Blog

Categories: SL Political Summary

UNP පාර්ලි­මන්ට් ලීඩ­ර් කවුද ? රනිල්ගෙන් හෙලිදරව්වක්.

දේශ­පා­ලන ක්ෂේත්‍රයේ පසු­ගිය සතියේ වැඩි­පුර උණු­සුම් වූයේ දිය­ව­න්නාව පැත්තෙනි. ඊට හේතුව, පසු­ගිය සතියේ පාර්ලි­මේ­න්තුව රැස්වී­මයි. විවිධ මාතෘකා ඔස්සේ විරුද්ධ පක්ෂය…

Read More
Categories: Short Stories

සිංහල කෙටිකතාව – සල් , ජීවන කතන්දර- ‘අලුත් මිස්ගේ’ පුහු ආඩම්බරය තුනී වුනු හැටි , පරිවර්තිත කෙටිකතාව – සොහොයුරෝ

සිංහල කෙටිකතාව සල් නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ…

Read More
Categories: Travel

රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යමුද ?Fall Colors ( Colours) බලන්න Arrowhead පළාත් උද්‍යානයට යමුද ?

ජර්මන් සංචාරයක මතකය…. වෝල්ට් ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්‍රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්‍යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල Neuschwanstein castle නිසා. ජර්මනියට යන කවුරුත් වගේ අමතක නොකර රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යන්නේ ඒ නිසා.   අපේ යුරෝපා චාරිකාවේ ස්විස්ටර්ලන්තයෙන් පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ ජර්මනියට. මුලින්ම අපි ආවෙ හොදින්ම ජර්මන් ගති ලක්ෂණ තිබෙන  Baden Baden නගරයට. Baden Baden ස්විස්ටර්ලන්තයේ සහ ඔස්ට්‍රියාවේ තියෙන  Baden කියන නගර එක්ක පටලැවෙන හින්ද මේ නගරයේ නම දෙසැරයක්  Baden Baden විදිහට නම් වෙලා තියෙනවා. ස්විස්ටර්ලන්තයේ ගිනි ගණන් වලට දේවල් ගත්ත අපට ඉතාමත්ම පහසු මිලකට ජර්මන් කෑම ගන්න පැරණි නගරයේදී පුළුවන් වුනා. වාහන ගමනාගමනය සීමා කරලා තියෙන මේ පැරණි නගරය සේයාරූ සදහා පසුතල රැසක් මවනවා. විශේෂයෙන්ම කඩමණ්ඩිය කොනේ තියෙන වතුර මල. ප්‍රංශයට ලගින් තියෙන මේ නගරය ජර්මනියේ  Black Forest කදු මායිමේ තියෙන නගරයක්. අපි ආයෙමත් රථයට නැග්ගා. අපේ ඊළග නැවතුම  Cuckoo ඔරලෝසුවලට ජනප්‍රිය ජර්මන් නගරයක් වන St Goar. Cuckoo Clocks දොර ඇරගෙන කූඩුවෙන් එලියට එන කුරුල්ලෙක් නගන කුරුළු හඩක් පැය භාගයකට වරක් නාදවන අතින් ඇදල දුනු මතට එකතුකරන බලයෙන් ක්‍රියාත්මක වන මේ සුවිශේෂී ඔරලෝසු වලට ජර්මනිය මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව වගේ යාබද රටවලදී දකින්නට ලැබුණත් නියම ඔරලෝසු තිබෙන්නේ මේ Black forest ප්‍රදේශයේ කියලයි කියන්නෙ. අපි එවැනි ඔරලෝසු නිෂ්පාදනාගාරයක් බලන්න ගියා. බලන්න එපායැ තියෙන ඔරලෝසු කන්දරාව. ජර්මන් සම්ප්‍රදායික ඇදුමින් සැරසුණු ගැමියන් , පරිසරය විදහා දැක්වෙන කුඩා කැටයමෙන් පිරි අගනා ඔරලෝසු විවිධ මිල ගණන් වලට එතැන තියෙනවා. මේ ඔරලෝසු වල ඉතිහාසය 16 වන සියවස තෙක් දිවයනවා. පසුම්බියට සරිලන මුදලකට තිබ්බ ඒ වගේ යාන්ත්‍රික ඔරලෝසුවක් ගත්තෙ සිහිවටනයක් විදිහටයි. …

Read More
Categories: Community

” ආදරණීය සැඳෑවක්” බන්දුල කුරුවිට ආරච්චි ප්‍රණාම උත්සවයේ සේයා රූ මතක

බන්දුල අයියාට ටොරොන්ටෝවේදී පිදුනු  මල් පොකුර,  ” ආදරණීය සැඳෑවක්”  බන්දුල ජයන්ත කුරුවිට ආරච්චි කියල කියන්නේ ටොරොන්ටෝ නගරය ආශ්‍රිත ශ්‍රී ලාංකික…

Read More
Categories: Kavi, පරිවර්තන කවි

පරිවර්තන කවි

මළගම ප්‍රියයමා නික්ම ගිය දිනකමල්මාලාවෙන් සරසන්න දොර පියසමංගල්‍යයකට මෙන් නිවෙස් වලින් පිටතටකැඳවාගෙන විත් මිනිසුන්නටන්න මාවත් දිගට මනාලියක් සේ පේවීමරණය පැමිණි…

Read More
Categories: SL Specials

සාහිත්‍ය මාසයේදී වාර්ෂිකව පිබිදෙන Colombo International Book Fair

ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංග්‍රීසි ජාතික පඬිවරයා විසින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රකාශයට පත්කළේ මීට සියවස් ගණනාවකට පෙර යි. එලෙස බේකන්…

Read More
Page 94 of 234
1 … 92 93 94 95 96 … 234
Total visits … Today …