බාලගිරි දෝශය අවසන් විගණකාධිපති පුරප්පාඩුව පිරවෙයි.

ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමැතිය ලබාදී තිබෙනවා.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය (3) වැනිදා කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි. මේ අනුව මාස 11 ක් පුරා පුරප්පාඩුව පැවැති විගණකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්. එස්. පී. ජයරත්න (සමුදිකා ජයරත්න) මහත්මියගේ නම අනුමත කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරණු ලැබුවා. විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් සභාව විසින් සලකා බලා තිබුණා. ඒ අනුව, දින කිහිපයක දීර්ඝ සාකච්ඡාවලින් පසු නව විගණකාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමටයි කටයුතු කර තිබුණේ.

හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න විශ්‍රාම ගැනීමෙන් පසු 2025 අප්‍රේල් 8 වැනි දින සිට විගණකාධිපති ධුරය පුරප්පාඩුව පැවතියා.පසුව, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ධර්මපාල ගම්මන්පිල වැඩබලන පදනමක් මත එම තනතුරට පත්කෙරුණා.කෙසේවෙතත්, ඔහුගේ ධුර කාලය අවසන් වුයේ 2025 දෙසැම්බර් 5 වන දිනයි.ජනාධිපතිවරයා මීට පෙර එම තනතුර සඳහා නාමයෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණද, එම නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබුණා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *