මගේ සතුට
හිතට
මගේ,
රිද්දන
තරම්
හසරැල්ල
ගෙනෙයි නම්
නුඹ මුවට,
කොයි තරම්
එයම
සතුටක්
නොවෙද?
ලැබිය හැකි
ඉස්තරම්
හිත පතුල
අකුරු,පද
ගැලපුනත්
කොයි තරම්
හුදකලාවේ ලියු කවි
https://hudakalakavi.blogspot.com
පොපී මල්? ඕනෑමයි!

පුංචිම පුංචි ගෙදරක්
එක ජනේලයකුත් ඇති
හිරු රැස් එබෙන පැත්තට
ජනේලය තිබ්බාම ඇති
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි
ඉර පරවෙලා මියයන
කහ පැහැ හවස් වරුවල
ලේ රත් පාට මල් පෙති
එකින් එක ඉහිරෙනු ඇති
වචනෙන් වචනේ නොකියා
දෑසින් දෑස බලමින්
කවි කතා සිය දහසක්
අපි දෙන්නාට කිව්වැකි
පොපී මල්? ඕනෑමයි!
ඒවා හිනා වේවි නේ
බිත්ති අතරින් රිංගා
වහලෙට උඩින් එබි එබි
හෙල්මලී ගුණතිලක
https://hotchocolatedays.blogspot.com
මැජිකල් ගෑනු !

පහේ කණිසමට හෙමිහින් යුග යහනින් බසින්නී
මුදාහැරුනු දිගු වරලස හිස් මුදුනින් තබන්නී
අයිස් පෙට්ටි පාත්තියෙන් නෙක එළවළු නෙලන්නී
මල්ටි කුකර් එකේ බහා මල්ට් රයිස් උයන්නී
සාරි ඔසරි ස්කර්ට් පෑන්ට් දවස් පහට අදින්නී
බස් එක මිස් වෙන දවසට ඌබර් එකට නගින්නී
හවසට යන එන අතරට කීල්ස් එකට දුවන්නී
ඉහින් කනින් බඩු මලු ගෙන ගේට්ටුවෙන් එබෙන්නී
සා පැටවුන් නිදිකර we ටයිම් එකද හොයන්නී
ගල්වා නෙක සඳුන් සුවඳ සිරි යහනට වඩින්නී
නට්ස් කකා කෝපි බිබී කේ ඩ්රාමද බලන්නී
නිවාඩු දවසට පස්සට එලිවෙන තුරු නිදන්නී
දුක හිතුනම වෙල් ගනන් නොකා නොබි අඩන්නී
මල පැන්නම මායම් වී මහා කාලිට අදින්නී
මහා තනියක් දැනෙනා විට සිංදුවකට නිවෙන්නී
දොරත් වහගෙනම හිතුනම හති එන තුරු නටන්නී
හිටපු ගමන් ඉබාගාතෙ වින්ඩෝ ශොපින් කරන්නී
ස්ට්රීට්ෆුඩ් වල රිංගා රස මසවුළු සොයන්නී
කවි පොතකට වහ වැටුනම ඒකෙන් ගොඩ නොඑන්නී
රෑ ජාමෙත් ඇහැරීගෙන විරහ ගීත ගයන්නී
පවුල කියන කොටුව වඩා සෙනෙහස් දැල එලන්නී
ආදරේම බෙද බෙද නිති සුව පහසුව සදන්නි
ගවුම නැතත් බිම ගෑවෙන ලාලිත්‍යය රකින්නී
මතු බුදු වෙන්නට නොසිතා මව්වත් කම දරන්නී
සොඳුරු සඳවතී
https://kavisandalla.blogspot.com
මල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ ඒ නුවර

“මෙහෙත් හරි වැස්ස!”
මතකයක් අකුණු ඉරි අඳින’තර
ගිඩිගිඩියෙ හෙන ගහන්නැහෙ හද ගැහෙනවා
“ඔහෙත් හෙම වෙන්ටැ?”
නොම අසමි, වෙමි නිස්සද්ද
මල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ – මං හිතනවා
ආපහු එන්න හිත නැති
ආවත් යන්න හිත නැති
දෙමංසල මැද මත් සිහින මුල් අදිනවා
කහ ගැහුණු දිනපොත් ඇති
කවිත් ඒ පිටුවල ඇති
විරිත් ගිලිහී අකුරු පොදි බිම වැටෙනවා
මම කියන්නේ මටමද?
නැතිනම් වෙනින් කාටද?
සිහින් රිදුමක් ලපැත්තට කටු අනිනවා
අත් හැරපු අත් ආයෙම,
අල්ලගන්නට යුතුද? අයුතුද?
අත්හැරීමම අත්ලතට ගුලිකරනවා
අළුත් කවියක් අතේ නැතුවම
මහබිනික්මන් කරනවා…
බස්සි (Yash)
යශෝධා සම්මානි ප්‍රේමරත්න


