ජෝන් සීනා, වාර්ථා පොත් අතරට.

ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා,  WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි වරට ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය තුළින් WWE ලෝක ශූරතාවය වැඩිම වාර ගණනක් දිනූ ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකි විය.මීට පෙර ඔහු, රික් ෆ්ලෙයර් සමඟ 16 වර ලෝක ශූරතාවය දිනා සම වාර්තාවක් තබා තිබුණි.

මෙම ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාවේ කොටසක් වන බැවිනි.මෙම වසරේ දෙසැම්බර් මාසයේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *