Categories: Business

කෘත්‍රිම බුද්ධිය අපේ බුද්ධිය අනතුරේ දමයි ද?

සාමාන්‍යයෙන් යන්ත්‍රයකට හෝ පරිගණකයකට හෝ හැකි වෙන්නේ, අප දෙන නියෝග ඒ විදියටම ක්‍රියාත්මක කිරීම පමණයි. AI (කෘත්‍රිම බුද්ධිය) යනු මිනිස්…

Read More
Categories: Travel

පලංචියේ දිගාවී මයිකල් ඇන්ජිලෝ ඇදී සිතුවම් බලන්නට වතිකානුවට ගියදා, නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන් …..

ඉතාලි සංචාරයක මතකය දක්ෂ මුර්ති ශිල්පී  Michael Angelo ට දෙවන ජුලියස් පාප් වහන්සේ පැවරුවේ අති භාරදූර වැඩක් . ඒ Sistine Chapel එකේ සිවිලිමේ චිත්‍ර අදින්න . 1535-1541 අවුරුදු 6 ක් තිස්සේ ඔහු සහ පිරිස කල අගනා නිර්මාණ අදත් වතිකානුවට ගියොත් ඔබට බලන්නට පුළුවන් . අපි මේ යන්නෙ ක්‍රිස්තු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පත්වුණු ලෝකයේ කුඩාම රාජ්‍යය වන වතිකානුව බලන්නයි . ඉතාලියේ රෝම නගරයට යාබදව තිබෙන වතිකානුව බලන්නට අප ගියේ පාප් වහන්සේගේ ගිම්හාන මාළිගාව නැරබීමෙන් අනතුරුවයි . Castel Gandolfo රෝම නගරයේ ඉදන් කිලෝමීටර් 25 ක තරම් දුරකින් නිස්කලංක ඉඩක පිහිටා තිබෙන පාප් වහන්සේගේ නිල ගිම්හාන මාළිගාව මෑතක් වනතුරු පැවතුණේ පොදු ජනතාවගෙන් වසන් කල පෞද්ගලික දේපලක් විදිහටයි . වෙනස්වන ලෝකයත් එක්ක බොහෝ දේ වෙනස් කල වර්තමාන පාප් වහන්සේගේ සුබවාදී දර්ශනය යටතේ උන් වහන්සේ භාවිතා නොකරන දිනවලදී ඔබට රෝමයට ගියොත් යන්නට පුළුවන් සංචාරක ආකර්ෂණ අතරට අළුතින්ම එක්වූ එකක් ලෙස එය හදුන්වා දෙන්නට පුළුවන් . ඇල්බන් කදුකරයේ Lake Albano වලට මුහුණලා පිහිටා තිබෙන ඒ නිවස පිහිටි පරිසරය නම් හැබෑම ලස්සනයි . 17 වන සියවසේ ඉදිවුණු ධනවතුන්ගේ ගිම්හාන නිවාස රැසක් ඇති මේ ප්‍රදේශය රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ ඉසව් සදහා භාවිතා වුණා .ක්‍රිස්තු පුර්ව 16 වන සියවසේ විසු Domitian නම් අධිරාජ්‍යයා මාළිගා සංකීර්ණයක් වූ මේ පරිශ්‍රය ගිනිකදු විදාරණයෙන් එක්වුණු සරු පසක් සහිත නිසා මේ මාළිගාවේ උද්‍යානය පාට පාට මලින් සහ සරු ගස් වලින් පිරී තිබෙනවා . Gondolfi පවුලෙන් මිලට ගෙන මෙහි ගිම්හාන නිවහනක් සකස් කලේ 1462 දී පියුස් පාප් වහන්සේ විසින් . දෙවන ලෝක යුධ සමයේදී 7 වන පියුස් පාප් වහන්සේ විසින් මේ පරිශ්‍රය 12000 පිරිසකට සරණාගත කදවුරක් සහ එහි උපන් ළමුන් 36 දෙනෙකුට ළදරු පාසැලක් ලෙසින් ද ජනතා සේවයට යොදවා තිබෙනවා . ලස්සන විශාල මන්දිරයක් වුණත් පාප් වහන්සේ එහි භාවිතා කරන කුටිය සරල එකක් . කාලයක් තිස්සේ විවිධ පාප් වහන්සේලා පරිහරණය කල ඇදුම් පැළදුම් ,ගෘහ භාණ්ඩ සේම නිල රථ මේ මන්දිරයේදී දකින්නට පුළුවන් . පාප් වහන්සේ වැඩ සිටින විට මැද මිදුලට රැස්වන ජනතාවට දේවාශිර්වාද කරන විශේෂ සදළු තලයක් මෙහි තිබෙනවා .මන්දිරය බලල ඉවරවෙලා අපි උද්‍යානය බලන්න විශේෂයෙන්ම සකස් කල රථයට නැගුනා . පෞද්ගලික රථ වාහන වලට අවසර නැති හින්ද ඔබට ඒ උද්‍යානය බලන්න පුළුවන් ඒ රථය තුල ඉදගෙන තමයි . ඒ සුවිසල් උද්‍යානය තුල කලාප රැසක් සේම කුඩා ගොවිපොලක් සහ අයිතිහාසික මාළිගාවක් තිබෙනවා . ඉඩක් තිබුණොත් බලන්න වටින කලාතුරකින් අවස්ථාව ලැබෙන එකක් . අපේ චාරිකාවට අසල ගම්මානයේ අවන්හලකින් ඉතාලි සම්ප්‍රදායික දවල් කෑමක් වගේම වතිකානුවට සුවපහසු රථයකින් ගමන් පහසුව සලසලා තිබුණු හින්දා Lake Albano දිහා බලාගෙන පැය කිහිපයක් ගත කරන්නට අපට ඉඩ ලැබුණා . අපි පාප් වහන්සේගේ ගිම්හාන මාළිගයෙන් වතිකානුවට ආවා . වතිකානු කෞතුකාගාරය අද්දර අපව කැදවාගෙන යන්න රෝමයේදී අප හමුවූ නියාමක වරිය සුදානමින් හිටියා. ඔබට සංචාරක නියාමක සේවය රහිතවත් මේ පරිශ්‍ර බලන්නට පුළුවන් . ඒත් අනවශ්‍ය තැන්වල කාලය නාස්ති කරමින් අවශ්‍ය තැන් අතහරින එකටත් කාල කළමනාකරණයටත් ඒ වගේ සේවයක් කණ්ඩායමක් විදිහට ගන්න එක හොදයි . අපි ශ්‍රව්‍ය සන්නිවේදකය කනේ ගහගෙන සිතියම අතට ගත්තා . ඇය පසුපස ගිහින් රෝමයෙන් වටවෙලා තියෙන හෙක්ටෙයාර් 44 ක ලෝකයේ කුඩාම රාජ්‍යය බලන්න පටන් ගත්තා .  Sistene…

Read More
Categories: Travel

වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?අපි ගිම්හානයේදී ගැ රඩියා කන්දෙන් අරඹා ශීත කාලයේදී හිම මත ලිස්සා ගියෙමු….

වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?……. වැනීසියේ සිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් . ඉතාලියේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම නගරය ලෙස විරුදාවලිය ලැබූ බිම් කඩක් Adriatic මුහුදට මුහුණලා පිහිටා තිබෙන කලපුවක් වන වැනීසිය ගිලබැස්මේ අවදානමට තදින්ම මුහුණපා සිටින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන පරිශ්‍රයක්. යුනෙස්කෝ ලෝක උරුම රැසක සංචාරය කිරීමේ වරම මටත් ඒ ගැන කියැවීමේ වරම අවුරුදු 3 ක් තිස්සේ මේ ලිපි පෙල කියවන ඔබටත් ලැබුණා . ඒ වෙනුවෙන් දසතට ස්තුතියි . වැනිසියට ලගාවීමට බොහෝ ක්‍රම තිබෙනවා . ගුවන් මගින් මාර්කෝ පොලෝ ගුවන් තොටුපොලින් , අධිවේගී දුම්රිය මගින් යුරෝපයේ බොහෝ ගමනාන්ත තුලින් Mestre. දුම්රිය ස්ථානයට සේම අති සුඛෝපභෝගී Cruise Ships මගින් Giudecca Canal හරහා වැනිසියේ වරායටත් එන්නට පුළුවන් . අප නවාතැන් ගත් Mestre. නගරයේ ඉදන් වැනිසියට යන්නට අප භාවිතා කලේ පොදු ප්‍රවාහන බස් රථයක් . බස් එකෙන් බැහැල පාලම් කිහිපයක් ඔස්සේ ගිහින් අපි වැනිසියට ළගා වුණා .  අපි කුඩා මාවත් අතරින් , ඇලවල් උඩින් තියෙන පාලම් වලින් අපේ මග පෙන්වන්නා පස්සෙන් යනවා . ඔහු තැනින් තැන නැවතිලා විස්තර කියනවා . වැනිසිය කියන්නෙ පාරවල් නැති රථවාහන නැති ඉස්සව්වක් හින්ද සියළු ප්‍රවාහන කටයුතු කෙරෙන්නෙ ඇල මාර්ග හරහා යන විවිධ වර්ගයේ බෝට්ටු වලින් . පුංචි කාලෙ ලංකාවේ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු විස්තර සිහියට එනවා . අද්රියාතික් මනාලිය, පාවෙන නගරය වගේ විරුදාවලි අතරෙ අපි පැරණි ඉතාලි සහ යුරෝපා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා බලනවා . කථාවට කියන්නෙ වැනිසියට අළුතින් ගිය කෙනෙක් අතරමං වෙනවාමයි කියලා . අපට ඒ අත්දැකීම දෙන්නට අපේ මග පෙන්වන්නා කටයුතු කල හින්දා කෝකටත් සිතියම් එහෙම අරගෙන ගියොත් හොදයි . St. Mark Square මේ චතුරශ්‍රය වැනිසියේ හදවත කියල කිව්වත් වරදක් නැහැ . පරෙවියන්ට කෑම දෙන්න , ෆොටෝ ගහන්න පොරකන සෙනග අතරේ Campanile Di…

Read More
Categories: Business

ශ්‍රී ලන්කැන් රේඩියෝ පරීක්ෂණ විකාශය WWW.srilancanradio.com ඔබේ ප්‍රතිචාර අපට ලියන්න .

අපගේ පරීක්ශන විකාශයට ඔබටත් සවන්දිය හැක. WWW.srilancanradio.com අප වෙබ්අඩවිය හරහා සවන්දෙන අතර එහි ශ්‍රවන තත්වයන් හා ඔබගේ අදහස් අප වෙත…

Read More
Categories: Travel

අශ්ව රේස් බලන්නට සියෙනාවටත් , අළුත්ම විලාසිතා බලන්නට මිලාන් නුවරටත් ගිය හැටි,කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව එක්ක නයගරා ආශ්රිත සංචාරක ස්ථාන බලමුද ?

ඉතාලි සංචාරයක මතකය  අපි තාමත් ඉන්නෙ ඉතාලියෙ . අපේ සංචාරක බස් රථය යන්නෙ සියෙනා නගරයට . ටිකෙන් ටික නගරයෙන් ඈත්වුණු අපි මිදිවතු සහ අනෙකුත් ගොවිපොල මැද්දෙන් දිවෙන අධිවේගී මාර්ගයෙන් ගියේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සියෙනා බලන්න . ඉතාලියේ වයින් සදහා ප්‍රසිද්ධ ටස්කන් කලාපය හරහා අපේ මාර්ගය වැටී තිබුනා . ඉතිහාස කථාවලට අනුව රෝමය තැනු සහෝදර දෙපලගේ පුතුන් සියෙනා නගරය ඇරබු බවයි කියන්නේ. ඒත් මේ වෙනකොට මේ නගරය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සෑම වසරකම ජුලි 2 වැනිදා සහ අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන Palio අශ්ව රේස් හින්දයි . අපට මේ තරග සදහා අශ්වයින් දුවන ධාවන පථය සකස් කරනවා දකින්නට ලැබුණා . ඒත් පුළුවන් කමක් තියෙනවා නම් ඉතාලියේ විවිධ ප්‍රදේශවලින් තරග කරුවන් පැමිණෙන මේ උත්සවය බලන්න ඔබේ ගමන සැලසුම් කරගන්න පුළුවන්.  Piazza Del Campo සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්‍රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්‍රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්. Siena Cathedral 1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්. Torre Del Mangia සියෙනා නුවර තිබෙන සුවිශේෂී සංකේතයක් වන මේ කුළුණ පිහිටා තිබෙන්නේ නගර ශාලාවේ මැද්දට වන්නටයි . පඩි 400 ක් නැග ගිය විට ඔබට දකින්නට ලැබෙන දසුන හරිම ලස්සන එකක්  සියෙනාවට යන කවුරුත් වගේ කන විශේෂ කෑම 2 ක් තියෙනවා . ඉන් පළමුවැන්න Pici කියන පැස්ටා විශේෂය . Pepper…

Read More
Categories: Travel

යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන්, හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු

ස්විස් සංචාරයක මතකය. යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් . යුරෝපයේ මුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්‍රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . මගේ රස මතක ඔස්සේ ඔබත් දසත සංචාරයක මතකය ඔස්සේ යුරෝපයේ මුදුනට ගෙන යන්නයි මේ ලෑස්තිය.   Gotthard Road Tunnel අපේ යුරෝපා සංචාරයේ ඉතාලියෙන් පිටත් වුනු අපි ස්විස්ටර්ලන්තයට ආවෙ ලෝකයේ තිබෙන මෝටර් රථ සදහා වූ දිගම බිම්ගෙය Gotthard Road Tunnel හරහා . එය කිලෝමීටර් 16.9 දිගයි . ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ වෙනස දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ලංකාවෙ නුවරඑළිය , සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගෙන ගිය කැනඩාවේ බැන්ෆ් , ඇමෙරිකාවේ වර්මොන්ට් වල ස්ටෝවේ නගර සිහියට ආවා . කදු මුදුන් හරි ලස්සනට පේනවා . කොළපාට , නිල්පාට අතරෙ තැනින් තැන ග්ලැසියර් වතුරෙන් පිරුණු විල් ලස්සන චිත්‍ර මවනවා . සමහර දසුන් කැමරාවට ඇහැට වගේ නොපෙනෙන හින්ද ගිහින්ම බලන්න තියෙනවා නම් තමයි හොද මට එහෙම ලියන්න හිතුනා . Interlaken  අපේ නවාතැන තිබුණේ Interlaken නගරයේ . හරිම ලස්සන පුංචි නගරයක් . ස්විස්ටර්ලන්තයට ආවේණික ගොඩනැගිලි වලින් පිරුණු එය පිහිටා තිබෙන්නේ Lake Thun සහ…

Read More
Page 1 of 5
1 2 3 5