උඩුගුව­නට ගිය ලංකාවේ පළ­මු කාන්තා පියා­සර ඉංජි­නේ­රු­ව­රිය

ත්‍රස්ත­වා­දී­න්ගෙන් මෙරට මුදා­ගැ­න්මට ගුවන් හමු­දාව දුන් සහය සුළු­පටු නොවේ. ත්‍රස්ත­වාදි උව­දුර මුලි­නු­පුටා දැමී­මට එසේ ලැබුණු දාය­ක­ත්වය එදා සිටම මෙරට බාල මහලු කාගේත් ප්‍රශං­සා­වට ලක් විය.

ත්‍රස්ත­වාදි සමයේ පවා මෙරට බොහෝ තරුණ පර­පුර හමු­දා­වන්ට සම්බන්ධ වූයේ රට රැක­ගැ­නීමේ උදාර අර­මු­ණින් යුක්ත­වය. නමින් පූර්ණිමා අනු­රංගි වන ඇය ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ ප්‍රථම කාන්තා පියා­සර ඉංජි­නේ­රු­ව­රි­යයි. ඇය අධ්‍යා­ප­නය හැදෑරූ අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විද්‍යා­ල­යේදී ඇයගේ දිවියේ හැර­වුම් ලක්ෂ්‍යයක් නිර්මා­ණය විය.

“මම පාසලේ උසස් පෙළ හදා­ර­මින් සිටි­යදී ගුවන් හමුදා නිල­ධා­රීන් කිහිප දෙනකු ඇවිත් පාසලේ විශේෂ දේශ­න­යක් පැවැ­ත්වූවා. මම ඒ දේශ­න­ව­ලට බොහොම උන­න්දු­වෙන් ඇහු­ම්කන් දුන්නා. මට එත­කොට තමයි හොඳින්ම තේරුම් ගියේ ගුවන් හමු­දා­වට සම්බන්ධ වීමේ වැද­ග­ත්කම ගැන. ඒ හින්දම එදා මට ගුවන් හමු­දාව ගැන තිබුණු ආශාව තවත් වැඩි වුණා. මම ඒ දේශ­නය අව­සන් වුණාට පස්සෙ ගුවන් හමුදා නිල­ධා­රී­න්ගෙන් ඇහුවා ගුවන් හමු­දා­වට බැඳෙන්නේ කොහො­මද, මොන­වද ඕනෑ සුදු­සු­කම් කියලා. ඒ වෙලාවෙ ඒ නිල­ධා­රීන් බොහොම උන­න්දු­වෙන් මට දීර්ඝ විස්ත­ර­යක් කිවුවා. මට ලොකු සතු­ටක් දැනුණා. ඒ නිල­ධා­රීන් මට ලොකු පිළි­ගැ­නී­මක් කළා කියලා මට හිතුණා. “ඒ මොහොතේ පටන් හෙදි­යක වීමේ අද­හස සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් වෙලා, ගුවන් හමු­දා­වට බැඳෙන සිහි­නය මගේ එකම අදි­ටන වුණා. මම එදා ගෙදර ගිහින් අම්ම­ටයි තාත්ත­ටයි ඒ ගැන කිවුවා. අම්මා නම් කැම­තිම වුණේ මම හෙද සේව­යට යන­වට. ඒත් තාත්ත කව­දත් මගේ ගම­නට මගේ අද­හ­ස්ව­ලට උදවු කළා. එදා ඉඳන් ගුවන් හමු­දාව ගැන මගේ හිතේ තිබුණු හීනය කරා මම ගමන් කළා. මගේ ජීවි­තයේ මේ ගමන එන්න හැර­වුම් ලක්ෂ්‍යය ‍වන්නේ ජීවි­තයේ කව­දත් ජීවි­තයේ අම­තක නොවන පාස­ලේදී වුණු ඒ සිදු­වීම ලෙසයි මම දකින්නේ.”

පූර්ණිමා අනු­රංගි මවු­පි­යන්ගේ ආශී­ර්වා­ද­යෙන් ගුවන් හමුදා සේව­යට එක් වන්නේ 2018 ජන­වාරි 16 වැනි­දාය. එදා සිට ඇය තම උප­රිම කැප වීම ගුවන් හමු­දාව වෙනු­වෙන් ලබා දුන්නාය. “ඇත්තෙන්ම නිසි වෘත්තීය දැනු­ම­කින් මගේ රටට සේවය කරන්න තිබුණු ඕනෑ­කම නිසා­මයි මම ගුවන් හමු­දා­වට සම්බන්ධ වුණේ. ඒ වගේම, ගුවන් හමු­දාව තුළ තිබෙන නිසි වෘත්තීය මාර්ග­යන් වගේම අපේ හැකි­යා­වන් අනුව ඉදි­රි­යට යෑමට ඇති අවස්ථා නිසා මම ගුවන් හමු­දාව තෝරා­ගත්තා. විශේ­ෂ­යෙන්ම කියන්න ඕනෑ මීට කලින් කාන්තා නිල­ධා­රි­නි­යක කරපු නැති ක්‍රියා­වක් නැත් නම් කාන්තා නිල­ධා­රි­නි­යක නොසි­ටිය තන­තු­රක් දරද්දි පොඩි චකි­ත­යක් තිබුණා. මොකද: මගේ රැකි­යාව තියෙන්නෙ අහසේ ගමන් කරන යානා­වක. ඒ කියන්නෙ පළමු කාන්තා ‘ෆ්ලයිට් ඉංජි­නේ­රු­ව­රිය’ ලෙසයි මම MI –17 යානා­වක ගමන් කළේ. ඒ නිසා පළමුවරට යානය පියා­සර කරද්දී චකි­ත­යක් තිබු­ණත් මගේ පුහුණු කාල­යේදී මට ලැබුණු මනා පුහු­ණු­වත්, ඒ තුළින් මම ලබපු පන්න­ර­යත් නිසා මට ඒ සියලු අභි­යෝග ජය­ගන්න පුළු­වන් වුණා. “ඒත් එක්කම මගේ අත්දැ­කීම් මත මාගේ පළමු පියා­සර ගමන සාර්ථක කර­ගැ­නී­මට මහත් රුකු­ලක් වුණා. ඒ එක්කම කියන්න ඕනෑ මාත් එක්ක මගේ පියා­සර ඉංජි­නේරු නිල­ධා­රි­තු­මන් සහ පියා­සර පුහුණු උප­දේ­ශ­ක­තුමා මා සමඟ පළමු ගුවන් ගම­නට එක් වූ නිසා මගේ ශක්තිය ධෛර්යය තවත් වැඩි වුණා.

“අද මට ගොඩක් සතු­ටුයි ගුවන් හමුදා ඉති­හා­සයේ පළමු ගුවන්යානා කාන්තා පියා­සර ඉංජි­නේ­රු­ව­රිය වීම ගැන මම ගුවන් හමු­දා­වට බැඳෙ­න­කොට හිටපු තැනයි දැන් ඉන්න තැනයි එක්ක බල­න­කොට මම ගොඩාක් ඉදි­රි­යෙන් ඉන්නවා. ඒ ගැන මට ලොකු සතු­ටක් දැනෙ­නවා. ඒ වගේම මගේ මවු­පි­ය­න්ටත් මා ඉගෙ­න­ගත් පාස­ල­ටත් මා ගැන ලොකු අභි­මා­න­යක් සහ ආඩ­ම්බ­ර­යක් තියෙ­නවා ගුවන් හමු­දාවේ පළමු කාන්තා පියා­සර ඉංජි­නේ­රු­ව­රිය වීම ගැන. “ඒත් එක්කම කියන්න ඕනෑ මේක මම තනි­යම ආපු ගම­නක් නෙවෙයි. හිටපු ගුවන් හමු­දා­ප­ති­ව­රුන්, වත්මන් ගුවන් හමු­දා­ප­ති­තු­මන්, හිටපු ගුවන්යානා ඉංජි­නේරු අධ්‍ය­ක්ෂ ජන­රා­ල්ව­රුන්, වත්මන් ගුව­න්යානා ඉංජි­නේරු අධ්‍ය­ක්ෂ­ක­තු­මන්, කඳ­වුරු සහ බළ­ගණවල අණ දෙන නිල­ධා­රීන්, පියා­සර පුහුණු උප­දේ­ශ­ක­ව­රුන්, ජ්‍යෙෂ්ඨ පියා­සර ඉංජි­නේ­රු­ව­රුන් ඇතුළු සියලු ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සහ නිල­ධා­රි­නි­යන්ගේ සහ­යෝ­ගය මත පියා­සර ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස මගේ ගමන එන්න හැකි වුණා.

