කොළඹ වෛද්‍ය පීඨයේ ඉති­හා­සය අලුත් කළ හෂිනි රංගිකා.

ශ්‍රී  ලංකාවේ උසස් අධ්‍යා­පන ඉති­හා­සයේ ඇතැම් නාම­යන් සදා­කා­ලි­ක­වම රන් අකු­රින් ලියැ­වෙන්නේ, ඔවුන්ගේ කැප වීම, බුද්ධි මහි­මය සහ අස­ම­සම දක්ෂතා නිසාය. නිද­හස් අධ්‍යා­ප­නයේ සැබෑ අරුත ලොව­ටම කියා­පා­මින් කොළඹ වෛද්‍ය පීඨ­යෙන් බිහි වූ ඇයද සුවි­ශේෂ තාර­කා­වකි. මේ වන විට මුළු ශ්‍රී ලංකා­වම ඇය ගැන කතා­බහ කරති. ඇය නමින් වෛද්‍ය හෂිනි රංගිකා ඈපා ආර­ච්චිය. මෑත­කදී පැවති කොළඹ විශ්ව­වි­ද්‍යා­ලීය උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී ඇය විසින් බිඳ­හෙ­ළන ලද වාර්තාව මෙරට විශ්ව­වි­ද්‍යාල ඉති­හා­සයේ සුවි­ශේෂ සන්ධි­ස්ථා­න­යකි.

MBBS පාඨ­මා­ලාව වෙනු­වෙන් පිරි­න­මන ලද සමස්ත රන් පද­ක්කම් සංඛ්‍යාව වූ 32න් අඩක්, එනම් රන් පද­ක්කම් 16ක්ම තනි­වම තමන් සතු කර ගැනී­මට ඇය සමත් වූවාය. මේ අස­ම­සම දස්ක­මට අම­ත­රව, අධ්‍ය­යන විශි­ෂ්ට­ත්වය වෙනු­වෙන් පිදෙන ගෞර­ව­නීය ‘විවෘත සම්මාන – මහා­චාර්ය තිලක් හෙට්ටි­ආ­රච්චි ශාස්ත්‍රීය විශි­ෂ්ටතා සම්මා­නය’ (Open Awards – Professor Tilak Hettiarachchy Award) දිනා­ගැ­නී­ම­ටද ඇය සමත් වූවාය. අඛ­ණ්ඩව පීඨා­ධි­ප­තිගේ ගෞරව සම්මාන ලැයි­ස්තු­වට තෝරා­ගැ­නීම, කීර්ති­මත් Mitsubishi UFJ Foundation ශිෂ්‍ය­ත්ව­යද හිමි කර­ගත් සුවි­ශේෂ සම්මා­නය. සාමාන්‍ය පවු­ලක ඉපිද දුෂ්ක­රතා දහ­සක් මධ්‍යයේ දකුණේ සිට කොළ­ඹට පැමිණ අත් කර­ගත් මේ ජය­ග්‍ර­හ­ණ­යන් පිටු­පස ඇත්තේ නිදි නොලබා වැගිරූ දහ­ඩිය කඳුළු සහ නොසැ­ලෙන අධි­ෂ්ඨා­න­යයි.

අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විද්‍යා­ලයේ ආදි ශිෂ්‍යා­වක වූ හෂිනි, 2018 උසස් පෙළින් පසු කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨ­යට ඇතු­ළත් වූ ශිෂ්‍යා­වකි. වෛද්‍ය හෂි­නිගේ මේ ස්වර්ණ­මය ගමනේ ආර­ම්භය ඉතා ප්‍රබ­ලය. 2018 වසරේ උසස් පෙළ විභා­ග­යෙන් ඇය දිව­යිනේ අග්‍ර­ගණ්‍ය ප්‍රති­ඵල අත්පත් කර­ග­ත්තාය. සිය කණ්ඩා­යමේ කීර්ති­මත් කථි­කා­චා­ර්ය­ව­රිය (Valedictorian) ලෙසද ඇය කට­යුතු කළාය. වෛද්‍ය උපාධි පාඨ­මා­ලාව පුරා ඇය දැක්වූ දක්ෂතා විස්මි­තය. අව­සාන MBBS විභා­ගය ඇතුළු වෛද්‍ය විද්‍යා ප්‍රවාහ පහම ආව­ර­ණය කර­මින් පළමු පෙළ ගෞරව සාමර්ථ්‍ය (First Class Honours) ලබා ගැනී­මට ඇය සමත් වූවාය. එප­ම­ණක් නොව; සීමා­වා­සික පුහුණු පත්වීම් සඳහා වන සමස්ත ලංකා පොදු කුස­ලතා ලේඛ­නයේ (Common Merit List) දිව­යිනේ ප්‍රථම ස්ථානය දිනා­ගැ­නී­මට ඇය සමත් වීම ඇයගේ දක්ෂ­තාවේ තරම මනාව කියා පාන්නකි.

ඇය විභාග සහ පෙළ­පො­ත්ව­ලට පම­ණක් සීමා නොවූ­වාය. පිළිකා සෛල සාම්ප්‍ර­දා­යික රසා­ය­නික චිකි­ත්සා­වෙන් විනාශ කර රෝගියා දුර්වල කර­නවා වෙනු­වට, ඒ පිළිකා සෛල යළි සාමාන්‍ය සෛල බවට පත් කිරීමේ නවීන විද්‍යා­ත්මක සංක­ල්පය වන ‘Cancer Reversion Therapy’ පිළි­බඳ පර්යේ­ෂ­ණා­ත්මක අධ්‍ය­ය­න­යක් ඇතු­ළුව, ස්ක්‍රබ් ටයි­ෆස් රෝගය හඳු­නා­ගැ­නීම (Understanding Eschar) සහ ගර්භිණී සමයේ මාන­සික ආත­තිය (Antenatal Anxiety) පිළි­බ­ඳව අන්ත­ර්ජා­තික මට්ටමේ පර්යේ­ෂණ පත්‍රිකා රැසක් සම්පා­ද­නය කිරී­මට ඇය දායක විය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංග­මයේ වාර්ෂික විද්‍යා­ත්මක සැසි­වාර ඇතුළු ප්‍රමුඛ පෙළේ සංස­ද­ව­ලදී පර්යේ­ෂණ ඉදි­රි­පත් කර ඇති ඇය, වර්ත­මා­න­යේ­දීද ඩෙංගු උණ සහ පෙණ­හලු ආශ්‍රිත අන්ත­රාල රෝග (Interstitial Lung Disease) පිළි­බඳ අඛණ්ඩ පර්යේ­ෂණ කට­යු­තු­වල නිරත වෙමින් සිටි­න්නීය.

මෙවැනි අති­දක්ෂ දරුවෝ අපේ රටට අමිල සම්ප­තකි. හෂි­නිගේ රන් පද­ක්කම් 16 පිටු­පස ඇත්තේ බොහෝ කැප­කි­රීම්ය; නිදි නැති රාත්‍රීන්ය; දහ­ඩිය, කඳුළු බිඳුය; අසී­මිත උත්සා­හ­යන්ය; මවු­පිය ආද­ර­යය; ගුරු­ව­රුන්ගේ ආශී­ර්වා­දය මෙන්ම නොසැ­ලෙන අධි­ෂ්ඨා­න­යයි.

මෙය ඇයගේ පම­ණක් නොව; සිය ගුරු­ව­රු­න්ගේද ජය­ග්‍ර­හ­ණ­යකි; උගත් පාස­ලේද අභි­මා­න­යකි. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය ඉති­හා­ස­යේද රන් සල­කු­ණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today