ශ්‍රී ලංකාව වසර 07කට පසු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 200න් ඉහළට.

චීන තායිපේ කණ්ඩායම සමගින් පසුගිය (10 වැනිදා) පැවැති තරගයේ ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව වසර 07කට පසු මුල් වරට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේදී 200 න් ඉහළට පැමිණීමට සමත්ව සිටියි. අවසන් වරට මෙම ලෝක ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව 200න් ඉහළ ස්ථානයකට පැමිණියේ 2018 වසරේදී වන අතර එහිදී 199 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය.

නමුත් ඉකුත්දා පැවැති බෲනායි සමග තරගයත් අනතුරුව පෙරේදා ආසියානු කුසලාන සඳහා සුදුසුකම් ලැබීම යටතේ චීන තායිපේ සමග තරගයත් ජයගැනීම මත ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් ලකුණු 21.5ක් සහිතව නවතම ශ්‍රේණිගත කිරීම්හි 196වැනි ස්ථානයට පත්ව තිබේ. එසේම නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ලොව වැඩිම ස්ථාන ගණනක් ඉහළට ගිය රටවල් පහ අතරේද ශ්‍රී ලංකාව සිටියි.

ආසියානු කුසලාන සුදුසුකම් ලැබීම යටතේ දකුණු ආසියනු රටවල් රැසක් තරගවැදුණු අතර එහිදී ඉන්දියාව හොංකොං හමුවේ 1-0ක් ලෙසද, බංග්ලාදේශය සිංගප්පූරුව හමුවේ ගෝල 2-1ක් ලෙසද, පාකිස්තානය මියැන්මාරය හමුවේ ගෝල 1-0ක් ලෙසද, මාලදිවයින ටිමෝර ලෙසතෝ හමුවේ ගෝල 1-0ක් ලෙසද, නේපාලය ලාඕසය හමුවේ ගෝල 2-1ක් ලෙසද, භූතානය බෲනායි හමුවේ ගෝල 2-1ක් ලෙසද, ඇ‍ෆ්ගනිස්තානය සිරියාව හමුවේ ගෝල 1-0ක් ලෙසින්ද පරාජය වද්දී දකුණු ආසියානු කලාපයේ එකම ජයග්‍රාහී රට බවට පත්වූයේ චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ගෝල 3-1ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *