Categories: Travel

වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා, වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.

නෙදර්ලන්ත සංචාරයක මතක 1…. වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා . නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර  සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්.  දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා. Zaansc  Schans සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී  මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා. ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්‍රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. ඒ සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ  ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා. පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්‍රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට ඒ වෙනස කියා පෑ බව කිවයුතුයි. ඒ 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්‍රයක්.        ඒ පරිශ්‍රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ්‍ය නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්‍රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.…

Read More
Categories: Travel

මලිබු වෙරළ අද්දරදී ග්‍රීක රෝම ප්‍රතිමා අතර ගෙවුණු පැය කිහිපයක්……ගිම්හානයේ සුව විදින්නට ඊරි විල දිගේ තවත් තැන් හොයමු.

මලිබු වෙරළ අද්දරදී ග්‍රීක රෝම ප්‍රතිමා අතර ගෙවුණු පැය කිහිපයක්…… මම ගූගල් සිතියම උපදෙස් දෙන විදිහට කැලිපෝනියාවේ එක  අධිවේගී පාරකින්…

Read More
Categories: Canada News, Uncategorized

යාපනය හිටපු නගරාධිපති දොරේඅප්පාගේ මිණිබිරියක මරුට.

කැනඩාවේ මාර්කම් Markham ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩිතැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක පසුගිය 9 දා මියගොස්…

Read More
Categories: Travel

බොන් එකෝ ( Bon Echo) පලාත් උද්‍යානයේ ගිම්හාන නිවසකට යමු.ලොස් ඇන්ජලිස් නුවරදි නොමිලේ ඔබට බලන්නට පුළුවන් ග්‍රිෆිත් දුන් අපූරු තෑග්ග

…….කැනේඩියානු සංචාරයක මතකය ටොරොන්ටෝ නගරෙ ඉඳන් කිලෝමීටර් 250 ක තරම් දුරකින් පිහිටා තිබෙන බොන් එකෝ පළාත් උද්‍යානය වර්ග කිලෝමීටර 65…

Read More
Page 3 of 5
1 2 3 4 5