2026 FIFA පාපන්දු ලෝක කුසලානය කැනඩාවේ සිනමා ශාලා වෙත.

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය කැනඩාව පුරා පිහිටි සිනමා ශාලාවල සජීවීව ප්‍රදර්ශනය කිරීමට සිනෙප්ලෙක්ස් (Cineplex) ආයතනය සහ TSN නාලිකාව ගිවිසුමකට එළඹ ඇත. කැනඩාව, ඇමරිකාව සහ මෙක්සිකෝව එක්ව සත්කාරකත්වය දරන මෙම සුවිශේෂී තරඟාවලියේ තෝරාගත් තරඟ රිදී තිරය මත නැරඹීමට මෙහිදී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවේ.

ටොරොන්ටෝ, වැන්කුවර්, මොන්ට්‍රියල් සහ ඔටාවා ඇතුළු ප්‍රධාන නගර රැසක සිනමා ශාලා මේ සඳහා දායක වන අතර, ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 9.99ක් (බදු සහ අන්තර්ජාල ගාස්තු රහිතව) ලෙස නියම කර ඇත. ප්‍රවේශ පත්‍ර අදියර කිහිපයකින් නිකුත් කෙරෙන අතර දැනට මූලික වටයේ තරඟ සඳහා වෙන් කිරීම් ආරම්භ කර තිබේ.

මෙවර ලෝක කුසලානයට කණ්ඩායම් 48ක් සහ තරඟ 104ක් ඇතුළත් වන අතර, සිනමා ශාලා තුළදී රසිකයින්ට ආහාර පාන මෙන්ම අවසර ලත් ප්‍රදේශවලදී මධ්‍යසාර ද ලබාගත හැකිය. කෙසේ වෙතත්, තරඟය සහ දිනය අනුව ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලා වෙනස් විය හැකි බව සිනෙප්ලෙක්ස් ආයතනය සඳහන් කරයි. මෙය පාපන්දු ලෝලීන්ට ක්‍රීඩාංගණයක අත්දැකීමක් සිනමා ශාලාව තුළදීම විඳගැනීමට ලැබෙන කදිම අවස්ථාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *