
රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට (PSTA)සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයක් පසුගිදා පොල්දූව මංසන්ධියේදී පැවැත්වේ.
මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියේ පොලිස් ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබිණි.
පොල්දූව මංසන්ධියේ ඇරඹි ජන අරගල විරෝධතා පාගමන මේවන විට පාර්ලිමේන්තු පිවිසුම දෙසට ගමන් කිරිමටද කටයුතු කර තිබිණි.
මේ අතර විරෝධතාවයේ නිරත පිරිසට පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් (Protection of the State Terrorism) කෙටුම්පත වහා ඉල්ලා අස් කර ගන්නා ලෙස රජයට බල කරමින් , කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයින් සහ වෘත්තීය සමිති එක්ව පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයක් පසුගියදා කටුනායක ඇවරිවත්ත නගරයේ දී පැවැත්වුණා.
රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පවසමින් නව පනත ගෙන ඒමට සූදානමින් සිටින බව එහිදී විරෝධතාකරුවන් සඳහන් කළා.
ආරක්ෂක ලේකම්වරයාට පැවරෙන බලතල, අධිකරණයේ අවසරයකින් තොරව අත්අඩංගුවට ගැනීම සහ විවිධ සංවිධාන තහනම් කිරීමට හැකි වගන්ති මෙම පනත තුළ අන්තර්ගත බව මෙම විරෝධතාකරුවෝ මෙහිදී පැවසුවා.
එසේම එළැඹෙන 2027 වසරේ දී G.S.P.+ සහනය අවසන් වීමට නියමිත අතර , එම සහනය අහිමි වුවහොත්, ඇගලුම් ක්ෂේත්රයේ රැකියා 74,000 ක් අවදානට ලක් වන බව ද විරෝධතාකරුවෝ සඳහන් කළා.


