බන්ධ­නා­ගා­ර­ කචල් මැද ආණ්ඩුවේ අයවැය සූදානම.

රැඳ­වියන් වැඩි වන ප්‍රමා­ණ­යට සාපේ­ක්ෂව බන්ධ­නා­ගා­ර­වල ඉඩ­කඩ ප්‍රමා­ණ­වත් නොවන බව සාකච්ඡා වන්නේ වසර ගණ­නා­වක පට­න්මයි. ජනා­ධි­ප­ති­ව­රයා සැක­ක­රු­වන් බන්ධ­නා­ගා­ර­වල ගත කරන කාලය අඩු කිරීම, ඔවුන්ගේ නඩු කට­යුතු කඩි­නම් කිරීම ගැන පසු­ගිය 2 දා සාකච්ඡා කළා. ඒ, රටම එකට ජාතික සභාව රැස් වූ අව­ස්ථා­වේ­දීයි.

බන්ධ­නා­ගා­ර­ගත වූවන් අත­රින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වන් බවද මෙහිදී අනා­ව­ර­ණය කෙරුණු අතර, ඔවුන් ප්‍රමා­ණා­ත්ම­කව වැඩි වීම දැඩි ගැට­ලු­වක් බවට පත්ව ඇති බවද ජනා­ධි­ප­ති­ව­රයා කීවා. බන්ධ­නා­ගාර තද­බ­දය අවම කර­ගැ­නීමේ ක්‍රියා­මාර්ග විදි­හට වට­රැක, කළු­තර, පල්ල­න්සේන, පල්ලේ­කැලේ, මාතර, කළු­තර ආදී බන්ධ­නා­ගාර ආශ්‍රි­තව ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රීම සඳහා රු. මිලි­යන 13,819ක මුද­ලක් ඇස්ත­මේන්තු කර ඇති අතර, ඇතැම් ගොඩ­නැ­ඟි­ලි­වල වැඩ කට­යුතු ආරම්භ කර තිබෙන බව එහිදී කිය­වුණා. ඇතැම් ඒවා 2027දී අව­සන් කෙරෙන අතර තවත් ගොඩ­නැ­ඟිලි සම­හ­රක් 2029දී ඉදි කර අව­සන් කිරී­මට නිය­මි­තව තිබෙ­නවා.

මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් පුන­රු­ත්ථා­ප­නය කිරීම සඳහා වන පනත් කෙටු­ම්ප­තද මේ වන විට අව­සන් කර තිබේ. එයද කඩි­න­මින් ගැසට් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නා.

මීග­මුව බන්ධ­නා­ගා­රයේ ගැටු­මක් ඇති වන්නේ මේ සාකච්ඡා හා ක්‍රියා­මාර්ග ඉදි­රි­යට යමින් පව­තින අත­ර­තු­ර­දීයි. මීග­මුව බන්ධ­නා­ගා­රයේ ගැටුම ඇති වන තෙක් ඒවායේ ඉඩ-කඩ හා වෙනත් ගැටලු සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මක් සිදු නොකළ බවට විප­ක්ෂය චෝදනා කර­නවා. නැවත මීග­මුව බන්ධ­නා­ග­රයේ වැනි තත්ත්ව­යන් ඇති නොවී­මට විස­ඳුම් ඉදි­රි­පත් කිරීම සඳහා කැබි­නට් තීර­ණ­යක් අනුව ජනා­ධි­පති ලේක­ම්ව­රයා විසින් විශ්‍රා­මික ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යකු සහ නීති ක්ෂේත්‍රයේ කට­යුතු කළ නිල­ධා­රීන් දෙදෙ­න­කුද ඇතු­ළත්ව විම­ර්ශන කමි­ට­වුක් පත් කර තිබෙ­නවා.

