ලෝක වාර්තාවක් තබමින් බ්‍රසීලය 2026 ලෝක පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබයි.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නට පස් වරක් පාපන්දු ලෝක ශූරයින් වන බ්‍රසීලයට හැකියාව ලැබුණේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී පැරගුවේ සමග පැවැති තරගයෙන් ගෝල 1ට 0ක ජයක් වාර්තා කරමින්.

මේ සමඟ බ්‍රසීලය ලෝක වාර්තා පොත් අතරට එක්වුණේ 1930 කුළුඳුල් පාපන්දු ලෝක කුසලානයේ සිට වසර 95ක් පුරා පැවැති සියලුම පාපන්දු ලෝක කුසලාන නියෝජනය කල ලොව එකම රට ලෙසටයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය ස්ථානය වෙන් කර ගන්නට සමත් වුණා.ඒ ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී සෞදි අරාබි සමග පැවැති තරගයෙන් ගෝල 2කට 1ක ජයක් හිමිකර ගැනීමත් සමගයි.

මේ අතර පසුගියදා උස්බෙකිස්ථානය ද ඉතිහාසයේ සිය පළමු පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූ අතර මෙම ඓතිහාසික අවස්ථාව උද කර දීම වෙනුවෙන් උස්බෙකිස්ථාන පාපන්දු කණ්ඩායමේ සියලු සාමාජිකයින් සහ පුහුණුකරුවන් වෙත නවීන මෝටර් රථ පිරිනැමීමට උස්බෙකිස්ථාන ජනපතිවරයා කටයුතු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *