ජපානයේ අයමි සැටෝ කැනඩාවේදී බේස්බෝල් ඉතිහාසය අලුත් කරයි.

ක්‍රීඩා ඉතිහාසයේ හොඳම කාන්තා බේස්බෝල් ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු කැනඩාවේ වෘත්තීය පිරිමි බේස්බෝල් ලීගයක් සඳහා ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙස  ටොරොන්ටෝව පසුගියදා ඉතිහාසයට එක්විය.

ජපානයේ 35 හැවිරිදි අයමි සැටෝ, ටොරොන්ටෝ මේපල් ලීෆ්ස් බේස්බෝල් සමාජයේ සාමාජිකාවක් ලෙස ඇගේ පළමු තරගය මෙලෙස පසුතිය ඉරිදා,  ක්‍රීඩා කළාය. ඇය ක්‍රිස්ටි පිට්ස් පාර්ක් හි 2025 ගෘහස්ථ කණ්ඩායමේ ආරම්භක තරගය සඳහා ආරම්භක පන්දු යවන්නිය වූවාය.

දකුණු ඔන්ටාරියෝ හි අන්තර් ප්‍රාන්ත බේස්බෝල් ලීගයේ කණ්ඩායම් නවයෙන් එකක් වන ලීෆ්ස්, කිචනර් පැන්තර්ස් කණ්ඩායම හමුවේ 6-5ක් ලෙස පරාජයට පත් විය.

"ඉතිහාසයේ  ක්‍රීඩා කළ හොඳම කාන්තාව දැන් කැනඩාවේ මේපල් ලීෆ්ස් සමඟ නව ඉතිහාසයක් නිර්මාණය කරනවා කියලා මට විශ්වාස කරන්න බැහැ," කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී කීත් ස්ටයින් මාධ්‍ය වෙත පැවසීය.

සැටෝ ජාත්‍යන්තර බේස්බෝල් ප්‍රජාවේ තරුවක් වන අතර, ජපාන කාන්තා ජාතික කණ්ඩායම ලෝක කුසලාන පදක්කම් හයක් දක්වා මෙහෙයවූ පුරාවෘත්තයකි. 2014, 2016 සහ 2018 දී අඛණ්ඩව MVP සම්මාන තුනක් දිනාගත් එකම කාන්තාව ද ඇය වන අතර, කාන්තා බේස්බෝල් ලෝක කුසලානයේදී දෙවරක් ඕල්-ස්ටාර් ලෙස තේරී පත් විය.

අඩි පහයි පහක් උස සැටෝ, පැයට සැතපුම් 80කට ආසන්න වේගයෙන් පන්දු යවන දකුණත් ක්‍රීඩිකාවකි.ඇය පසුගිය දෙසැම්බර් මාසයේදී ලීෆ්ස්, කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කරන ලද අතර අප්‍රේල් 29 වන දින ටොරොන්ටෝ වෙත පැමිණියාය. සැටෝ ඇගේ නව කණ්ඩායමේ සාමාජිකයින් සමඟ මැයි 4 වන දින පුහුණුවීම් ආරම්භ කළාය.

"ලෝකයම බලා සිටිනවා. ඇය ටොරොන්ටෝ වෙත ගෙනා උද්යෝගය සහ මෙම ලීගයට ගෙනා උද්යෝගය විශ්මයජනකයි," මේපල් ලීෆ්ස් කළමනාකරු රොබ් බට්ලර් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *