
හංගේරියාවේ සෙජෙඩ් හි සෙනසුරාදා පැවති කැනෝ ස්ප්‍රින්ට් ලෝක කුසලාන ඉසව්වේ කාන්තා C1 මීටර් 500 අවසන් තරගයේදී කැනඩාවේ කේටි වින්සන්ට් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. ඒ තියුණු තරඟයකදී රිදී පදක්කම්ලාභී චීනයේ යනාන් මා (2:06.24) පරාජය කරමිනි.එහිදී වින්සන්ට් මිනිත්තු දෙකයි තත්පර 5.43 කින් තරගයේ අවසන් රේඛාව තරණය කළේය.
ස්පාඤ්ඤයේ මාරියා කෝර්බෙරා එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.ඒ(2:09.14) ක කාලයක් වාර්ථා කරමිණි.වින්සන්ට් ඔරු පැදීමේ ඉසව්වෙන් තුන් වතාවක් ඔලිම්පික් පදක්කම්ලාභිනියකි. පසුගිය ගිම්හානයේ පැරිස් ක්‍රීඩා උළෙලේදී කාන්තා C-1 200 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ඇය, ලොව හොඳම කාලය ලෙස තත්පර 44.12ක දක්ෂතාවක් සටහන් කළාය.
එය කාන්තා කැනෝ හෝ කයාක් ඉසව්වකින් කැනඩාව ලැබූ පළමු ඔලිම්පික් රන් පදක්කම විය.
ඔන්ටාරියෝ හි මිසිසෝගා හි 29 හැවිරිදි ඇය 2021 පැරිස් ක්‍රීඩා උළෙලේදී සහ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී C-2 500 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.