
2026 IPL ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය රුපියල් කෝටි 2ක උපරිම මූලික මිලට ඇතුළත් වන ක්‍රීඩකයින් 46 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්ව තිබෙනවා.ඒ, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගයි.
නොවැම්බර් 30 වැනිදා ලියාපදිංචි කිරීමේ අවසන් දිනට පසුව ලියාපදිංචි වූ ක්‍රිකට් ක්‍රීඩකයින් 1,355 දෙනෙකුගෙන් යුත් දීර්ඝ ලැයිස්තුව පසුගිය (01) වැනිදා ෆ්‍රැන්චයිස් කණ්ඩායම් වෙත ලබාදී තිබෙනවා.
එමෙන්ම ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් (Cameron Green) මෙවර වෙන්දේසියේ ප්රමුඛ ක්‍රීඩකයින් අතරට එක්වීමට නියමිත ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ අතර, කොල්කටා නයිට් රයිඩර්ස් ඉන්දීය රුපියල් කෝටි 64.3ක් ද, චෙන්නායි සුපර් කිංග්ස් ඉන්දීය රුපියල් කෝටි 43.4ක් ලෙස විශාලම වෙන්දේසි කණ්ඩායම්වන අතර, වැඩිම විදේශීය ක්‍රීඩකයන් පිරිසක් ද සිටින කණ්ඩායම් වනවා.ඒ අනුව, වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ෆ්‍රැන්චයිස් කණ්ඩායම් විසින් සිය කෙටි ලැයිස්තු දෙසැම්බර් 5 වන විට ඉදිරිපත් කළ යුතු බවට සඳහන්.