රජයේ රස පරී­ක්ෂක ගැටලු

රටම එකට ජාතික සභා­වේදි බන්ධ­නා­ගාර තද­බ­දය හා විවිධ මත්ද්‍රව්‍ය චෝදනා ලබන සැක­ක­රු­වන් දිගු කලක් බන්ධ­නා­ගා­ර­වල ගත කිරීම ගැනක් කතා කරලා තිබුණා. එයට ප්‍රධාන හේතු­වක් ලෙස රස පරී­ක්ෂණ වාර්තා ප්‍රමාද වීම කියල තමයි කිවුවේ. ඒ ගැන අව­ධා­නය යොමු කළ ජනා­ධි­ප­ති­ව­රයා රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රී­න්ගෙන් ඒ සම්බ­න්ධ­යෙන් කරුණු ඇහුවා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ තම ආය­ත­නයේ නිල­ධාරි හිඟ­යක් තියෙ­නවා කියන එක.

එක පැත්ත­කින් නිල­ධාරි හිඟ­යක් පව­තින අතර තව පැත්ත­කින් රස පරී­ක්ෂ­ණ­යට යොමු කෙරෙන සාම්පල් ප්‍රමා­ණය වැඩි වෙලා කිය­ලත් කීවා. ඔවුන් ඉදි­රි­පත් කළ ගැටලු සොයා බලා කඩි­නම් විස­ඳුම් සෙවීමේ අර­මුණ ඇතිව ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගි­යදා රස පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිරී­ක්ෂණ චාරි­කා­වක්ද කළා. දැන් ඔන්න රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ විද්‍යා­ත්මක පර්යේ­ෂණ නිල­ධාරී තන­තුරු 50ක් කොන්ත්‍රාත් පද­න­මින් බඳවා ගැනී­මට අනු­මැ­තිය ලැබී තිබෙ­නවා. එමෙන්ම රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට නව තන­තුරු 131ක් අනු­මත කර තිබෙන අතර එයින් මේ වන විට 32ක සංඛ්‍යා­වක් බඳවා ගෙනත් තිබෙ­නවා.

2027 අය­වැය සූදා­නම

2027 අය-වැය සකස් කිරීම සඳහා මේ වසරේ ප්‍රග­තිය හා ලබන වස­රට අදාළ යෝජනා ලබා­ගැ­නීම සඳහා හැම අමාත්‍යාං­ශ­ය­කම නිල­ධා­රීන් කැඳවා සාකච්ඡා කිරීම ජනා­ධි­ප­ති­ව­රයා සිය පළමු අය­වැයේ සිටම අනි­වාර්ය කට­යු­ත්තක් ලෙස කළා. මේ වසරේ සාකච්ඡා වටය පසු­ගිය අඟ­හ­රු­වාදා ආරම්භ කළා. ඒ අනුව මේ වන විට අමා­ත්‍යාංශ විසි එකෙන් පහක් පමණ සමඟ සාකච්ඡා කර අව­සන්ව කර තිබෙ­නවා.

එහිදී කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ අය­වැය යෝජනා සාක­ච්ඡා­වේදී ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නේ එක් එක් ආය­තන, දෙපා­ර්ත­මේන්තු සහ පළාත් පාලන ආය­තන මඟින් නඩත්තු කරන සියලු වාරි ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ට­මින් ස්ථාපිත කරන ලද එක් ඒක­ක­යක් මඟින් නියා­ම­නය කරන්න ඕනෑ කිය­ලයි. එසේම රට පුරා සිදු කෙරෙන වාරි ප්‍රති­සං­ස්ක­රණ සිති­ය­ම්ගත කිරී­ම­ටත් යෝජනා කෙරුණා. අප­න­යන කෘෂි භෝග ප්‍රව­ර්ධ­නය සහ ඒ ආශ්‍රිත නිෂ්පා­දන ඉහළ නංවා­ගැ­නීම සඳහා නව යෝජනා සහ ව්‍යාපෘති යෝජනා කෙරෙහි වැඩ අව­ධා­න­යක් යොමු කරන ලෙසත් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී උප­දෙස් දුන්නා.

සුදු අලි ආය­තන

නිවාස, ඉදි­කි­රීම් සහ ජල සම්පා­දන අමා­ත්‍යාං­ශ­යට අදා­ළව 2026 වසරේ වෙන් කෙරුණු ප්‍රති­පා­දන මත ක්‍රියා­ත්මක ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය සමා­ලෝ­ච­නය සහ 2027 ප්‍රති­පා­දන අව­ශ්‍යතා පිළි­බඳ පසු­ගි­යදා (8) පෙර­ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති සාක­ච්ඡා­වට ජනා­ධි­ප­ති­ව­ර­යාත් එක්ව සිටියා.

වසර ගණ­නා­ව­කට පෙර විවිධ අර­මුණු සහ අව­ශ්‍යතා මත පිහි­ටු­වන ලද ඵල­දා­යි­තා­වෙන් තොර, පව­ත්වා­ගෙන යෑමට අම­තර බරක් දැරී­මට සිදුව ඇති සියලු ආය­තන ඉවත් කිරී­මට කට­යුතු කරන්න කියලා මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නා. ඒ වගේම විවිධ අමා­ත්‍යාංශ යටතේ එකම විෂ­යට අදා­ළව ආය­තන ගණ­නා­වක් පැව­තීම හේතු­වෙන් ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මේදී අකා­ර්ය­ක්ෂ­ම­තා­වක් ඇති වෙලා තිබෙ­නවා කිය­ලත් ජනා­ධි­ප­ති­ව­රයා කිවුවා.

සෞඛ්‍ය ඉහළ නංවන අය­වැය

සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශ­යට අදා­ළව 2026 වසරේ වෙන් කෙරුණු අය­වැය ප්‍රති­පා­දන මත ක්‍රියා­ත්මක ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය සහ 2027 අය­වැය ප්‍රති­පා­දන අව­ශ්‍යතා පිළි­බඳ පසු­ගි­යදා (8) පස්ව­රුවේ දී තමයි සාක­ච්ඡා­වට ගත්තේ. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා කීවේ හුදු ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් ඔබ්බට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව අන්ත­ර්ජා­තික මට්ටමේ ගුණා­ත්මක තල­ය­කට ඔසවා තැබීම රජයේ අර­මුණ කියලා, ඒ වෙනු­වෙන් අවශ්‍ය ප්‍රති­පා­දන ලබා දීමට රජය සූදා­නම් කිය­ලත් ජනා­ධි­ප­ති­ව­රයා කීවා.

මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණා­ත්ම­ක­බව ඉහළ නැංවීම වෙනු­වෙන් විද්‍යා­ත්මක පද­න­මක් සහිත උපා­ය­මා­ර්ගික යෝජනා කඩි­න­මින් ඉදි­රි­පත් කරන ලෙසත් ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නා. රෝහල් පද්ධ­තයේ කළ යුතු නව තාක්ෂ­ණික පරි­ව­ර්ත­නය මෙහිදී විශේෂ අව­ධා­නය යොමු කෙරුණු අතර, තාක්ෂ­ණික වශ­යෙන් දියුණු උප­ක­රණ රෝහල් කිහි­ප­ය­කට පම­ණක් ලබා දෙනවා වෙනු­වට අදාළ පහ­සු­කම් රට පුරා ජන­තා­වට ලබා­ගත හැකි පරිදි දීප ව්‍යාප්තව ස්ථාපිත කිරී­මෙන් සෞඛ්‍ය සේවාව ගුණා­ත්මක වශ­යෙන් පිය­ව­ර­කින් ඉහ­ළට ඔසවා තැබී­මට හැකි වනු ඇති බව ජනා­ධි­ප­ති­ව­රයා කිවුවා. මෙම­ඟින් රජයේ රෝහල් පද්ධ­ති­යෙන් ජන­තා­වට කාර්ය­ක්ෂම සහ ප්‍රමි­ති­ගත සෞඛ්‍ය සේවා­වක් සලසා ගත හැකි බවත්, පෞද්ග­ලික අංශ­යෙන් සෞඛ්‍ය සේවා ලබා ගැනී­මේදී දැරී­මට සිදු­වන අධික වැය බර අවම කර­ගත හැකි බවත් ජනා­ධි­ප­ති­ව­රයා සිහි­පත් කළා.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පෙරළි.

වැඩි සද්ද­යක් නැති­වම ක්‍රීඩා ඇමැ­ති­ව­රයා ක්‍රීඩ­ක­යන්ගේ හැකි­යා­වන් දියුණු කර­ගැ­නී­මට විශාල සහ­යෝ­ග­යක් දීලා. ක්‍රීඩා ඇමැ­ති­ව­ර­යාගේ ඉල්ලීම පරිදි හෙල්ල විසි කිරීමේ තරග ඉස­වු­වෙන් රෝම ඩය­මන්ඩ් ලීග් තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්ක­මක් දිනා ගනි­මින් පිරිමි හෙල්ල විසි­කි­රීමේ ඉස­වුවේ ලෝක ශ්‍රේණි­ගත කිරී­ම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදි­රි­යට පැමිණී රුමේෂ් තරං­ගට ඇක්සස් සමා­ගම පූර්ණ අනු­ග්‍ර­හය ලබා­දී­මට එකඟ වෙලා තිබෙ­නවා.

ඒ අනුව 2028 ඔලි­ම්පික් උලෙළ දක්වා ඔහුගේ සහ ඔහුගේ පුහු­ණු­කරු ටෝනි ප්‍රස­න්නගේ සියලු ක්‍රීඩා හා සුභ­සා­ධන වග­කීම් භාර ගැනී­මට එම සමා­ගම එකඟ වී ඇති අතර රුමේෂ් තරංග එම සමා­ග­ම්වල නිල සන්නාම තානා­ප­ති­ව­ර­යෙකු ලෙස කට­යුතු කිරී­මට එකඟ වෙලා.

මේ ආකා­ර­යට ක්‍රීඩ­ක­යන් නඩත්තු කිරිම ඇතැම් ව්‍යාපා­ර­ව­ලට භාර දීමට කට­යුතු කරන අතර නැඟී එන ක්‍රීඩක-ක්‍රීඩි­කා­වන් වෙනු­වෙන් එක­වර විශාල මුද­ලක් ලබා­දීම, මාසි­කව ස්ථිර ගෙවී­මක් සිදු කිරීම ආදි විවිධ ආකා­රයේ ශිෂ්‍යත්ව පිරි­නමා පුහුණු කට­යු­තු­ව­ලට දිරි ගැන්වී­මක් සිදු කිරීම ගැන ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිටින පිරිස ප්‍රසා­ද­යෙන් කතා කර­නවා ඇහෙ­න්නට තිබෙ­නවා.

මැති- ඇමැ­ති­ව­රුන් ගිය අව­ම­ඟුල

පසු­ගිය 8 වැනිදා රාත්‍රියේ විජිත, හඳුන්, වසන්ත ඇතුළු ඇමැ­ති­ව­රුන් වැඩි දෙනෙක් සීදූවේ අව­ම­ඟුල් අව­ස්ථා­ව­කට සහ­භාගි වුණා. මැති ඇමැ­ති­වරු සියලු දෙනා එදින රාත්‍රියෙ 8 වන විට අව­ම­ගු­ලට සහ­භාගි වී සිටියා. ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­නි­යක වන, කම්කරු අමා­ත්‍යා­ශයේ මාධ්‍ය ලේකම් පද්මිණි මාත­රගේ ගේ මව අවු­රුදු 99ක් ආයු වලඳා අභා­ව­ප්‍රාප්ත වුණේ පසු­ගිය හය­වෙ­නිදා පෙර­ව­රුවේ. ඒ අව­ම­ඟුල අව­ස්ථා­වට තමයි ඔවුන් සියලු දෙනා සහ­භාගි වුණේ.

දයා­සිරි ෆේස්බුක් නොඑන්න හේතුව.

රජය විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් අප­රා­ධ­ක­රු­වන්, මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් හෝ දූෂි­ත­යන් ලෙස හංවඩු ගස­මින් ඔවුන් අප­කී­ර්ති­යට පත් කිරී­මට උත්සාහ කරන බව­ටද දයා­සිරි එහිදී චෝදනා කළා. මෙවැනි ලේබල් ඇල­වීම නිසා එම පුද්ග­ල­යන්ට තමන් නිවැ­ර­දි­ක­රු­වන් බව සනාථ කර­ගෙන ඉදිරි දේශ­පා­ලන කට­යුතු කර­ගෙන යාම බර­ප­තළ දුෂ්ක­ර­තා­වක් වෙලා.

“දැන් මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? මේ ආණ්ඩුව කරන්නේ විවිධ අයව අල්ල­ග­න්නවා. උදා­හ­ර­ණ­යක් මම ගත්තොත් සුගී­ශ්වර බණ්ඩාර මැති­තු­මාගේ ප්‍රශ්නේ. කොළඹ මහා දවාලේ පාර මැද්දේ වාහ­නය නතර කරලා ඔහුව පටෝ­ගෙන යනවා. මේ වගේ විප­ක්ෂයේ ඉන්න හැම කෙනාම අර­ගෙන එක්කෝ ඔහු ජාති­වා­දි­යෙක් වෙනවා; එක්කෝ ඔහු හොරෙක් වෙනවා. එක්කෝ ඔහු අනික් පැත්තෙන් අප­රා­ධ­කා­ර­යෙක් බවට පත් වෙනවා; නැත්නම් කුඩු­කා­ර­යෙක් බවට පත් වෙනවා; නැත්තම් ත්‍රස්ත­වා­දි­යෙක් බවට පත් වෙනවා. මේ කරුණු තුන මත දේශ­පා­ල­ක­යන් විශාල ප්‍රමා­ණ­යක් ඇතු­ළට තල්ලු කර­මින් දවස ගානේ ඉන්නවා. එත­කොට මම හොරෙක් වෙලා යන්නේ. එත­කොට කවුද මාව නිද­හස් කරන්නේ. ඉතින් ඒක තමයි මං මේ කාර­ණ­යක් විදි­යට කිව්වේ.”

දයා­සිරි ජය­සේ­කර එහිදී ෆේස්බුක් සමාජ ජාලය ගැන සමා­ජයේ අව­ධා­නය යොමු වන ප්‍රකා­ශක් කළා

 “මම ෆේස්බුක් යන්නේ නැත්තේ මොකද? මෝඩයෝ ටිකක්නේ ඒකේ ඇතුළේ ඉන්නේ. බුද්ධි­මත් මිනිස්සු සටන් කරන භූමි­යක් නෙවෙයි ඒක. ඒකා­බද්ධ විප­ක්ෂයේ ඉන්න සියලු අයව අර­ගෙන මේකට දාන්න පුළු­වන්. දැම්මට පස්සේ ඔහුට හම්බෙන්නේ මොනාද? ඔහු හොරෙක්, ඔහු මංකො­ල්ල­කා­ර­යෙක්, ඔහු කුඩු­කා­ර­යෙක් දැන් ඔය හැම එක්කෙ­නාම අර­ගෙන දැම්මට පස්සේ අපි කවුරු එක්කද වැඩ කරන්නේ? විප­ක්ෂය හැටි­යට අපි කවුරු එක්කද වැඩ කරන්නේ?”

පසු­ගිය 8 වැනිදා සුගීශ්වරගේ නඩුව ආපහු පටන් ගත්තා. මේ නඩු­වට මහා­චාර්ය ජී.එල්. පීරිස්, සාගල රත්නා­යක, තලතා අතු­කෝ­රල, නිමල් සිරි­පාල, ලසන්ත අල­ගි­ය­වන්න, දුමින්ද දිසා­නා­යක, දයා­සිරි ජය­සේ­කර, රාජිත සේනා­රත්න වගේ දේශ­පා­ල­න­ඥයෝ සෑහෙන පිරි­සක් ඇවිත් හිටියා. නඩුව අහලා සුගී­ශ්වර 22 දා වන තුරු හිටපු තැන­ටම යැවුවා.

එළියේ එකතු වෙලා හිටපු ජීඇල් ඇතුළු පිරිස කතා­වක.

“හිර ගෙව­ල්වල පහ­සු­කම් නෑ. ඒ මදි­වට තව තවත් හිර ගෙවල් පුර­ව­නවා. දැන් අපේ කට්ටි­යට වැටෙන නඩු කොච්ච­රද කිය­නවා නම් ඒවට සහ­භාගි වෙන්න අපිට යන්න වෙලා තියෙන්නේ කට්ටිය බෙදා­ගෙන. ඔයා අර­කට යන්න. මම මේකට යනවා. අනිත් එක්කෙනා අතෙන්ට යන්න. කියලා කතා­බහ කර­ගෙන යන්න වෙලා…” දුමින්ද හිනා වෙවී එහෙම කිය­න­කොට ලසන්ත කිවුවේ, “අරයා ළඟ තියෙන ෆයිල් ටික ඔක්කොම එළි­යට දාලා උසාවි වැඩ කර­න­කොට ඉස්ස­ර­හට එක නඩු­වට එක්කෙනා ගානේ යන්න වෙයි” කියලා

රනිල්ගේ නඩු­වේදී ආයෙත් ඔක්කොම හවස හමු වෙමු කියලා කට්ටිය විසි­රිලා යන්න හැදුවේ. ඒත් රනිල්ගෙ හවස 2ට ගන්න තිබුණු නඩුව උසා­වියේ ඉඩ තිබුණු නිසා වේලා­ස­නින් ගන්න විනි­සු­රු­තුමා තීර­ණය කරලා තිබුණා. නඩුව කැඳෙ­වුවා… ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න නඩු­වට ඉදි­රි­පත් වෙලා ලොකු ඩොකි­යු­මන්ට් එකක් ඉදි­රි­පත් කරලා කිවුවේ, මේකේ ලක්ෂ අසූ­වක් විය­දම් වෙලා තියෙන්නේ ප්‍රවා­හන ගමන් බිම­න්ව­ලට. හැබැයි ඉතින් ඒ මුදල එංග­ලන්ත රජය දරලා. ලංකාවේ ආණ්ඩු­වට මොකක්ද තියෙන ප්‍රශ්නේ.”

අනුජ එහෙම කිය­මින් ලිය කිය­විලි වග­යක් භාර දුන්නා. පරී­ක්ෂ­ණ­වල ප්‍රග­තිය ගැන නඩු­කා­ර­තුමා පොලී­සි­යෙන් විම­සන කොට පොලී­සිය කීවේ පරී­ක්ෂණ අව­සන්, පරී­ක්ෂ­ණ­ව­ලින් හොයා­ගත්ත තොර­තුරු ඔක්කොම නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­දුන්නා. වැඩි­දුර කට­යුතු නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව කරයි කියලා. සැප්තැ­ම්බර් 3 වැනි දා වෙන­කොට ඒ අදාළ තොර­තු­රුත් එක්ක වැඩි­දුර විස්තර ඉදි­රි­පත් කරන්න කියලා විනි­සු­රු­තුමා කීවා. ඒ නඩුව එත­නින් අව­සන් වුණා.

ඒ නඩු­වත් ඉවර වුණාට පසුව සියලු දෙනා පිටත් වුණේ මල් පාරට. එතන සියලු දෙනාම සාක­ච්ඡා­වක් කළා. “සුගී­ශ්වර නැති එක අපට හරි පාඩු­වක්. නම­වෙ­නිදා අමා­රියා එකේ නීති­ඥ­ව­රුන්ගේ සම්ම­න්ත්‍ර­ණය.” රනිල් එහෙම කියලා සුගී­ශ්වර හිටියා නම් මේක ගැන කරන මෙහෙ­වර ගැන මතක් කළා.

නාමල්ගේ නාය­ක­ත්ව­යෙන් A Team

පාර්ලි­මේ­න්තුව තුළ මෙන්ම ඉන් බැහැ­රව ද සිටින විප­ක්ෂයේ ක්‍රියා­කා­රීන් ඒකා­බද්ධ කිරීමේ අර­මු­ණින්, විපක්ෂ මන්ත්‍රී­ව­රුන් වන නාමල් රාජ­පක්ෂ, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, අනු­රාධ ජය­රත්න, ඩී.වී. චානක සහ චානක මදු­ගොඩ යන මහ­ත්ව­රුන් විසින් ‘A Team – Next Wave‘ (විශි­ෂ්ඨ­යන්ගේ කණ්ඩා­යම – ඊළඟ රැල්ල) නමින් නව දේශ­පා­ලන වේදි­කා­වක් පසු­ගිය අඟ­හ­රු­වාදා නිල වශ­යෙන් ආරම්භ කළා.

