ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කය සමඟ නව ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කය සමඟ නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම “ඓතිහාසික ජයග්‍රහණයක්” ලෙස ප්‍රකාශ කළද, මීට පෙර සිටම දෙපාර්ශ්වය අතර වසර 75 ක් පැරණි ආරක්ෂක ගිවිසුමක් ක්‍රියාත්මක විය. එසේ නම්, මෙම නව ගිවිසුම හරහා ඇත්ත වශයෙන්ම වෙනස් වී ඇත්තේ කුමක්ද?

නිව්යෝක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී අත්සන් කරන ලද මෙම නව ගිවිසුම, විශේෂඥයන් විසින් “එක්සත් ජනපදයට මධ්‍යස්ථ ප්‍රගතියක්” ලෙස හැඳින්වුවද, ට්‍රම්ප්ගේ කලින් කරන ලද දැඩි ප්‍රකාශ සහ තර්ජන නිසා නේටෝ (NATO) මිත්‍ර රටවල් සමඟ ඇති සබඳතාවලට බරපතළ හානි සිදුව ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.


1951 වසරේ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම යටතේ ඇමරිකාවට එරට කඳවුරු පුළුල් කිරීමට මීට පෙර සිටම අයිතිය තිබුණි. කෙසේ වෙතත්, නව ගිවිසුම යටතේ නර්සාර්සුආක් (Narsarsuaq) සහ මෙස්ටර්ස්විග් (Mestersvig) යන ප්‍රදේශවල නව හමුදා කඳවුරු දෙකක් විවෘත කිරීමට සැලසුම් කර ඇත.

රුසියාව සහ චීනය වැනි විදේශීය ප්‍රතිවාදීන්ට ග්‍රීන්ලන්තයේ හමුදා කඳවුරු පිහිටුවීම නව ගිවිසුමෙන් නිල වශයෙන් තහනම් කර ඇත. කෙසේ වෙතත්, නේටෝ සාමාජික රටක් වන ග්‍රීන්ලන්තයේ එවැනි විරුද්ධවාදී කඳවුරු පිහිටුවීම මීට පෙර ද ප්‍රායෝගිකව සිතිය නොහැකිත්තක් වූ බව විචාරකයෝ පවසති. දැන් එය නිල වශයෙන් ලියවිලිගත කර ඇත.

තීරණාත්මක යටිතල පහසුකම් සහ ඛනිජ කැණීම් අංශවල අනෙකුත් භූ-දේශපාලනික ප්‍රතිවාදීන්ගේ ආයෝජනවලට එරෙහිව නිෂේධ බලයක් (veto power) භාවිත කිරීමට ඇමරිකාවට මෙමඟින් හැකි වේ. එහෙත් ප්‍රායෝගිකව ග්‍රීන්ලන්තයේ දැඩි භූගෝලීය හා පාරිසරික බාධක හේතුවෙන් මෙහි ක්‍රියාත්මක වීමේ අපහසුතා පවතී.

මෙම ගිවිසුමට නිශ්චිත අවසන් දිනයක් නොමැති අතර, අනාගතයේදී ග්‍රීන්ලන්තය ස්වාධීන රටක් බවට පත් වුවහොත්, ඔවුන් දිගටම නේටෝ සංවිධානය තුළ රැඳී සිටිමින් මෙම ගිවිසුමේ වගකීම් භාර ගැනීමට එකඟ වී තිබීම විශේෂත්වයකි.

ඩෙන්මාර්ක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන මික්කෙල් රුන්ජ් ඔලේසන් සඳහන් කරන්නේ මෙය ඇමරිකාවට මධ්‍යස්ථ ප්‍රගතියක් වුවද, ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කය සමඟ පැවති යහපත් සබඳතාවලට යම් බලපෑමක් එල්ල කරමින් සිදුවූවක් බවයි. කෙසේ වෙතත්, අවසානයේදී සියලු පාර්ශ්වයන් මෙම ගිවිසුමඅත්සන් කිරීමට එකඟ වීම කලාපීය ආරක්ෂාවට වාසිදායක වන බව අත්ලාන්තික් කවුන්සිලයේ විචාරකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …