
වොෂින්ටන් හි පැවති ‘ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහය’ අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා ලැබූ 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන්ට (Cole Tomas Allen) එරෙහිව වොෂින්ටන් ෆෙඩරල් අධිකරණයේදී නඩු පවරා තිබේ.
කැලිෆෝනියාවේ සිට පැමිණි පරිගණක විද්‍යා පශ්චාත් උපාධිධාරියෙකු වන මොහු, ජනාධිපතිවරයාව “ද්‍රෝහියෙකු” ලෙස හඳුන්වමින් ප්‍රහාරය එල්ල කිරීමට පෙර සිය ඥාතීන්ට විද්‍යුත් තැපෑලක් ද යවා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
ඔහු සන්තකයේ තිබී වෙඩි බෙහෙත් තුවක්කුවක්, අත් තුවක්කුවක් සහ පිහි තුනක් සොයාගෙන ඇති අතර වැරදිකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වීමට ඉඩ පවතී.
ඔහු පසුගිය සඳුදා පළමු වරට අධිකරණයේ පෙනී සිටියේය. “ඔහු උත්සාහ කළේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඝාතනය කිරීමටයි,” යැයි පැමිණිල්ල මෙහෙයවන ජොසලින් බැලන්ටයින් පවසා ඇත.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්කාලීන පොලිස් ප්‍රධානියා අනාවරණය කර ඇත්තේ සැකකරු හෝටලයේ ආගන්තුකයෙකු බවයි.
ඒ අනුව සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නම් පුද්ගලයෙකු බවද මේ වන විට අනාවරණය වී ඇත.
සැකකරු දකුණු කැලිෆොනියාවේ ගුරුවරයෙකු සහ වීඩියෝ ක්‍රීඩා සංවර්ධකයෙකු ලෙස සේවය කර ඇතැයිද ඔහු උපකාරක සමාගමක අර්ධකාලීන ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.
එමෙන්ම අදාළ උපකාරක සමාගමේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මාසයේ ගුරුවරයා ලෙසද ඔහු නම් කර ඇති බවත් මේ වන විට විමර්ශනවලන් හෙළිව ඇත.
වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා පැවසුවේ අත්තඩංගුවට පත්වීමෙන් පසු සැකකරු මේ වන විට අසල රෝහලක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලැබූ බවයි.
මේ අතර අනාවරණය වනුවේ සැකකරු හෝටල් පරිශ්‍රයට තුවක්කු සහ පිහි කිහිපයක්ද රැගෙන ගොස් ඇති අතර වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
මෙම සිද්ධියෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමකදි පවසා ඇත්තේ උත්සවය සහභාගී වීමට පෙර තම කණ්ඩායම කිසිදු ආරක්ෂක තර්ජනයක් පිළිබඳව දැන නොසිටි බවය.
කෙසේ වෙතත් සැකකරු කණ්ඩායමක් නොව තනි පුද්ගලයෙකු බවත් ට්‍රම්ප් මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් වෙත පවසා තිබේ.
මේ අතර අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ඉක්මනින් චෝදනා ගොනු කරන බව එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් සඳහන් කර තිබේ.


