්නෙ සියෙනා නගරයට . ටිකෙන් ටික නගරයෙන් ඈත්වුණු අපි මිදිවතු සහ අනෙකුත් ගොවිපොල මැද්දෙන් දිවෙන අධිවේගී මාර්ගයෙන් ගියේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සියෙනා බලන්න . ඉතාලියේ වයින් සදහා ප්රසිද්ධ ටස්කන් කලාපය හරහා අපේ මාර්ගය වැටී තිබුනා . ඉතිහාස කථාවලට අනුව රෝමය තැනු සහෝදර දෙපලගේ පුතුන් සියෙනා නගරය ඇරබු බවයි කියන්නේ. ඒත් මේ වෙනකොට මේ නගරය ප්රසිද්ධ වෙලා තියෙන්නෙ සෑම වසරකම ජුලි 2 වැනිදා සහ අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන Palio අශ්ව රේස් හින්දයි . අපට මේ තරග සදහා අශ්වයින් දුවන ධාවන පථය සකස් කරනවා දකින්නට ලැබුණා . ඒත් පුළුවන් කමක් තියෙනවා නම් ඉතාලියේ විවිධ ප්රදේශවලින් තරග කරුවන් පැමිණෙන මේ උත්සවය බලන්න ඔබේ ගමන සැලසුම් කරගන්න පුළුවන්. Piazza Del Campo සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්. Siena Cathedral 1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්. Torre Del Mangia සියෙනා නුවර තිබෙන සුවිශේෂී සංකේතයක් වන මේ කුළුණ පිහිටා තිබෙන්නේ නගර ශාලාවේ මැද්දට වන්නටයි . පඩි 400 ක් නැග ගිය විට ඔබට දකින්නට ලැබෙන දසුන හරිම ලස්සන එකක් සියෙනාවට යන කවුරුත් වගේ කන විශේෂ කෑම 2 ක් තියෙනවා . ඉන් පළමුවැන්න Pici කියන පැස්ටා විශේෂය . Pepper…
ස්විස් සංචාරයක මතකය. යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් . යුරෝපයේ මුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . මගේ රස මතක ඔස්සේ ඔබත් දසත සංචාරයක මතකය ඔස්සේ යුරෝපයේ මුදුනට ගෙන යන්නයි මේ ලෑස්තිය. Gotthard Road Tunnel අපේ යුරෝපා සංචාරයේ ඉතාලියෙන් පිටත් වුනු අපි ස්විස්ටර්ලන්තයට ආවෙ ලෝකයේ තිබෙන මෝටර් රථ සදහා වූ දිගම බිම්ගෙය Gotthard Road Tunnel හරහා . එය කිලෝමීටර් 16.9 දිගයි . ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ වෙනස දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ලංකාවෙ නුවරඑළිය , සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගෙන ගිය කැනඩාවේ බැන්ෆ් , ඇමෙරිකාවේ වර්මොන්ට් වල ස්ටෝවේ නගර සිහියට ආවා . කදු මුදුන් හරි ලස්සනට පේනවා . කොළපාට , නිල්පාට අතරෙ තැනින් තැන ග්ලැසියර් වතුරෙන් පිරුණු විල් ලස්සන චිත්ර මවනවා . සමහර දසුන් කැමරාවට ඇහැට වගේ නොපෙනෙන හින්ද ගිහින්ම බලන්න තියෙනවා නම් තමයි හොද මට එහෙම ලියන්න හිතුනා . Interlaken අපේ නවාතැන තිබුණේ Interlaken නගරයේ . හරිම ලස්සන පුංචි නගරයක් . ස්විස්ටර්ලන්තයට ආවේණික ගොඩනැගිලි වලින් පිරුණු එය පිහිටා තිබෙන්නේ Lake Thun සහ…
ශ්රී ලංකාවේ මුද්රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
ජර්මන් සංචාරයක මතකය…. වෝල්ට් ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද්ර කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල Neuschwanstein castle නිසා. ජර්මනියට යන කවුරුත් වගේ අමතක නොකර රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යන්නේ ඒ නිසා. අපේ යුරෝපා චාරිකාවේ ස්විස්ටර්ලන්තයෙන් පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ ජර්මනියට. මුලින්ම අපි ආවෙ හොදින්ම ජර්මන් ගති ලක්ෂණ තිබෙන Baden Baden නගරයට. Baden Baden ස්විස්ටර්ලන්තයේ සහ ඔස්ට්රියාවේ තියෙන Baden කියන නගර එක්ක පටලැවෙන හින්ද මේ නගරයේ නම දෙසැරයක් Baden Baden විදිහට නම් වෙලා තියෙනවා. ස්විස්ටර්ලන්තයේ ගිනි ගණන් වලට දේවල් ගත්ත අපට ඉතාමත්ම පහසු මිලකට ජර්මන් කෑම ගන්න පැරණි නගරයේදී පුළුවන් වුනා. වාහන ගමනාගමනය සීමා කරලා තියෙන මේ පැරණි නගරය සේයාරූ සදහා පසුතල රැසක් මවනවා. විශේෂයෙන්ම කඩමණ්ඩිය කොනේ තියෙන වතුර මල. ප්රංශයට ලගින් තියෙන මේ නගරය ජර්මනියේ Black Forest කදු මායිමේ තියෙන නගරයක්. අපි ආයෙමත් රථයට නැග්ගා. අපේ ඊළග නැවතුම Cuckoo ඔරලෝසුවලට ජනප්රිය ජර්මන් නගරයක් වන St Goar. Cuckoo Clocks දොර ඇරගෙන කූඩුවෙන් එලියට එන කුරුල්ලෙක් නගන කුරුළු හඩක් පැය භාගයකට වරක් නාදවන අතින් ඇදල දුනු මතට එකතුකරන බලයෙන් ක්රියාත්මක වන මේ සුවිශේෂී ඔරලෝසු වලට ජර්මනිය මහත් ප්රසිද්ධියක් උසුලනවා. ස්විස්ටර්ලන්තය, ඔස්ට්රියාව වගේ යාබද රටවලදී දකින්නට ලැබුණත් නියම ඔරලෝසු තිබෙන්නේ මේ Black forest ප්රදේශයේ කියලයි කියන්නෙ. අපි එවැනි ඔරලෝසු නිෂ්පාදනාගාරයක් බලන්න ගියා. බලන්න එපායැ තියෙන ඔරලෝසු කන්දරාව. ජර්මන් සම්ප්රදායික ඇදුමින් සැරසුණු ගැමියන් , පරිසරය විදහා දැක්වෙන කුඩා කැටයමෙන් පිරි අගනා ඔරලෝසු විවිධ මිල ගණන් වලට එතැන තියෙනවා. මේ ඔරලෝසු වල ඉතිහාසය 16 වන සියවස තෙක් දිවයනවා. පසුම්බියට සරිලන මුදලකට තිබ්බ ඒ වගේ යාන්ත්රික ඔරලෝසුවක් ගත්තෙ සිහිවටනයක් විදිහටයි. …
ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් …… නෙදර්ලන්තයේ සංචාරයක මතක 2. ලන්දේසි කාරයින් ශ්රී ලංකාවේ ඉතිරි කර ගිය දේ ගැන කතා කරන්නට ගොඩක් දේ තිබෙනවා. කදු සහ පහත්බිම් වල ජීවත් වුණු යුරෝපා ජාතීන් අතරින් තැනිතලා බිම්වල දිවි ගෙවූ මිනිසුන් හදුන්වන්නට අතීතයේදී Dutch කියන වචනය භාවිතා වූ බවත් ජර්මනියේ සමහර කොටස් සහ නෙදර්ලන්තයට මුලින් ඒ වදන යෙදුනු බවත් අන්තර්ජාලයේ සදහන් වෙනවා. කලක් නෙදර්ලන්තය හදුන්වන්නට Holland යන වචනය භාවිතා වුනේ North Holland සහ South Holland කියන පලාත් දෙක හින්දයි.වර්තමානයේ භූගෝලීය වශයෙන් නෙදර්ලන්තය පලාත් 12 කින් සැදුනු රටක්. වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනා නෙදර්ලන්තයේ වෙනස ඔබට යුරෝපයේ අනෙක් රටවලින් එය වෙන්කර හදුනා ගන්නට පහසු කරනවා. අප මේ සංචාරයන් කලේ 2019 වසරේ ගිම්හානයේදී හින්ද අනාගතයේ දවසක ඔබ මේ ගමන් යද්දී සංචාරක ක්රමවේද වෙනස් වී තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් දසත කියවන ඔබ වෙනුවෙන් ලන්දේසිකාරයින් අතරේ ඇවිද යන්නයි මගේ මේ සුදානම.…
ශ්රී ලංකාවේ මුද්රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
නෙදර්ලන්ත සංචාරයක මතකය Amsterdam යුරෝපයේ තිබෙන ප්රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්රවාහන කටයුතු සදහා ඇල මාර්ග භාවිතා කල බව මා කියවා තිබෙනවා. Amsterdam නගරයේ ඇල මාර්ග ප්රවාහන කටයුතු සදහා භාවිතා කෙරෙන නිසා අපේ සංචාරයටත් බෝට්ටුවක තිබෙන අවන්හලක රාත්රී ආහාර වේලක් සදහා ඉඩ වෙන්වුණා. අපි ඒ ගැන පසුවට කථා කරමු. Museum Square ( Museumplein) ප්රධාන කෞතුකාගාර 3 ක් මැදි කරගෙන වෙන්වුණු මේ ඉඩ Amsterdam නගරයට එන කවුරුත් අතපසු නොකරන පොඩි විවේකයක් ගන්නට කියාපු තැනක්.The Rijks Museum, Van Gogh Museum සහ Stedelijk Museum මේ වටා තිබෙන අගනා කෞතුකාගාර 3 යි. ලෝකයේ ඉතාමත් වැඩි පිරිසක් පාපැදි ප්රවාහන කටයුතු සදහා භාවිතා කරන නගර අතුරින් එකක් ලෙස පරණ ඉංග්රීසි පාඩම් පොතක තිබුණු කථාව ඇත්තමයි කියල අපට තේරුණා.ඉතා අඩු මුදලකට පහසුවෙන් ඔබටත් එක තැනකින් අරගෙන තවත් තැනකින් දමා යාහැකි පාපැදි සේවා රැසක් සේම ඒ බයිසිකල් සදහා වෙනම මං තීරු, නැවතීමේ පහසුකම් හින්ද මෙහි තිබෙන පහසුම ප්රවාහන මාධ්යය බයිසිකල් තමයි. Van Gogh Museum ඉතා ජනප්රිය චිත්ර ශිල්පී Vincent Van Gogh විසින් කල සිතුවම් රැසක් එක්තැන් වූ මේ පරිශ්රය බිහිවුණේ 1962 දී Stedelijkකෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබුණු චිත්ර වෙනමම තැනකට ගෙන යාමෙන්. වැන්ගෝ ජීවත්ව සිටියදී අඩුවෙන් කතාවුණු ඒ චිත්ර පසු කාලීනව ජාත්යන්තර අවධානයට යොමුවුණු නිසා මේ පරිශ්රයේ ප්රවේශ පත්ර කලින්ම වෙන්කරවා ගන්න එක හොදයි.…

