කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය ශ්‍රී ලාංකික ආනන්දසංගරීට

කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී මහතා තෙරිපත් ව තිබෙනවා.ඔහුට හිමිව ඇත්තේ, කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයයි.

ඒ අනුව, කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී මහතා බවට පත්වනු ලබනවා.නීතිඥයෙකු වන  ගැරී ආනන්දසංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බව සඳහන් වනවා.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී තිබෙනවා.දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. 

එමනේම ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති බව සඳහන් වනවා.ගැරී ආනන්දසංගරී මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන,  දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පක්ෂයේ නායක , වී. ආනන්දසංගරී මහතාගේ දෙවන පුත්‍රයා ද වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *