
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉදිරියේදි කළමනාකරණය කරගත හැකිවෙනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
පසුගිය (19) වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවෙන් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් රට තුළට පැමිණීමට නියමිතව ඇති බැවින් මෙන්ම ආනයන සීමා කිරීම මගින් මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇති බවය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය මත ඉදිරියේදී ආනයනික භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින් මේ හේතුවෙන් සමස්ත ආර්ථිකයේ භාණ්ඩ මිල ඉහළ යා හැකි අවධානමක් පවතින බවත් ඒ පිළිබඳව රජය විසින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“අපි බලමු IMF එකත් හෙට අනිද්දා තව ඩොලර් මිලියන 700ක් විතර ලබා දෙන්න නියමිතව තිබෙනවා. අපි හිතනවා ඒක ලැබෙයි කියලා. ඒ වගේම ADB එක තව මිලියන 200ක් ලබා දෙන්න නියමිතව තිබෙනවා. ඒකත් එක්ක තව ඩොලර් ප්‍රමාණයක් රට තුළට එනවා. ඒ වගේම ආනයන සීමා කිරීම හරහා ඩොලර් පිටට යාම යම් පාලනයක් වෙනවා. අනිත් පැත්තෙන් ඩොලරයේ විචලනයත් එක්ක අපනයන ආදායමෙත් වැඩිවීමක් තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ කළමනාකරණය කරලා තියෙන්නේ. අපි හිතනවා මේ තත්ත්වය මගින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා.”
මේ අතර අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් සිදුකර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඩීසල් මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ සෑම මසකම අවසානයේදී බවයි.මේ අතර පසුගිය (19) දිනයේ රාජ්‍ය බැංකුවක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.68ක් ලෙස සටහන් ව තිබේ.එහි ගැණුම් මිල ලෙස දැක්වුණේ 332.14ක් ලෙසය.
මේ අතර, ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල (19)වැනිදා දිනයේදී රුපියල් 338 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, මහ බැංකුවේ අද දින විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.2351ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 338.0729ක් ලෙසත් සටහන් වී තිබේ.
පසුගිය (18)වැනිදා දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.26ක් ලෙසත් වාර්තා වී තිබුණි.


