පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා පසුගියදා කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.

පසුගියදා ඒ මහතාගේ දේහය අවසන් ගෞරවය සදහා පාර්ලිමේන්තුවේ තැම්පත් කර තිබුනා.ඉන් අනතුරුව ආර්. සම්බන්ධන් මහතාගේ දේහය  ත්‍රිකුණාමලයට රැගෙන යාමට නියමිත අතර ඉරිදා දිනය දක්වා මහජන ගෞරවය සඳහා ඔහුගේ නිවසේ තැම්පත් කර තැබෙනු ඇත.දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන ඉරිදා සිදුකිරීමට නියමිතය.

මේ අතර ආර්. සම්පන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබෙනවා.

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *