
ඔන්ටාරියෝ පළාත් පොලිසිය RBC කැනේඩියානු විවෘත ගොල්ෆ් තරගාවලිය සඳහා පියාසර තහනම් කලාපයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම වසරේ තරඟාවලිය පැවැත්වෙන කැලිඩන්හි ඔස්ප්‍රේ නිම්නයේ ටොරොන්ටෝහි TPC හරහා සහ ඒ අවට ඩ්‍රෝන යානා හෝ මිනිසුන් රහිත ගුවන් යානා අනවසරයෙන් ක්‍රියාත්මක කිරීම තහනම් කරන බව පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.එළඹෙන ජුනි 4 සිට 8 දක්වා පෙ.ව. 10 සිට රාත්‍රී 11:59 දක්වා පියාසර තහනම් කලාපය ක්‍රියාත්මක වේ.
ලොව ඉහළම ශ්‍රේණිගත ගොල්ෆ් ක්‍රීඩකයින් 33 දෙනාගෙන් දස දෙනෙකු මෙම සතියේ විවෘත තරඟාවලියට එක්වීමට නියමිත අතර, ඒ අතර වත්මන් ශූර රොබට් මැකින්ටයර් සහ දෙවරක් එය ජයග්‍රහණය කළ ලොව අංක 2 රෝරි මැක්ල්රෝයි ද වෙති.
TPC ටොරොන්ටෝ හි තරඟ වදින කැනේඩියානු ගොල්ෆ් ක්‍රීඩකයින් 21 දෙනා අතර නික් ටේලර් ද සිටී. ටේලර් 2023 දී කැනේඩියානු විවෘත ශූරතාව දිනා ගත්තේය.


