කැනඩාවේ කවි සිතුවිලි

තනි නොකල ප්‍රේමය ක්. 

මරණය ඉදිරිපිට 

පණ යදින උන් එක්ක

දිනක් ගෙ වුනා එකට,

මා දෑස් ඉදිරිපිට,

අමරණිය ප්‍රේමය ක,

සාක්ෂි ඇද උඩක,

දියවුන ශරීරයක්,

ඉලිප්පුන ඇස් දෙකක්,

වචන නැති මුවක්,

කෙස් නොමැති හිසක්,

Roshi..Roshi.. still he is crazy.

කාත් කවුරුත් නොමැති 

තනිවු කාමරයක,

තනි නොකල ප්‍රේමයක්

බොල් හිස අතගාමින් ,

වක ගැසුණු කම්මුලට,

උනුසුම් හාදුවක් දෙමින්,

Roshi.. Roshi.. still he is crazy.

නයනා සුමිත්‍රාරච්ච්ගේ 

මිසසාගා

හිනා පිරුණු ඔබ දකින්න ගතම කලබලයි

මන්දාරම් නුවරට වැහි වහින්නට           ළඟයි

හීන පිරුණු ආකාසය හරිම              කළුවරයි

පැයූ ඉදු දුනු සැව්වේ පැහැය             දුක්බරයි

අද නම් ඔබ හමුවන්නේ නැතිම නැති    හැඩයි

දුම්බර කදු යාය මත්තෙ කෝච්චිය       හැඩයි

අපේ හිතත් යාකෙරුවේ මැණිකෙලා      තමයි

හීත සුළං පොද දැනුනම තුරුළ      උණුහුමයි

තාමත් හිත රිදුම් දෙන්නෙ ඒ           හාද්දමයි

මීදුම් තිර කඩා වැසෙන කදුත්          දුක්බරයි

නිම්න සානු මිටියාවත් හරි           හැගුම්බරයි

පැතුම් පොකුරු පිරෙන හිදෙන මසිත  චංචලයි

හිනා පිරුණු ඔබ දකින්න ගතම        කලබලයි

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

උදම් රළ

හැම අඳුරක් ම

ආලෝකයක් වුණු කාලයක්

සඳ හිරු නොපායන මුත් 

ආලෝකය පිරී ඉතිරුණු කාලයක්

සඳවත නිදි ගන්නා පැයේ දී

ඔබ මුදුන් වී අහස් කුසට

පාළොස්වක සඳක් සේ පෑයූ අයුරු මගෙ ලොවට,

අනන්තව අහස් කුස විසුළ තරු

ඕපාදූප නොසොයන්නට

නොමග යවා නිදි ගන්වා

ඔබ සඳ රැස් දහරක් සේ එවූ

සුසුම් රැළි දිය වී 

දිය කඳුරක් වී

ඒ දිය කඳුර -ඇලක් දොලක්, ගඟක් සමුදුරක් වී

කෙලවර මා වෙළාගත් 

සුනාමියක් (උදම් රළ පහරක්) මැවූ හැටි

මා ඉන් හෙම්බත් වූ හැටි

ඔබ නොනවත්වා මා වෙළා ගත් හැටි

ඒ වියරුව සඟවා සුපුරුදු ලයාන්විත සිනාව පෑ හැටි

ඒ උදම් රළ පහරට ඉඩ දී 

කැමැත්තෙන් එයට බිලි වූ හැටි

සැමරුම් නැති ඒ සුනාමියට

දැන් වසර ……..

චන්ද්‍රරත්න බණ්ඩාර

ටොරොන්ටො  නගරය

ගං කොමළිය 

ඉපදුන ගම් පියසෙ තොරතුරු     මෙසේය

ඵලබර ලියැදි එහි තැන තැන       දිසේය

අඹ දඹ දෙළුම් නාරම් පිරි           රසේය

අග හිඟ ඇතත් සිත් සැමගෙම  තොසේය

වදුලෙහි සරන මුව රංචුව           දඟේය

එය දුටු මුවඟ මල් සිනහව        නැගේය

අපෙ ගම අපට සුරපුරයක්           වගේය

සසරෙහි පිනක් කර ඇති බව     හැඟේය

සුරතල් සිඟිති ළදරුව මව         ඇකේය

නිදුකින් වසයි නැත කිසි බිය       සැකේය

දෙගුරුන් නිසා මගේ රට නිති      රැකේය

සතුටින් කියමි ගං කොමළිය       ලකේය

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *