වසර 06කට පසු බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක්.

බංග්ලා­දේ­ශය සහ ශ්‍රී ලංකාව අතර තරග තුන­කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය­ගත් ශ්‍රී ලංකාව වසර 6කට පසු එක්දින තර­ගා­ව­ලි­ය­කදී බංග්ලා­දේ­ශය පරා­ජය කිරී­මට සමත් විය. 2019 වස­රේදී ශ්‍රී ලංකාව 3-0කින් ජය ලැබී­මෙන් පසු බංග්ලා­දේ­ශය පර­දවා ලැබූ තර­ගා­වලි ජය­ග්‍ර­හ­ණය ක්‍රිකට් වාර්තා පො‍තේ සට­හන් විය.

මහ­නු­වර පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී  පැවති අව­සන් හා තීර­ණ­තා­මක එක්දින තර­ග­යෙන් ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කළහ.

මේ අතර දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය අහිමි වී තිබෙනවා.

ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති තුන්වන එක්දින තරඟය අතරතුර ඔහු පාදයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඔහුව මේ වන විට ස්කෑන් පරීක්ෂණයකට ද යොමුකර තිබෙනවා. 

ඒ අනුව වනිඳු හසරංගට බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය අහිමි වන අතර ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු මෙතෙක් නම් කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *