ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ඇරඹෙන ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලිය පසුගිය 09 වැනිදා ඩුබායිහීදී ආරම්භ වුණා. තරගාවලියේ කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි. එහිදී ‘ඒ’ කාණ්ඩය යටතේ, ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදිති.

තරගාවලිය ප්‍රථමයෙන් සත්කාරකත්වය දරන ඉන්දියාවේම පැවැත්වීමට නියමිතව පැවැතියද, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයෙහි පවතින්නා වූ දේශපාලනික අර්බුද හේතුවෙන් තරගාවලිය ඉන්දියාවෙන් බැහැරව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි පැවැත්වීමට තීරණය කෙරිණි. ඒ අනුව සියලු තරග ඩුබායි සහ අබුඩාබි යන ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ප්‍රථම තරගය පසුගිය 09 වැනිදා රාත්‍රියේ අබුඩාබි හිදී ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර පැවැත්වුනා. ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික වටයේ ප්‍රථම තරගය එළැඹෙන 13 වැනිදා බංග්ලාදේශය සමග අබුඩාබිහිදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය හොංකොං සමග 15 වැනිදා ඩුබායි හිදීත්, තෙවැනි තරගය ඇෆ්ගනිස්තානය සමග අබුඩාබි හිදීත් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *