ඉතාලි සංචාරයක මතකය
අපි තාමත් ඉන්නෙ ඉතාලියෙ . අපේ සංචාරක බස් රථය යන්නෙ සියෙනා නගරයට . ටිකෙන් ටික නගරයෙන් ඈත්වුණු අපි මිදිවතු සහ අනෙකුත් ගොවිපොල මැද්දෙන් දිවෙන අධිවේගී මාර්ගයෙන් ගියේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සියෙනා බලන්න . ඉතාලියේ වයින් සදහා ප්‍රසිද්ධ ටස්කන් කලාපය හරහා අපේ මාර්ගය වැටී තිබුනා . ඉතිහාස කථාවලට අනුව රෝමය තැනු සහෝදර දෙපලගේ පුතුන් සියෙනා නගරය ඇරබු බවයි කියන්නේ. ඒත් මේ වෙනකොට මේ නගරය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සෑම වසරකම ජුලි 2 වැනිදා සහ අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන Palio අශ්ව රේස් හින්දයි . අපට මේ තරග සදහා අශ්වයින් දුවන ධාවන පථය සකස් කරනවා දකින්නට ලැබුණා . ඒත් පුළුවන් කමක් තියෙනවා නම් ඉතාලියේ විවිධ ප්‍රදේශවලින් තරග කරුවන් පැමිණෙන මේ උත්සවය බලන්න ඔබේ ගමන සැලසුම් කරගන්න පුළුවන්.
Piazza Del Campo
සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්‍රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්‍රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්.
Siena Cathedral
1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්.
Torre Del Mangia
සියෙනා නුවර තිබෙන සුවිශේෂී සංකේතයක් වන මේ කුළුණ පිහිටා තිබෙන්නේ නගර ශාලාවේ මැද්දට වන්නටයි . පඩි 400 ක් නැග ගිය විට ඔබට දකින්නට ලැබෙන දසුන හරිම ලස්සන එකක්
සියෙනාවට යන කවුරුත් වගේ කන විශේෂ කෑම 2 ක් තියෙනවා . ඉන් පළමුවැන්න Pici කියන පැස්ටා විශේෂය . Pepper & cheese හරි Tomato sauce එක්ක හරි කන ඒක Spaghetti වලට වඩා තරමක් විශාල එකක් .දෙවැන්න Ricciarelli. කියන අතුරුපස . ඒක Almonds දාල සම්ප්‍රදායික විදිහට හදන cookie එකක්.
අපේ ගමනෙදි සියෙනා වලින් අපි ඊළගට ගියේ වැනිසියටයි. ඒ ගැන අපි පහුගිය මාසෙ කියැවූ හින්ද ඊළගට යන්නේ මිලාන් වලටයි . ඇත්තටම කියනවා නම් මේ නගර දෙක අපේ ගමනේ අතරමග නැවතුම්පල දෙකක්.
Milan (Milano)
මිලාන් මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙන්නෙ ලෝකයේ විලාසිතා නිර්මාණකරණයේ අග නගරයක් විදිහටයි . විලාසිතා වලට අමතරව මිලාන් වලට ගියොත් ඔබට බලන්නට පුළුවන් තැන් රැසක් තිබෙනවා.
Milan Cathedral ( Duomo Di Milano)
කුළුණු 135 ක් , කිරිගරුඩ ප්‍රතිමා 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහිත මේ පල්ලියේ වහලයේ තිබෙන සොල්දර අතරින් ගිහින් හැඩ බලන්නට පුළුවන් . ඉතාලියේ තිබෙන විශාලතම පල්ලිය විදිහට හැදින්වෙන මේ පල්ලිය අගනා කලා නිර්මාණයක් . මේක ඉදිරිපිට චතුරශ්‍රය කොයි වෙලාවෙත් සෙනග පිරිලා තියෙන තැනක්.රැස්වෙන දහස් ගණන් පරෙවියන්ට කෑම දෙන්නත් ඉදිරිපිට තිබෙන මනරම් ප්‍රතිමාව ඉදිරියේ ෆොටෝ ගන්නත් ඔබට පුළුවන්.
Galleria Vittorio Emmanuele II
19 වන සියවසේ ඉදිවුණු මේ සුපිරි වෙළද සැලේ සමහර කඩ අවුරුදු 150 ක් විතර පරණයි . විලාසිතා ලෝකයේ දැවැන්තයින් දැකගන්න හොදම තැනක් කියල කියන මේ පරිශ්‍රයේ ලෝකයේ ඉතාමත්ම ජනප්‍රිය විලාසිතා නාම ඇතුලත් වෙළදසැල් රැසක් තිබෙනවා.
La Scala Opera
මිලාන් පල්ලියට වම්පසින් තිබෙන මේ ගොඩනැගිල්ල විශාල නාට්‍ය ශාලාවක් . එහි පිටත මෙන්ම ඇතුලත තියෙන කැටයම් ඉතාලි නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් මොනවට කියා පානවා. 1778 දී ඉදිවුණු මෙය ලෝකයේ ඇති අතිශය ජනප්‍රිය රංග ශාලාවක්.
Sforzesco Castle & Sempione park
Castello Sforzesco 14 වන සියවසේදී ඉදිවුණු සුවිසල් මන්දිරයක් . අප යන කාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙමින් පවතී මෙහි එක් පසෙක තිබෙන සාම කුළුන සුවිශේෂී එකක් . මෙහි ඉදිකිරීම් සදහා භාවිතා කර තිබෙන්නේ ලංකාවේ ගඩොල් වැනි ද්‍රව්‍යයක් . මේ වනවිට මේ මාලිගයේ කොටස් කෞතුකාගාර , කලාගාර සහ පුස්තකාලයක් විදිහට ජනතා සේවයට යොදවා තිබෙනවා . Fontanadi piazza castello මේ උද්‍යානයේ තිබෙන සුවිසල් අලංකාර වතුර මලක්.
ඉතාලිය සුවිසල් සහ සංචාරක ස්ථාන රැසක් තිබෙන රටක් වුණත් අපට යන්නට පුළුවන් වුනේ තැන් කිහිපයකට පමණයි . ඒ වගේම අප මේ සංචාරය සදහා භාවිතා කලේ යම් සංචාරක ආයතනයක් සංවිධානය කල සංචාරයක් නිසා අපට ඔවුන් ආවරණය කරන තෝරාගත් නවතුම්වල යම් සීමාසහිත කාලයක් තුල සංචාරයන් නිමා කරන්නට සිදුවූ බව කිවයුතුයි . ඒත් වාහන තදබදයෙන්, වාහනය නවත්වන්නට තැන් හොය හොයා නාස්ති කරන කාලයෙන් මිදී නියම තැන්වලට තදබදය අඩු වෙලාවලට යන්නට ඔවුන්ගේ පලපුරුද්ද වාසියක් වූ බව කිව යුතුයි. ඒ කොහොම වුණත් කුලියට ගත් රියක තමන්ගේ තාලයට ගිහින් මේ තැන් රස විදින්න ඔබට බැරිකමක් නැහැ.
කැනේඩියානු සංචාරයක මතකය
කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව එක්ක නයගරා ආශ්රිත සංචාරක ස්ථාන බලමුද ?

ඇමෙරිකානු දේශසීමා මායිමේ තියෙන හින්ද නයගරා කලාපය නිතර ඇමෙරිකානු ආක්‍රමණ වලට ගොදුරු වෙලා තියෙනවා . ඒ අතරෙ 1812 වූ යුද්ධය ඉතිහාසගතයි . ඇමෙරිකාවට පරාජය ගෙනදෙමින් බ්‍රිතාන්‍ය පාක්ෂිකයින්ට ජය අත්වූ ඒ යුද්ධයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ආක්‍රමණය ගැන තොරතුරු බ්‍රිතාන්‍ය පක්ෂපාති හමුදාවට ලබාදීමට දිවි පරදුවට තබා Laura Secord නම් කාන්තාව පයින්ම ඇවිද ගිය කිලෝමීටර් 32 ක් දුර ගමන. එදා එය එතරම් අගය නොකෙරුණත් පසුකාලීනව ඇගේ මෙහෙවර කැනඩාව සිහිපත් කර තිබෙන්නේ බොහෝ දෑ කරමින් . Laura Secord chocolates ඒ නම ජනප්‍රිය කරන්නටත් හේතු වූ බව කිවයුතුයි .

Laura Secord නිවහන

Laura Secord වීරවරිය විසූ නිවහන වර්තමානයේ කෞතුකාගාරයක් ලෙස සංරක්ෂණය කර තිබෙනවා . ඒ කාලයේ ඇදුම් ඇදගත් නියාමකවරියන් විස්තර ඉදිරිපත් කරන ඒ නිවසේ ඒ කාලයේ භාවිතා වූ බඩු මුට්ටු දැකගන්න පුළුවන් . වෙලාවක් තියෙනවා නම් ඒ කාලයේ මුද්‍රණ කටයුතු බලන්න Mackenzie Printery එකටත් ගොඩ වැදෙන්න පුළුවන් .
Old Fort Erie

