
ලෝක කම්කරු දින සැමරුම නිමිත්තෙන් ජාතික ජන බලවේගයෙන් මැයි රැලි 21ක් රට පුරාම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජාතික ජන බලවේගය මුලින් සැලසුම් කොට තිබුණේ උතුරේ කඳුකරයේ සහ කොළඹදී මැයි රැලි 03ක් සංවිධානය කිරීමටය.
එහෙත් පවතින ඉන්ධන අර්බුදකාරී තත්වය හමුවේ සිය පක්ෂ සාමාජිකයන්ට මැයි දිනයට සහභාගිවීමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අසීරු කාරණයක් වේයැයි යන්න පිළිබඳව ජාතික ජන බලවේගයේ නායකයන්ගේ අවධානයට යොමුව ඇත.
ජාතික ජන බලවේගයේ නායක ජනපති අනුර දිසානායක සහ පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති හමුවකදී දිස්ත්‍රික් සංවිධායකයින්ගේද අදහස් හා යෝජනා අනුව අවසානයේදී තීරණය කර ඇත්තේ, දිස්ත්‍රික් මට්ටමින් උපරිම පිරිසක් සහභාගි කර ගනිමින් මැයි දින පෙළපාලියක් සහ රැස්වීමක් පැවැත්වීමටය.
මෙම සාකච්ඡාවේදී යෝජනා වී ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් දෙක සම්බන්ධ කරගනිමින් පවත්වන කඳුකරයේ මැයි රැලියටත්, මහරගමදී පවත්වන මැයි දින සැමරුමටත් සහභාගි වීමටය.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තංගල්ලේදී සහ මාතර පැවත්වෙන මැයි දින සැමරුමටත්, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය රත්නපුරයේ සැමරුමටත් සහභාගිවීමට නියමිතය.
ඇමති ලාල්කාන්තගේ සහභාගිත්වයෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගලදීත්, ඇමති විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් පුත්තලම සහ ගම්පහදීත් ඇමති බිමල් රත්නායකගේ සහභාගිත්වයෙන් උතුරේදීත් මැයි රැලි පවත්වන අතර සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර යන ඇමතිවරැන්ද දිස්ත්‍රික් මට්ටමින් පවත්වන මැයි දින සැමරැම් සඳහා සහභාගි වීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින සැමරුමේ තේමාව වන්නේ ‘ජන රජයට ජන බලයක්’ යන්නයි.
මැයි 1 වැනි දිනට නියමිත අන්තර්ජාතික කම්කරු දිනය (මැයි දිනය) පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන වැරදි තොරතුරු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
සම්බන්ධයෙන් එජාපයේ නිල සංකේත භාවිත කරමින් අන්තර්ජාලය හරහා බෙදාගන්නා ලද සටහන් කිහිපයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒවා තම ස්ථාවරය නියෝජනය නොකරන බවත් එක්සත් ජාතික පක්ෂය එමගින් පවසයි.
මෙම වසරේ මැයි 1 වැනි දින වෙසක් පෝය යෙදී ඇති බවත්, එබැවින් එක්සත් ජාතික පක්ෂය ස්වාධීනව හෝ වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ සහයෝගයෙන් කිසිදු මැයි දින සැමරුමක් පැවැත්වීමට තීරණය කර නොමැති බවත් එජාපය සඳහන් කරයි.
මැයි දින ක්‍රියාකාරකම් පිළිබඳ ඕනෑම නිල නිවේදනයක් එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව සහ නිල යූ ටියුබ් නාලිකාව හරහා පමණක් නිකුත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඒකාබද්ධ මැයි දින රැළියක් පවත්වන බව සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් මීට පෙර ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
මේ අතර මෙවර සඡබ මැයි රැලිය විපක්ෂ නායක සඡිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නිමිතයි.ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණ පවසන්නේ මැයි දිනය පොහොය දිනයකට යෙදී ඇති බැවින් මැයි රැලියක් නොපවත්වන බවයි.


