සිංහල බ්ලොග් කවි මුතු

සමුගන්න අවසරයි

නුඹේ ලැම විසලයි

අතු ඉති පිරි සෙවන සිසිලයි

ඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයි

දළු, කොළ, මල් පල බර නැතුවයි

පුංචි ළදල්ලකට ඉඩ දුන්නා

සෙනෙහසින් හොවා කිරිකර පෙව්වා

සවිමත් හරිත පතකව වැඩුවා

සුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නා

යුතුකම් ඉටුකලෙමි නම්

අතු ඉති රිකිලි මල් පල

කොළ වඩා ගස මුල රකින්නට,

ලෝ සතාට හුස්ම බෙදන්නට

දුකක් නැත ඉතිං, සැරසෙමි සමුගෙන යන්න

එපා රන්කඳ කඳුලු සලන්න…

ගල්මල් – Coral

https://galmal.blogspot.com

අමල්බිසෝ

දළ රල පෙළ මැදින

ඔබ හසුරවයි ඔරුව,

පෙරලෙන්න නොදෙන වග

උදා ඉර ලෙස නිසැක..

සගයින්ට නැත ඉඩක්

වන්ට කිසි බිය කරුණ,

උන්ට ඇත සෙල්මුවා

රැකවරණ….

ලපටි පොඩි උන් එක්ක

වහල ඉගිලෙන පැලක,

කන්ට පිරියක් නැතත්

බැත උයා පිරිමසමි…

හසුවේද රනින් කල

මසෙක් – මා නැති දොහට?

රන් පොරව පිරික්සුම

නිසැක දිනනා උඹට,

මවාවිද කාසිපොදි ,

දෙවියන්ට හිතු ලෙසට ?

ගින්දරයි

මගේ පපුව!

මාළු ඇඹුලෙන් හදා

සම්බෝල ඔතාදෙමි,

ඒ උනත් මම උඹට…

මන්ජි

https://kadadasikole.blogspot.com

ඒ පෙම් යුවළ සහ මම

ඒ පෙම් යුවළ සහ මම

තද බද දුම්රිය මැදිරියේ හරි මැද

රිදී කණුවක දැවටීගෙන…

තුන්කාන්සෙන් ගලන

දාඩිය බිඳිති පිස දම දමා

මම…

‘මේ මෙතැන හරි දාඩිය

ඉන්නට අමාරුයි මට‘

මුමුණයි ඈ හෙමිහිට

සුදු සැරයටිය මිටි කොට අතට…

දිග හැර අත්වාරුව

ඇන මැන පා පුවරු සීමාව

ඔහු අමතයි ඇයට…

‘එන්න මේ මෙතැනට

හරි සනීපයි මෙතැන

හුළං හමනව ජයට‘

දිගු කොට සුදු සැරයටි මිට

කැඳවයි ඈ පා පුවරු අගිස්සට

ඒ රිදී කණුවට…

ඉනික්බිති ඒ පෙම් යුවළ

ඉසුරුමුණි ප්‍රේමය පරයන

සිනා ඉහිරුණු මුහුණු

හරව හරවා ඒ මේ අත…

‘ඔහ්… බලාගෙන ඔය ඔතන

හරිම අවදානම්‘

හිතින් හිත හිත මම

දාඩිය බිංදු පිහ පිහ

තදබද මැදිරියේ හරි මැද

රිදී කණුවේ එල්ලීගෙන

තනියම….

( කෝච්චි කවි )

තරුර​සී

https://tharurasi.blogspot.com

සැඟව අත වැනුව මල !

වසා මා දෑස

මල පෙනී මතුව

මදනලට නතුව

නොපෙනි ගියෙ සැඟව…..

දිවගියද එනවිට

පැන නොදුවා ඉවතට

සිටයෙ මට නෙලුමට

සසර තුල ආ මතකෙට…….

පිබිද මා නැවත

සොයා ගත් පසුව

මෙතෙක් මා සසර

එයයි පැතු දසුන……..

සගන්ධය විඳිමි

රුව  නිබඳ දකිමි

දුටුව නෙත අවදිවන

මලකි එය අනගි………

සියළු බැමි අතර

මල සැලේ නිබඳ

බැඳලන්න  හැකිවේද

විඳින එහි සුවඳ………….!

තට්ටයාගේ කොලම 

https://thattayagekolama.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *