
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී සිදු කෙරුණා.
මෙවර රග්බි ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, ඊට ඉතිහාසයේ පළමු වරට ලොව සුපිරිතම රග්බි රටවල් 24ක් එක්වනු ඇති.ඒ අනුව එම රටවල් 24 මුලික වටයේදී කාණ්ඩ 6කින් තරග බිමට පිවිසෙනවා.
A කාණ්ඩයෙන් ප්‍රබල නවසීලන්තය, සත්කාරක ඔස්ට්‍රේලියාව, චිලි සහ සිය කුළුඳුල් රග්බි ලෝක කුසලාන වරම් ආසියානු කලාපයෙන් හිමිකර ගත් හොංකොං කණ්ඩායම තරග වදිනවා.මෙහිදි ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පළමු වරට රග්බි ලෝක කුසලානයක මුලික වටයේදී මුණ ගැසීමත් කැපී පෙනෙනවා.
B කාණ්ඩයෙන් පසුගිය වර ලෝක ශූරයින් වූ දකුණු අප්‍රිකාව, ඉතාලිය, ජෝජියාව සහ රුමේනියාවත්, C කාණ්ඩයෙන් ආර්ජන්ටිනාව, ෆිජී, ස්පාඤ්ඤය සහ කැනඩාවත් තරග බිමට පිවිසීමට නියමිතයි.
D කාණ්ඩයෙන් අයර්ලන්තය, ස්කොට්ලන්තය, උරුගුවේ සහ පෘතුගාලය තරග වදින අතර E කාණ්ඩයෙන් ප්‍රංශය, ජපානය, අමෙරිකාව සහ සැමෝවා එක්වනවා.
එංගලන්තය, වේල්සය, ටොංගා සහ සිම්බාබ්වේ කණ්ඩායම එක්වන්නේ F කාණ්ඩයෙන් තරගවදිනු ඇති.ඒ අනුව 2027 රග්බි ලෝක කුසලානයේදී රටවල් 24 ක් තරග 52කදී උරෙන් උර ගැටීමට නියමිතයි..


