


කැනඩාවේ ඔටාවා අගනුවර නගරාධිපතිවරයා විසින් 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඔටාවා නගරාධිපති Mark Sutcliffe විසින් “එකට එක්වූ විශ්වීය අයත් වීමේ හැඟීමක් ගොඩනගමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන ආරම්භ කර ඇත.
මෙම අවස්ථාවේ ජාතික වැදගත්කම තහවුරු කරමින් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි විසින්ද නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, බෞද්ධ උරුම මාසය සියලු කැනේඩියානුවන්ට බෞද්ධ ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ ඉගෙන ගැනීමට වටිනා අවස්ථාවක් සපයන බවයි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ විසිත සිරින් ලීලාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද e-6893 පෙත්සම මගින් මෙම ඉල්ලීම මෙහෙයවා ඇති අතර, එයට 3,100කට අධික පිරිසක් අත්සන් තබා තිබේ.
මෙම පෙත්සම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී Jenna Sudds මහත්මිය අනුග්‍රහය දක්වා ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ ලීලාරත්න මහතා, “ඔබගේ කරුණාව මෙම දැක්ම සියලු කැනේඩියානුවන්ට යථාර්ථයක් බවට පත් කළේය” යනුවෙන් කෘතඥතාව පළ කළේය.
මෙම ප්‍රකාශයට පත්වීම ඔහුගේ දිගුකාලීන උත්සාහයක ප්‍රතිඵලයකි. ඔහු Vesak in Ottawa, Sirin Park Eco Tour සහ Buddhist Embassy Canada යන ආයතනවල නිර්මාතෘ සහ සභාපතිවරයාද වේ. මෙම අදහස මුලින්ම 2017දී කැනඩාවේ 150 වැනි සංවත්සරය සමයේදී ඉදිරිපත් කර තිබුණි.
දැනටමත් කැනඩාව තුළ හින්දු, සික්, ඉස්ලාම් සහ යුදෙව් ආගමික ප්‍රජාවන් සඳහා උරුම මාස පිළිගෙන ඇති අතර, බෞද්ධ උරුම මාසයක් ජාතික මට්ටමින් පිළිගැනීමත් සමඟ කැනඩාව එවැනි පිළිගැනීමක් ලබාදෙ
නිරෝධ කාරියවසම්



‘වෙසක් ඉන් ඔටවා’ වැඩසටහනෙහි නිර්මාතෘ සහ Buddhist Embassy® මගින් බෞද්ධ සන්නාම තානාපති ලෙස නම් කරන ලද විසිත ලීලාරත්න මැතිතුමා විසින් කැනඩාව තුළ බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක කොට තිබෙනවා. එහි ප්‍රමුඛතම කාර්ය්‍යක් වන්නේ ඔහු විසින් කරන ලද යෝජනාවකට අනුව සෑම වර්ෂයකම මැයි මාසය කැනඩාව තුළ බෞද්ධ උරුම මාසය ලෙස නම් කිරීමට පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ගය.
2013 දී වෙසක් දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සහ 2026 මැයි මාසය නිල වශයෙන් “බෞද්ධ උරුම මාසය” ලෙසද කැනඩා ඉතිහාසයේ පළමු වරට ප්‍රකාශයට පත් කිරීමේ උදාර කටයුත්තට දායක වූ කැනේඩියානු බෞද්ධ සහ අබෞද්ධ සියලුම අයට ස්තුති කිරීමයි මෙම ලිපියේ අරමුණ.
කැනඩාවේ බෞද්ධ කාර්යාලයේ {(Buddhist Embassy®️) බෞද්ධ ධර්ම දූත Visita Sirin Leelaratna- (Buddhist Heritage Ambassador, Buddhist Embassy® Canada)} විසිත සිරින් ලීලාරත්න මහතාගේ නොපසුබට කැපවීම මත, ඔටවා නගරය විසින් 2013 දී ඉතිහාසයේ පළමු වරට වෙසක් දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලැබුවා. ඉන්පසුව, 2026 මාර්තු මස දී, මැයි මාසය නිල වශයෙන් “බෞද්ධ උරුම මාසය” ලෙසද ප්‍රකාශයට පත් කිරීම කරනු ලැබුවා. මේ ඓතිහාසික සංසිද්ධීන් කැනේඩියානු බෞද්ධයින් විසින් ලබා ගත් අති විශාල ජයග්‍රහණයන් ලෙස සලකන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ ලීලාරත්න මහතා, කැනඩා ඉතිහාසයේ මෙවැනි ප්‍රථම ප්‍රකාශනයක් ඉල්ලා ඉදිරිපත් කළ e-6893 පෙත්සම මෙහෙයවූ අතර, ඒ සඳහා 3,100කට අධික පිරිසක් අත්සන් තබමින් ලක්ෂ තුනහමාරකට අධික කැනේඩියානු බෞද්ධයන්ගේ හඬ නියෝජනය කිරීම ඔහු පෞද්ගලිකව සාක්ෂාත් කරගත් දෙයක් පමණක් නොවේ. එය කැනේඩියානු බෞද්ධයන් සැමගේ ශ්‍රේෂ්ඨ අරමුණක් ඉටුවීමක්. අත්සන් 500 ක් අවශ්‍ය වූ මෙම පෙත්සමට අත්සන් 3000 කට වඩා ලැබීම ඉතාමත් ජයග්‍රහණයක් ලෙසයි විසිත ලීලාරත්න මහතා සලකන්නෙ. මෙම පෙත්සම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනා සඩ්ස් (MP Jenna Sudds) මහත්මිය අනුග්‍රහය දැක්වූ අතර, ඔටවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් (Mark Sutcliffe) මහතා විසින් මේ සඳහා වන නිල ප්‍රකාශනය පිරිනමනු ලැබුවා.
මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස නම් කිරීම තුළින් එම මාසය තුළ බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා නිල රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට හැකි වීමයි මේ තුලින් බෞද්ධයින් මුදුන් පමුණුවා ගනු ලැබුයේ. මෙම ඓතිහාසික ජයග්‍රහණය පදනම් කරගනිමින්, ශ්‍රී ලාංකික ප්‍රජාව හට මෙහි ඇති වටිනාකමත්, ශ්‍රී ලංකාවෙහි සංචාරක ව්‍යාපාරය යුරෝපය තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා බුදු දහම යොදාගත හැකි ආකාරයත් ලීලාරත්න මහතා හදුනාගෙන තිබෙනවා. එහි එක් පියවරක් ලෙස ලීලාරත්න මහතා දැන් ගෝලීය බෞද්ධ උරුම තරුණ සභාවේ – Global Buddhist Heritage Youth Council (GBHYC) – ආයතනික පුහුණු වැඩසටහන දියත් කර තිබෙනවා. මෙය සිසුන් සහ මෑතකදී උපාධිය ලැබූ තරුණ තරුණියන් ඉලක්ක කරගත් ජාත්‍යන්තර වැඩසටහනක් වන අතර, නායකත්ව කුසලතා, සංචාරක කර්මාන්තය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා, ගෝලීය සබඳතා සහ මූල්‍ය සහාය ඔවුනට ලබා දීමයි මෙහි අරමුණ.
“තරුණයෙනි — මෙය ඔබගේ කාලයයි, අප සැම එක්ව අඛණ්ඩව ඉතිහාසය ශ්‍රේෂ්ඨ සහ සාරවත් කරමු” යැයි ලීලාරත්න මහතා ඉතා අවධාරණයෙන් පැවසුවා.
ගෝලීය වශයෙන් US$ බිලියන ගණනක ආදායමක් උත්පාදනය කරන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනිමින්, ඊළඟ පරම්පරාව සංස්කෘතික සංරක්ෂණය සහ ගෝලීය නායකත්වය සඳහා සූදානම් කිරීම Global Buddhist Heritage Youth Council (GBHYC) හි ප්‍රධාන ඉලක්කය වනවා.
මේ කර්තව්‍ය සදහා, දැනට අවුරුදු 20 ක කාලයක පමණ සිට සියලුම අගමැතිවරුන්ගේ කාර්යාල සහ Heritage ඇමතිවරුන් සමඟ මිත්‍ර සම්බන්ධතා පවත්වාගෙන යමින් ආ දිගු ගමන ගැන අප Srilancan පුවත්පත සමඟ මෙම තොරතුරු බෙදා ගත්තේ මෙම උදාර සංකල්පයේ නිර්මාතෘ විසිත ලීලාරත්න මැතිතුමායි.
පසුගිය වසර පහළොව තුළ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම තුලින් ඔටවා නගරය තුල සාමය, දයානුකම්පාව සහ එකමුතුකම ප්‍රවර්ධනය කරමින්, විසිත ලීලාරත්න මහතා කරනා ලද කැපවීම, නායකත්වය සහ ආදර්ශමත් මැදිහත්වීම වෙනුවෙන් ඔටවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් (Mark Sutcliffe) මහතා විසින් ඔහු වෙත විශේෂ සම්මාන සහතිකයක් පිරිනමා ගෞරව කරනු ලැබීමද සදහන් කලයුතුම දෙයක්.


