ඒ හින්දා මගෙ මැණික ඔයා…. හිනාවෙලාම ඉන්න…..

මම යනවා.
යන්නම යනවා.
මේ හුස්ම තව ටිකකින් නතර වුණාම…
ආයෙත් නොඑන්නම යනවා..
මම දන්නවා මැණික…
ඔයාට ඒක දරාගන්නබැරි බව..
ඒත්..
ඒත් කවදාක හරි අපිට යන්නම වෙනවා….
ඒ ඇත්තට මුහුණ දෙන්න වෙනවා…
ඉතින්….
ඔය ලස්සන ඇස් දෙකට
උණු කඳුළුනම් ගැළපෙන්නෙ නෑ..
අවසාන මොහොතටත් මට ඕනෙ…
ඔයාගෙ ඒ ලස්සන හිනාව දැකලම යන්න…
ඒ හින්දා ….
මගෙ මැණික
ඔයා
හිනාවෙලාම ඉන්න…..
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
ඒ අසුන මඟ හරින්නේම ඒකද

ඒ අසුන ඔබට
මඟ හැරුනේ කොහොමද?
ඔබ නමින් මම
හිතින් වෙන් කළ
ඒ හිඩැස ඔබ
නොදැක්කේ කොහොමද?
දිගු නොමැති, අපිලිවෙළ
ඇහිබැමට යටින් වන
ගිලුණු ඇස් පුංචි කර
ඔබට පා කළ ඉඟිය
මඟ හැරුණේ කොහොමද?
නා දල්ලක නොවන
අව පැහැති දෙතොලකින්
“ආදරේයි මම” කියන්නම බැරිද
ඔබට ඒ හඬ ඇහෙන්නේම නැතිද?
රෝස පෙති මත ලියන්නම ඕනේද?
කවියක් උනත් දකින්නේ එහෙමද?
තෝඩු පැලඳියම යුතුමද?
ආදරේටත් මොස්තර ඕනමද?
සඳට කවි ලියන නුඹේ ඔය හිත,
සඳක් නොපතන්නේ නොමවේද?
ඉතිං මහ අරුමයක්මද
ඒ අසුන නුඹ මඟ හරින එක.
කවියෙක් එක්ක තාලෙට
කවිකමට පය තියන්නම බැරිද?
දැක දැකත් නොදැක ඔබ
ඒ අසුන මඟ හරින්නේම ඒකද?
හුදකලාවේ ලියු කවි
https://hudakalakavi.blogspot.com
අවසන් නොකළ චිත්‍රය

තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි
නොදුටුවේද රන් පැහැති තිරිඟු
සුළඟට වැනෙනා අයුරු
තෙලි තුඩින් නිම වූ
ගෙඩි පිරුණු ප්ලම් ගස
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා
කහ පැහැයෙන් පිරිපුන්
සුරියකාන්ත මල් කිනිති
මවයි දසුනක්
සිත් වසඟකරවනා
රාත්‍රිය එළඹී ඇත
විහිදේ චන්ද්‍ර කාන්තිය
අහසේ දිලෙයි තරුකැට
මවමින් විසිතුරු රටා
මළානිකවූ ලන්තරුමේ පිහිටෙන්
රුදුරු කුසගිනි නිවාගන්නට
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන්
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත්
තම තෙලිතුඩින් නිමකළ
අසමසම චිත්‍රයනට
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්‍රයන්
ඇළුම්කලේද ඔහු හට
සිත්තරෙකුගේ ඉරණම
මෙතරම් කටුක වුයේ මන්ද
අහෝ වැන්ගෝ මිතුර
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය
අවසන් නොකළ චිත්‍රයක් සේ
වෛද්‍ය රුවන් එම් ජයතුංග
https://transyl2014.blogspot.com
මෙලෝ රහක් නැති බස්සෙකුගේ ගීතය….

කන්ද උඩින් අටවක සඳ හිනා වෙනව මෝදුවෙන්ඩ
රෑන් පිටින් පාත්තයන් පියාඹනව කූඩුවෙන්ඩ
අඬති ළමා බසුපැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ
එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ
මිඳුල පුරා රැස් මාලා අටවක දා හීන් හඳේ
බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ
ගොපළුන් පිඹින නළාවේ
සුමිහිරි සත්සර පාවේ…
පිදුරු පියස්සේ තැවරෙන කළාමැදිරි කාන්තියේ
නිවී පහන්වී දුරු වෙයි සෝක තැවුල් කාන්සියේ
හිම කැට මිදෙන හීතලේ
හීතළ නොමැත රෑ පැලේ
බකමූණු කතා


