
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පසුගිය (05) වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවිය.යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමි නොවීය.එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පවතී.
දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වූයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කළ අදාළ කමිටුවේ වාර්තාව සභාගත කළ අවස්ථාවේදීයි.ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සුදුසු බව අදාළ කමිටුව ඒකමතිකව නිර්දේශ කර තිබුණි.
පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම හා විෂමාචාර සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර ඔහු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අප්‍රේල් මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එම පරීක්ෂණ කමිටුවේ සභාපති ලෙස වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කළ අතර එහි සෙසු සාමාජිකයින් ලෙස නම් කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායකයි.
ඒ අනුව, චෝදනා 23ක් යටතේ දින 13ක් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කමිටුව සාක්ෂි විමසනු ලැබිණි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.


