
කැනඩාවේ ක්‍රිකට් පරිපාලනය තුළ බරපතළ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් වීමෙන් පසුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මෑතකදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවති T20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩාව සහ නවසීලන්තය අතර තරඟය අතරතුර තරඟ පාවාදීමක් පිළිබඳ සැකයන් මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
කැනඩාවේ ක්‍රිකට් පරිපාලනය විසින් ‘දූෂණය, අපරාධ සහ ක්‍රිකට්’ නම් වාර්තා චිත්‍රපටයක් කැනඩාවේ මහජන විකාශක හරහා හෙළිදරව් කිරීමෙන් පසු ගෝලීය ක්‍රිකට් ප්‍රජාව කම්පා විය.එම වාර්තා චිත්‍රපටයට අනුව, නවසීලන්තයට එරෙහි තරඟයේදී කැනේඩියානු නායක දිල්ප්‍රීත් බජ්වා යැවූ පස්වැනි ඕවරය පරීක්ෂාවට ලක් කෙරේ.
ලෝක කුසලානය ආරම්භ වීමට සති තුනකට පෙර නායකයා ලෙස පත් කරන ලද 22 හැවිරිදි බජ්වා අර්ධකාලීන දඟ පන්දු යවන්නෙකි.ඔහු එම ඕවරය ආරම්භ කළේ නෝ-බෝලයකින් වන අතර වයිඩ් එකක් ඇතුළුව මුළු ලකුණු 15ක් ලබා දුන්නේය.එම නිශ්චිත ඕවරයේ ක්‍රියාකාරීත්වය සහ ක්‍රීඩාවේ තත්ත්වයන් මත පදනම්ව දූෂණයක් සිදුව ඇති බවට සැක කෙරේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කණ්ඩායම දැනට බජ්වාගේ ඕවරය සහ කැනේඩියානු ක්‍රිකට් තුළ අනෙකුත් දේශීය තරඟාවලි පිළිබඳ සමීප පරීක්ෂණයක් පවත්වමින් සිටී.මෙම දූෂණ මාලාව ක්ෂේත්‍රයට පමණක් සීමා නොවේ.
කැනඩාවේ හිටපු පුහුණුකරු කුරාම් චොහාන්ගේ ශ්‍රව්‍ය පටයක් ද මතුවී ඇති අතර, එහි ඔහු කියා සිටින්නේ ජ්‍යෙෂ්ඨ මණ්ඩල සාමාජිකයන් තමන් කැමති ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා ලෙස තමාට බලපෑම් කළ බවයි.
තවත් හිටපු පුහුණුකරුවකු වන පුබුදු දසනායක ද 2024 ලෝක කුසලාන කණ්ඩායම තෝරා ගැනීමේදී මණ්ඩලය මැදිහත් වූ බවත්, ඔහු ඊට අනුකූල නොවන්නේ නම් තමාව සේවයෙන් පහ කරන බවට තර්ජනය කළ බවත් හෙළිකර තිබේ.කැනඩාවේ ක්‍රිකට් පරිපාලනයට එරෙහිව දසනායක දැන් නඩුවක් ගොනුකර ඇත.කැනඩා ක්‍රිකට් හි පරිපාලන තත්ත්වය ද අවුල් සහගත බව පෙනේ.
සොරකම් හා වංචා චෝදනා මත හිටපු ප්‍රධාන විධායක නිලධාරී සල්මන් ඛාන් ඉවත් කරන ලද අතර, ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ලෝක කුසලාන ත්‍යාග මුදල ලබා ගැනීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදු විය.
තවද, සංවිධානාත්මක අපරාධ සහ බිය ගැන්වීම් කැනේඩියානු ක්‍රිකට් සමඟ සම්බන්ධ කරන වාර්තා ඇති බැවින්, එරට පොලිසිය මේ කාරණය විමර්ශනය කළ යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතා ඒකකයේ ප්‍රධානී ඇන්ඩෲ එෆ්ග්‍රේව්, චෝදනා පිළිබඳ දැනුවත් බව තහවුරු කළ අතර, ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා විශ්වාසදායක සාක්ෂි හමු වුවහොත් දැඩි පියවර ගන්නා බව පැවසීය.