1812 දී ඉතිහාසය ප්‍රතිනිර්මාණය කෙරෙන මෙතැන අධ්‍යාපනික සහ ඉතිහාසගත වටිනාකම හරි ඉහලයි . ගිම්හාන කාලයේදී ගියොත් ඒ කාලයේ යුද්ධයක් බලන්නට පුළුවන් හොද බලකොටුවක් විදිහට මේක හදුන්වන්න පුළුවන් .
Butterfly Conservatory

නයගරා උද්හිද උද්‍යානයේ කොනක ඇති මේ සමනළ සංරක්ෂණාගාරය කවුරුත් ආසකරන අපුරු තැනක් . අත්වල ඇගේ වහන පාට පාට සමනල්ලු එක්ක ඉන්නකොට කාලෙ යනව දැනෙන්නෙත් නැහැ .
Whirlpool Aero Car

1916 දී ඉංජිනේරු Leonardo Torres Quevedo තැනු මේ පැරණි කේබල් කාර් එක නයගරා ගග හරහා හතර වතාවක් ඇමෙරිකානු – කැනඩා දේශසීමා තරණය කරනවා . හැම අවුරුද්දකම අප්‍රේල් – නොවැම්බර් කාලවලදී මෙය ක්‍රියාත්මක වෙනවා.
Floral Clock

1950 දී ඉදිකරන ලද මේ සුවිසල් මල් ඔරලෝසුව අඩි 40 ක වටප්‍රමාණයකින් යුක්තයි . අවුරුද්දකට දෙවතාවක් පැලවර්ග මාරු කරමින් ඔබට දකින්නට ලැබෙන මෙහි 16,000- 20,000 ක් තරම් විවිධ මල් වර්ග සිටුවා තිබෙනවා . සෑම පැය කාලකට වරක් ලන්ඩන් වෙස්මිනිස්ටර් ඔරලෝසුවේ හඩින් නාදවන මෙය නයගරා ප්‍රදේශයේදී
බලන්නට වටින තැනක් . නයගරා උද්හිද උද්‍යානයේ කොනක ඇති මෙහි ඔරලෝසුවේ ක්‍රියාකාරීත්වය භාරව ඇත්තේ ඒ ළගම තියෙන බලාගාරයේ නිලධාරීන් .
Marineland

1961 දී John Holer විසින් පටන් ගත් මේ විනෝද උද්‍යානය බාල , තරුණ , මැදිවියේ හැමට විවිධ ක්‍රියාකාරකම් ඇති Theme park එකක් වන මෙහි Dolphin, Walrus, Sea-lion සංදර්ශනය කදිම එකක්.
Niagara Botanical Garden

නයගරා උද්හිද උද්‍යානය අවුරුද්දේ එක් එක් කාලවලදී වෙනස් ලස්සනක් ඇති තැනක් . අවුරුදු 100 කට කිට්ටු ඉතිහාසයක් ඇති මෙහි රෝස වර්ග පමණක් 2400 කට වඩා තිබෙනවා .
Niagara On the Lake

මිදි වත්තක , වයින් නිෂ්පාදනාගාරයක, ලැවැන්දරා මල් වත්තක කදිම අත්දැකීමක් ලබන්නට නම් නයගරා ඇල්ලේ ඉදන් ටිකක් ඉහලින් තියෙන මේ නගරය කදිම තැනක් .
පොදුවේ ගත්තාම නයගරා ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය සැමදා සංචාරකයින්ගෙන් පිරී තිබෙනවා . එහි ප්‍රධාන වීදිය , Clifton Hill දිවා රෑ සංචාරකයින්ගෙන් අඩුවක් නැහැ . ඉටි රූප කෞතුකාගාර ,Haunted houses, Farris Wheel ඇතුළු විනෝදාත්මක අංග රැසක් එහි තියෙන්නේ Casino,Water park වලට අමතරවයි .

රාත්‍රියට විවිධ පාටැති විදුලි ආලෝක ධාරා වලින් දියඇල්ල වර්ණවත් වූ විට හරිම හැඩයි . ගිම්හාන සති අන්තවල රාත්‍රියට ඇති Fireworks ඒ හැඩ වැඩි කරනවා . ටිකක් වැඩියෙන් වියදම් කරන්න පුළුවන් නම් ඔබට හෙලිකොප්ටර් චාරිකාවකින් නයගරා ඇල්ලත් අවට අසිරියත් බලන්න පුළුවන් ,

තවත් ගමනකින් ඊළග මාසයේදී හමුවෙමු .
සටහන අනුරුද්ධ වැලිගමගේ


