Author: Anuruddha Weligamage
මිකී මීයා වෝල්ට් ඩිස්නිව ගෙන ගිය දුරක්.යෝධ පොකිරිස්සා එක්ක වෙනස් අත්දැකීම් ගන්න ෂෙඩියැක් ( Shediac) වලට යමුද ?
ඇමෙරිකානු සංචාරයක මතකය මිකී මවුස් ගැන නොදන්නා කෙනෙක් ලෝකෙ ඉන්නවද කියන තරමට මිකී මියා හරිම ජනප්‍රිය චරිතයක් . කලින් කලට එක එක චරිත ඇතිවෙලා මතුවෙලා ගියාට මිකී මියා එහෙම නෙවෙයි .අදත් ලෝ පුරා නම කියැවෙන චරිතයක් . විශේෂයෙන්ම කාගෙ කාගේත් ළමා කාලෙදි .සාමාන්‍ය කාටුන් ශිල්පියෙකු වූ වෝල්ට් ඩිස්නි මහා නිර්මාණ ශිල්පියෙකු සේම ධන කුවේරයෙකු කරන්නට ඒ සිහින චරිතය ආ ගමන අපුරුයි .අපි ඩිස්නි ලෝකය පරිශ්‍රයේම නවාතැන් ගෙන තිබූ නිසා ගමන පහසුයි . අපි මැජික් රාජධානියට යන බස් එකට නැංගා . මැජික් රාජධානිය ( Magic Kingdom ) මැජික් රාජධානිය ඩිස්නි ලෝකයේ ඉදිකළ පළමු විනෝද උයනයි. එය බොහෝ දුරට…
හරම්බේ හන්දියෙන් හැරී ඩිස්නි ලෝකයට යමු.ඉබේම වාහනය කන්දක් නගින මැග්නටික් හිල් ( Magnetic Hill) බලමුද?
ඇමෙරිකානු සංචාරයක මතකය හරම්බේ හන්දියෙන් හැරී ඩිස්නි ලෝකයට යමු. හරම්බේ ගම්මානයත් , ආනන්දපුර් ගම්මානයත් ලෝක සිතියමේ ඇත්තේ කෙන්යාවෙත් , කිලෝමීටර දහස් ගණනක දුරින් ඉන්දියාවේ…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැනඩාවේ සහය
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම පිළිබඳ කැනඩා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවත්, අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇණියට තවත් පුළුල් බඳ ගුවන් යානයක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් නිෂ්පාදිත ඒ330-243 වර්ගයේ පුළුල් බඳ සහිත (Wide…
මිසිසාගා පන්සලට අළුතින් එකතු වෙන සෑරදුන් සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන ඔබ නොඇසූ පසුබිම් කතාව
2025 මැයි මස 31 වන සෙනසුරාදා උදෑසන දී කැනඩාවේ වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානය එහෙමත් නැත්නම් කැනඩාවේ අපි පොදුවේ භාවිතා කරන…
ඇලබාමා ගඟ පතුලේ සිට පිටසක්වලට යන පාර,ලෝකයේ දිගම වහලයක් ඇති පාලම මැද දී හාදුවක් දුන්නොත්
ඇලබාමා ගඟ පතුලේ සිට පිටසක්වලට යන පාර .ඇමෙරිකානු සංචාරයක මතකය …. ඇල බාමා ගඟ පතුලේ ඇති පැතලි ගල් කාලයක් තිස්සේ…
තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ
ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක් (සංක්‍රමණිකයින් නොවන) ඇමරිකානුවන්…
වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා, වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.
නෙදර්ලන්ත සංචාරයක මතක 1…. වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා . නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්. දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා. Zaansc Schans සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා. ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්‍රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. ඒ සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා. පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්‍රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට ඒ වෙනස කියා පෑ බව කිවයුතුයි. ඒ 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්‍රයක්. ඒ පරිශ්‍රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ්‍ය නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්‍රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.…


