ඡනප්‍රියත්වයෙන් අතිශයින් අඩු මට්ටමක සිටින නමුත් ඉදිරි මැතිවරණයේදී ජස්ටින් ටෘඩෝ (Justin Trudeau), ඔහුගේ පක්ෂයට නායකත්වය දීමට රැඳී සිටිනු ඇතැයි බහුතරයක් කැනේඩියානුවන් විශ්වාස කරන බව මත විමසුමක් පවසනවා.
ඔහුගේ ලිබරල් පක්ෂය, කොන්සර්වේටිව් පක්ෂයට වඩා සැලකිය යුතු පරතරයකින් පසුකර යන බැවින් ටෘඩෝගේ දේශපාලන අනාගතය වසරකට වැඩි කාලයක සිට අවිනිශ්චිතව පැවතියා. පසුගිය ජුනි 24 දා ටොරොන්ටෝ හි පැවති අතුරු මැතිවරණයකින් ලිබරල්වාදීන්ට, බලකොටුවක් අහිමි වීමෙන් පසු පසුගිය සතියේ එම තත්වය තීව්‍ර වුනා.
පසුගිය ජූනි 28 සහ ජූනි 30 අතර පුද්ගලයින් 1,521 දෙනෙකුගෙන් අන්තර්ජාලය හරහා පවත්වන ලද මත විමසුමකින් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් දෙකක් ටෘඩෝ ඊළඟ මැතිවරණය දක්වා පක්ෂ නායකයා ලෙස සිටිනු ඇතැයි විශ්වාස කරනවා.
සමීක්ෂණයට ලක්වූ සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම කියා සිටියේ ටෘඩෝ මේ වසර අවසන් වීමට පෙර ඉල්ලා අස්වනු ඇතැයි තමන් සිතන බවත්, කම්කරු දිනය වන විට එය සිදුවනු ඇතැයි බොහෝ දෙනා සිතන බවයි.ටෲඩෝගේ ,පාර්ශවයෙන් පසුගිය බදාදා කියවුණේ ඔහු ඊළඟ මැතිවරණයේදී ලිබරල් පක්ෂයට නායකත්වය දෙන බවයි.
මත විමසුම යෝජනා කරන්නේ කොන්සර්වේටිව්( Conservative )සහ එන්.ඩී.පී. (NDP) ඡන්දදායකයින්ගෙන් විශාල බහුතරයකට – සියයට 82 කට – මීළඟ මැතිවරණයේ දී කොන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර්( Pierre Poilievre) සහ එන්.ඩී.පී. නායක ජග්මීත් සිං (Jagmeet Singh) අවශ්‍ය බවයි. නමුත් ටෘඩෝ දිගටම රැඳී සිටීමට කැමැත්ත දක්වා ඇත්තේ ලිබරල් ( Liberal) ඡන්දදායකයින්ගෙන් සියයට 63ක් පමණි.