“ජාතික මට්ටමේ වැද­ගත් ගැට­ලු­ව­ලදී ජන­තා­වගේ සැබෑ හඬ බල­ධා­රීන් වෙත රැගෙන යෑම සඳහා දැනට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් මෙන්ම පාර්ලි­මේන්තු නියෝ­ජ­න­යක් නැති අනෙ­කුත් දේශ­පා­ලන කණ්ඩා­යම් සම­ඟද අත්වැල් බැඳ­ගෙන මේ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙනි­යන්න ඕනෑ…” අනු­රාධ ජය­රත්න කිවුවා.

පුළුල් දේශ­පා­ලන සන්ධා­න­යක් ගොඩ­නැ­ඟීම වෙනු­වෙන්, විවිධ විපක්ෂ කණ්ඩා­යම් සහ ස්වාධීන කණ්ඩා­ය­ම්වල නියෝ­ජි­ත­යන් එකම වහ­ලක් යටට කැඳ­වීම මේ ව්‍යාපා­රයේ අපේ­ක්ෂාව වෙන්න ඕන කිය­ලත් රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන කීවා.

නාමල් කීවේ “මෙම වැඩ­පි­ළි­වෙළේ දිගු­කා­ලීන අර­මුණ වන්නේ ශ්‍රී ලංකාවේ අනා­ග­තය භාර­ගත හැකි ‘ඊළඟ ජාතික කණ්ඩා­යම‘ (Next National Team) ලෙස ශක්ති­මත්, එක්සත් විපක්ෂ බල­වේ­ග­යක් රට තුළ නිර්මා­ණය කිරීම විය යුතු” බවයි.

“ඔව් A Team එක තමයි ඊල­ඟට නැෂ­නල් ටීම් එක වෙන්නෙ” අනු­රාධ ජය­රත්න කිවුවා.

“ඔව් ඔව්, ඒක ඇත්ත… ලබන සතියේ තව මන්ත්‍රී­ව­ර­යෙ­කුත් එකතු වෙන්න නිය­මි­තයි,” ඩී.වී කිවුවා.

නාමල්-ගෝඨා-රනිල් මෛත්‍රී එකම මඟුල් ගෙද­රක.

බදාදා රාත්‍රියේ හදි­සි­යේම විවාහ මංගල උත්ස­ව­යක වීඩී­යෝ­වක් සමාජ මාධ්‍ය­වල වයි­රල් වුණා. ඒ වීඩි­යෝවේ කතා කර­මින් සිටියේ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන ගෝඨා­භය රාජ­පක්ෂ, රනිල් වික්‍ර­ම­සිංහ හා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­ප­ක්ෂය. මේ විවාහ මංග­ල්‍යය හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩා­රගේ පුත්‍ර­යාගේ වූ අතර, එය පැවැ­ත්වූයේ සින­මන් ලයිෆ් හෝට­ල­යේය.

මේ සඳහා හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වූ මෛත්‍රී­පාල සිරි­සේන රනිල් වික්‍ර­ම­සිංහ ගෝඨා­භය රාජ­පක්ෂ මෙන්ම නාමල් රාජ­පක්ෂ ඇතුළු දේශ­පා­ල­න­ඥ­යන් රැසක් එක්ව සිටියා.

නාමල් සමග රනිල් හා ගෝඨා කතා­බහ කරන ආකා­රය බොහෝ දෙනා බලා සිටියා. නාමල් එතැ­නින් පැමිණි පසුව සිය­ල්ලෝම ඔහුව වට­ක­ර­ගෙන ඇහුවේ “රනිල් මොන­වද කියන්නේ?” කියලා.

“නෑ… මගෙන් කොහො­මද මේ දව­ස්වල වැඩ කියලා ඇහුවා. මම කිවුවා සර් මම ගමින් ගමට වැඩ­ස­ට­හන එක්ක රට වටේ යනවා කියලා. තව, ඉක්ම­නින් හමු වෙමු කිය­ලත් කිවුවා. වෙලා­වක් කියන්න මම එන්නම් කිය­ලත් කිවුවා. වෙන ඉතින් පෞද්ග­ලික තොර­තුරු ඇහුවා… එච්ච­රයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today