“ඒ වගේම මාගේ පවුලේ සාමා­ජි­ක­යන් – විශේ­ෂ­යෙන්ම මගේ අම්මා, තාත්තා වගේම බාල සොහො­යු­රාත් – පාසලේ සියලු ගුරු­ව­රුන්ගේ සහ මිතුරු මිතු­රි­යන්ගේ ආශී­ර්වා­දය මට නිර­න්ත­ර­යෙන් ලැබුණා. මම මගේ හද පිරි ආද­රය වගේම ගෞර­වය ඒ සියලු දෙනා­ටම පිරි­න­ම­නවා.

“මට ගුවන් හමු­දා­වෙන් ලැබුණු මේ අව­ස්ථා­වෙන් උප­රිම සේව­යක් ගුවන් හමු­දා­ව­ටත් රට­ටත් කර­න්නයි මගේ බලා­පො­රො­ත්තුව. ඒ වගේම මගෙන් පසුව කාන්තා පියා­සර ගුවන්යානා ඉංජි­නේ­රු­ව­රි­යන් වීමට බලා­පො­රො­ත්තු­වෙන් ඉන්න සියලු කාන්තා නිල­ධා­රීන්ට මගේ අත්දැ­කීම් මෙන්ම දැනුම ලබා දෙමින් ගුවන් හමු­දා­වට සහ රටට සේවය කීරී­මට හැකි කාන්තා ඉංජි­නේ­රු­ව­රි­යන් බිහි කර­මින් උප­දේ­ශ­ක­ව­රි­යක ලෙස කට­යුතු කර­න්නත් මම බලා­පො­රොත්තු වෙනවා.”

පාසල් කාල­යේදි බට­හිර සංගී­තය විෂය හැදැරූ පූර්ණිමා ගුවනේ මෙන්ම දිය­ඹේද තම හැකි­යා­වන් පෙන්ව­න්නීය. ඇය පිහි­නුම් ශූරි­යක්ද වන්නීය. පසු­ගි­යදා පැවති ආර­ක්ෂක සේවා ජල ක්‍රීඩා­ව­න්ගෙන්ද ඇය ජය­ග්‍ර­හ­ණය ලැබු­වාය. ඇයගේ අනා­ගත බලා­පො­රොත්තු දෙස බැලී­මේදී අපට පෙනී යන්නේ ඇය තමන් උගත් දේ අනෙක් අය හා බෙදා­ගෙන රටට වඩාත් වැඩ­දා­යක අයකු වන්නට වෙර දර­න්නි­යක බවයි.

අද ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ ෆ්ලයිට් ලෙෆ්ටි­නන්ට් තන­තුර හොබ­වන පූර්ණිමා අනු­රංගි හෙට දිනයේ මීටත් වඩා දුර ගම­නක් යන්නට පෙරුම් පුර­න්නීය.

ගුවන් හමු­දාව යනු කාන්තා­වන් හට තම බලා­පො­රොත්තු ඉටු කර­ගැ­නී­මට හැකි ස්ථාන­යක් බව පව­සන පූර්ණිමා ගුවන් හමු­දා­වට එක් වී ගුවන් නිය­මු­ව­රි­යන් මෙන්ම අනෙ­කුත් සියලු වෘත්තීන් සමඟ සම්බන්ධ වී වෘත්තීය දැනුම තුළින් මෙන්ම සැඟ­වුණු දස්කම් තුළින් ගෞර­වා­න්වි­තව මවු­බි­මට සේවය කිරී­මට පැමි­ණෙන ලෙස මෙරට තරු­ණි­ය­න්ගෙන් ඉල්ලී­මක් කර­න්නීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *