
ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන දැක්මට සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට දුන් පොරොන්දුවක් ඉටු කරමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට දැනට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණ වනවා.
මෙම පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණා.මෙම අරමුණ මුල් කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, ඊට නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
මෙම පනත සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත හරහා මීට පෙර විශ්‍රාම වැටුප් ලබාගත් මන්ත්‍රීවරුන්ට කුමක් සිදුවන්නේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ අදාළ පනත ක්‍රියාත්මක වන දිනයේ සිට දැනට විශ්‍රාම වැටුප් ලබන මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප මින් ඉදිරියට හිමි නොවන බවයි.
නමුත් මීට පෙර විශ්‍රාම වැටුප ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් එම මුදල යළි අයකර ගැනීමක් කිසිසේත් සිදුනොවන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා


