
කැනේඩියානු පිහිනුම් ශූරිය වන සමර් මැකින්ටොෂ් Summer McIntosh දින තුනක් තුළ ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට සමත්විය.පසුගිය සඳුදා රාත්‍රියේ පැවති කැනේඩියානු පිහිනුම් පෙර පුහුණුවීම් වලදී කැනේඩියානු යොවුන් වියේ පසුවන සමර් මැකින්ටොෂ් දින තුනක් තුළ ඇගේ දෙවන ලෝක වාර්තාව පිහිටුවීය.
මැකින්ටොෂ් මීටර් 200 තනි මිශ්‍ර ඉසව්ව මිනිත්තු 2 තත්පර 5.7 කින් පිහිනා 2015 දී හංගේරියානු කටින්කා හොසු විසින් පිහිටුවා තිබූ 2:06.12 ක පෙර වාර්තාව බිඳ දැමීමට සමත්විය.
"මම මේකෙ දොරට තට්ටු කරමින් හිටියා. අන්තිමට ඒක කරන්න, ඒක හරි, වාව්, මම අන්තිමට ඒක කළා ," මැකින්ටොෂ් පැවසීය.
ටොරොන්ටෝහි පදිංචි 18 හැවිරිදි ඇය පසුගිය සෙනසුරාදා දිනයේදී මීටර් 400 නිදහස් ආර ඉසව්වේ ලොව හොඳම වාර්ථාව බිඳ දමා තිබූ අතර, තරඟය මිනිත්තු 3:54.18 කින් නිම කරමින් ඕස්ට්‍රේලියාවේ ඇරියර්න් ටිට්මස් Ariarne Titmus of Australia. විසින් පිහිටුවා තිබූ පැරණි වාර්තාව වන මිනිත්තු 3:55.38 ට වඩා තත්පරයකට වඩා අඩු කාලයක් වාර්ථා කිරීමට සමක්විය.
පසුගිය මැයි මාසයේදී කේටි ලෙඩෙකි විසින් පිහිටුවන ලද ලෝක වාර්තාවට වඩා තත්පර 0.95 ක් පමණක් වූ ඇගේ 8:05.07 කාලය ගෙවුණු ඉරිදා දිනයේදී මැකින්ටොෂ් 800 නිදහස් ආර ඉසව්වෙන් ඇගේම කැනේඩියානු වාර්තාව බිඳ දැමීමට සමත්විය.
පසුගිය වසරේ පැරිස් ඔලිම්පික් උළෙලේදී මැකින්ටොෂ් රන් පදක්කම් තුනක් දිනා ගත් අතර, 400 සහ 200 තනි මිශ්‍ර ඉසව් සහ 200 සමනල ඉසව්වේ තනි ඉසව් තුනම ජයග්‍රහණය කළාය. ඇය 400 නිදහස් ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගැනීමට සමත්විය.
_