කැනඩාවේ කවි සිතුවිලි

පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය 

ශ්වේත රාත්‍රිය, පවනින් සිත සුවපත්           කල

ඔබේ ගීත ඔසු ගොන්නකි අප හදවත්        තුල

ඇහෙන, අහන්නටම ලැබෙන ගී නද පොදි  තුල

හිතට කතා කරන හඬයි ඇත්තෙම නද     තුල

ආදරයේ වේදනාව, අහස සේම                මට

හද විල කැළඹු දවසේ චන්ද්‍ර මඩුළු           යට

බුදු කරුණා දෙනෝ දහක් කප් සුවහස්       යට

කලා වැවෙන් ගත් දිය ඇත තවමත් හිත්     යට

ගලන ගඟකි ජීවිතේම කියලා               කිව්වට

හඬ නිහඬයි යන්න ගිහින් අරලිය          ලන්දට

දෙනෝ දහක් රසික පිරිස හලන කදුළු       කැට

මැද්දෙත් අද නෙවෙයි හෙටත් ඔබ ඇත හිත යට

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

අතිත මතක..

සිතල දියඹ..

මා තනිකල..

කදුළු තරමට..

ලුණු රස..

ඇමතුමක් ..

නැති..

දමා ගිය..

අතිත මතක..

හුදකලා..

වැලි කතර..

ලිහිණියේ..

හඹා යන සිහිල් සුළං..

හුරුවෙයන්..

අපුරු පාඩම..

මතක ..

පෙර නිමිති..

වළාකුළු අතරින්..

දකින්න..

සද දෙවි දුවක්..

ආදරය කල..

නොකා රස බැලු..

දඩයමින් ම්දි..

නුඹ හැර..

මා ..

දුරක..

මේ සසර නො දකින..

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

වින්දේ සිතිනි සිහිනෙන් ගෑ සුවඳ හදේ..

පිබිදුන කුසුම් නෙක පාටින් ලෙලෙන     හැටි

මනසින දකිමි මතුපිට රැදි තුෂර         කැටි

සවනත පිනයි බඹරුන් නද අවට          සිටි

දැකුමට වරම් නැති ලැබු දිවි ගමනෙ  කෙටි

පාසැල වෙත ඇදෙන හුරතල් සිඟිති      රැල

වාගෙලු ගගන තල රඟනා සකුණ        කැල

ගීතය හද පිනයි දැකුමට නොහැකි       කල 

මා ළය නිති පෙළයි වැලපෙනු කුමට      පල

ගත දැවටෙනා සිහිලැල් මද පවනෙ       රඟ

ලෙලදෙන මයුර පිල් බඳු නිල් වරලෙ       දඟ

හද පොපියනා සුසුමෙහි රැඳි සුවඳ       ළඟ

හැඩ කර ගලන සිතිවිලි ගඟ නොවේ     හිඟ

හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත        එකසේ

ලතවුනි දිය බිඳිති දැහනට සම        වැදිසේ

සියොළඟ සලිත කර මිහිමත සිප      රිසිසේ

නද නගමින්ම මහ වැසි උපදින         විලසේ

ලන්දේ කැකුළු වතු සුදු මල් පිපෙන       උදේ

කන්දේ ලැහැබෙ විහඟුන් ගී ගයන        ලදේ

පිම්මේ ඇඳෙන මුව පැටවුන් මවන       නදේ

වින්දේ සිතිනි සිහිනෙන් ගෑ සුවඳ          හදේ

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

මතක පොත

ඇඳුරු ආකාසේ

දිගහැරුණු එක් කොනක,

මතක පොත වසන්නට

තව බොහෝ කරුණු ඇත…

සංසාරේ දිගු ගමනේ

හමුවුන මිනිසුන් අතර,

මතකයෙන් මකන්නට,

කමක් ඇති චරිත ඇත.

සමහරුන් පැමිණියේ,

මල් සුවඳ අතින් ගෙන,

සමහරුන් හැර ගියේ

දුක් කදුලු ඉතිරි කර,

රිදුම් දෙන පිටු අංක

පොතින් මා ඉවත් කොට,

මතක පොත වසන්නට

කාලය පැමිණ ඇත.

නයනා සුමිත්‍රාරච්ච්ගේ 

මිසසාගා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today