
සම්බුදු තෙමගුල බැතියෙන් සැමරීමට බෞද්ධ බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කලා.
ඒ වෙසක් කූඩු, තොරණ, දන්සැල් ඇතුළු ආමිස පූජා රැසක් සංවිධාන කරමින්. කොළඹ ගංගාරාමය, කැලණිය රජමහා විහාරය ඇතුළු දිවයිනේ ප්‍රධාන ආගමිකස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බැතිමත්හු වෙසක් සැමරුම්වලට එක්වුණා. මෙවරද වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් සහ මස් පිණිස සතුන් මරන ස්ථාන වසා තැබීමට පියවර ගෙන ඇති අතර, සියලු දෙනා තුළ කරුණාව සහ එකමුතුකම වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබුණා.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ පමණක් වෙසක් තොරණ 25කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙනවා.
එමෙන්ම දිවයින පුරා දන්සල් 15,000කට අධික සංඛ්‍යාවක් සංවිධාන කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ.වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වෙසක් කලාප, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය කෙරෙන ස්ථාන ආශ්‍රීත මාර්ගවල මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, මල්පාර, අග්‍රාමාත්‍ය කාර්යාලය අවට, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය මෙන්ම බොරැල්ල බේස්ලයින් පාර, බෞද්ධාලෝක මාවත, ගාලුමුවදොර ඇතු`ඵ ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක වනවා.
මේ අතර, වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් සහ අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.එමෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි
ඡාතික වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 27 වැනිදා සිට ජූනි මස 2 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර ප්‍රදේශයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නිල වශයෙන් ආරම්භ වූයේ “කුසලයට ඉක්මන් වන්න” යන තේමාව පෙරදැරි කරගනිමින්, ජාතික සමගිය සහ සහජීවනය අරමුණු කරගෙනයි.


