කසාවතින් උණුසුම් වූ සතියක්.

පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා එනම් 8 වැනිදා ජනා­ධි­ප­ති­තු­මාට වැඩ අධික දව­සක්. වැඩ­ස­ට­හන් කිහි­ප­යක් යෙදිලා තිබුණා. ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමිගේ චීව­රය ඉවත් කර, ගිහි වස්ත්‍ර සහි­තව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කිරීම පාදක කර­ග­නි­මින් සමා­ජයේ ඇති වී තිබෙන ආන්දෝ­ල­නා­ත්මක තත්ත්වය හමුවේ ජනා­ධි­ප­ති­ව­රයා නාහි­මි­ව­රුන් සමඟ සාක­ච්ඡා­වක් දාගෙන තිබුණේ පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා. ජනා­ධි­ප­ති­තුමා එහිදී නාහි­මි­ව­රුන්ට කීවේ, බන්ධ­නා­ගාර නීති සකස් කිරී­මේදී භික්ෂූන් වහ­න්සේලා හෝ අනි­කුත් ආග­මික උතු­මන්ලා කේන්ද්‍ර කර­ගෙන විශේෂ රෙගු­ලාසි සකස් වී නැති බවයි. එමෙන්ම සැම විටම පොදු සිර­ක­රු­වන් පිළි­බඳ අව­ධා­නය යොමු කර තිබෙන බවත් කියා සිටියා.

බන්ධ­නා­ගාර නීති­යට අනුව සිර­ක­රු­වන් බැහැ­රට රැගෙන ඒමේදී පැවති ක්‍රියා­ප­ටි­පා­ටිය අනු­ග­ම­නය කර ඇති බවත්, දැනට බන්ධ­නා­ගා­ර­ග­තව සිටින භික්ෂූන් වහන්සේ 63ම වෙනත් නඩු­ව­ලට සම්බන්ධ නම් අධි­ක­ර­ණ­යට කැඳ­වී­මේදී සිවුරු දරා­ගෙන උසා­වි­යට රැගෙන ආවේ නැති බවත් කීවා.

 “හැම විටම මේ නීති සකස් කර තිබෙන්නේ පොදු තත්ත්ව­ය­කදී මිස භික්ෂූන් වහන්සේ උදෙසා විශේෂ රෙගු­ලාසි අඩුයි. භික්ෂූන් වහන්සේ සිර­ගත වනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රොගු­ලාසි ඇතු­ළත් කරන්න නැතිව ඇති. හැබැයි දැන් සමා­ජයේ ඇති වී තිබෙන බිඳ­වැ­ටී­මට යම් ප්‍රමා­ණ­ය­කට භික්ෂූන් වහ­න්සේ­ලාද ගොදුරු වී සිටින බව පෙනෙ­න්නට තිබෙ­නවා. ඒ නිසා, බන්ධ­නා­ගාරගත වූ විට රැඳී සිටින ආකා­රය සහ බන්ධ­නා­ගා­ර­යෙන් බැහැ­රට ගෙන යන ආකා­රය පිළි­බඳ නව රීති සම්පා­ද­නය කර­ගත යුතුයි. එය එක් හිමි­න­මක් ඉලක්ක කර­ගෙන නොව, පොදුවේ පද්ධ­ති­ය­ටම අදාළ විය යුතුයි” ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටියා.

දැන් වැස්ස දැකලා සතුටු වෙන්න පුළු­වන්

ලෝක ජනා­වාස දිනයේ නිවාස පන්ද­හ­සක් පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හ­නක් රට පුරා ක්‍රියා­ත්මක වුණා. මේ වැඩ­ස­ට­හන යටතේ ග්‍රාම­සේවා වසම් මට්ට­මින් ඉතා දිළිඳු පවු­ලක් තෝරා­ගෙන ලක්ෂ දහ­යක් ප්‍රති­පා­ද­න­ව­ලින් ගමේ අයගේ ශ්‍රම­දා­ය­ක­ත්ව­යද ඇතිව ලක්ෂ 15ක පමණ වටි­නා­ක­ම­කින් යුතු නිවාස විශාල ප්‍රමා­ණ­ය­කුත් නිවෙස් හිමි­යන්ට භාර දුන්නා. නිවා­ස­ලා­භීන් සහ ඔවුන්ගේ දරු­වන් කරපු කියපු දේවල් හරිම සංවේ­දියි.

“මගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා දවල් දව­සට මම විත­රයි ගෙදර ඉන්නේ. අපේ ගෙදර වැස්සට වහ­ලින් තෙමෙ­නවා. ලෑලි බිත්ති දිරලා. ලොකු හුළ­ඟක් ආවොත් ගල­ව­ගෙන යයි කියලා බය හිතෙ­නවා. කවු­රු­හරි ආවත් මේ දොර­වල් අර­ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවට පස්සේ අම්මලා එන­කම් මං ඉන්නේ පුදුම බය­කින්.” එහි සිටි දිය­ණි­යක් කියා­ගෙන ගියා.

“දැන් මොකද හිතෙන්නේ?”

“අම්මෝ! දැන් නම් පුදුම සතු­ටක්. මේ වගේ ගෙයක් කියන්න මට හීන­යක්. මං හිතා­ගෙන හිටියේ ඉගෙ­න­ගෙන රස්සා­වක් කරලා කොහොම හරි මුලින්ම ගෙයක් හද­නවා කිය­ලයි. ඉතින් ඒ හීනේ කලින්ම ඉෂ්ට කරලා දුන්නට මාම­ලාට ගොඩක් පින්.” අවු­රුදු දොළ­හක් විතර වය­සැති ඒ දිය­ණිය ඇස්වල කදුළු පුරෝ­ගෙන. කාගෙත් ඇස් තෙත් වුණා.

අලුත් නිවාස දෙනවා වගේම දීපු නිවාස ගැන හොයා බලන එකත් වග­කී­මක් කර­ගත්ත සමන්ත විද්‍යා­රත්න ඇමැ­ති­ව­රයා පූනා­ගල නිවාස බලන්න ගියා. ඒ නිවා­ස­වල පදිං­චි­ක­රුවෝ ඇමැ­ති­ව­රයා බොහොම ආද­රෙන් පිළි­ගත්තා.

“ඉතිං කොහො­මද අම්ම­ලාගෙ අලුත් ගෙවල්?”

“අනේ මහ­ත්තයෝ ජනා­ධි­ප­ති­තු­මයි, ඔබ­තු­මයි, මේ ආණ්ඩු­වයි කත­ර­ගම දෙවියෝ බලා­ගන්න ඕනෑ.” ඒක අම්මා කෙනෙක් කතා­වට මුල පිරුවා.

“අනේ ඔව් ඇමැ­ති­තුමා. ඉස්සර අපි වැස්සක් වහින කොට පුදුම බයෙන් හිටියේ. ගෙවල් ගියාට පස්සේ අපිට පැක්ට­රි­යට දැම්මනේ. එතන පුදුම දුක­කින් ජීවත් වුණේ. හරි­යට කුකුල් කූඩු­වක් වගේ. දැන් දෙයි­යනේ කියලා අත-පය දිග­ඇ­ර­ගෙන ඉන්නවා.”

“කොහොම හරි ඔයාලා සතු­ටෙන් නම් එච්ච­රයි,” සමන්ත විද්‍යා­රත්න ඇමැ­ති­තුමා සතුටු සිතින් කතා­බහ නිම කළා.

වට­ග­ලට කෝල් එකක්

පහු­ගිය බදාදා හැන්දෑවේ නොදන්න අංක­ය­කින් සුනිල් වට­ගල නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යාට දුර­ක­තන ඇම­තු­මක් ලැබුණා. අනිත් පැත්තෙන් කතා කළේ වෛද්‍ය­ව­ර­යෙක්. නම කිවු­වට පස්සේ ඇමැ­ති­තු­මාට මතක් වුණා ඒ කවුද කියලා.

“ඇමැ­ති­තුමා, අද විශේෂ දව­සක්ද?”

“ඒ මොකද එහෙම අහන්නේ?”

“නෑ. අද හතේ නිව්ස් සම්පූ­ර්ණ­යෙන්ම අත්අ­ඩං­ගු­වට ගැනී­ම්ව­ලින් පිරිලා. මගේ යාළු­වෙ­කුත් කතා කළා, ආණ්ඩුව මේ යන ගමන ගැන ගොඩාක් අය ඉන්නෙ පැහැ­දී­ම­කින්,” වෛද්‍ය­ව­රයා කිවුවා.

“මේකයි ඩොක්ටර්, වැරදි කරපු අයට කොහො­මත් බේරී­මක් නෑ. වර­දක් නොකළ අය බය වෙන්න ඕනත් නෑ. අපි නික­රුණේ කවු­රු­වත් අත්අ­ඩං­ගු­වට ගන්නෙත් නෑ; කාට­වත් බොරු නඩු හද­න්නෙත් නෑ. පොලී­සිය තමන්ගේ රාජ­කා­රිය හරි­යට කර­නවා. අධි­ක­ර­ණය ඒ අයගේ රාජ­කා­රිය කර­නවා. අපි කරන්නේ ඒ අයට ස්වාධී­නව වැඩ කරන්න පරි­ස­රය හදලා දෙන එකයි,” වට­ගල ඇමැ­ති­ව­රයා කිවුවා.

ඥාන­සාර හාමු­දු­රු­වන්ට සිවිල් ඇඳු­මක් අන්දපු එක ගැන සමා­ජයේ තිබෙන කතා­බහ ගැනත් මෙත­නදි කතා වුණා. සුනිල් වට­ගල නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා කිවුවේ “ඒක බන්ධ­නා­ගා­රයේ ක්‍රම­වේ­දය සහ නීති රීති කිය­ලයි. ඒවල ප්‍රශ්න තියෙ­නව නම් අපි සාකච්ඡා කරලා ඒවා නිවැ­රදි කර­නවා. නායක හිමි­ව­රුන්ගේ අද­හ­ස්ව­ලට අපි ගරු කර­නවා.”

සජ­බය අලුත්ම ගේම පටන් ගනියි

පසු­ගිය දව­ස්වල පාර්ලි­මේන්තු කොරි­ඩෝව පැත්තේ ලොකු ලොකු කසු­කුසු ටිකක් පටන් අරන් තියෙ­නවා කිය­ලයි ආරං­චිය. කාර­ණය වෙන මුකුත් නෙවෙයි, කථා­නා­ය­ක­ව­ර­යාට එරෙ­හිව සජ­බෙන් ගෙන එන්න හදන විශ්වා­ස­භංග යෝජ­නාව.

“මීට කලි­නුත් මේ විශ්වා­ස­භං­ගය ගැන කතා වුණත්, මොකක්දෝ හේතු­ව­කට ඒක දෙපා­රක්ම අකු­ළා­ගන්න වුණා. හැබැයි මේ සැරේ නම් වැඩේ ටිකක් සීරි­යස් කරන්න යනවා වගේ. සජබ මන්ත්‍රී කණ්ඩා­යම් රැස්වී­මේදී ගත්ත තීර­ණේ­කට අනුව, පසු­ගිය 8 වැනිදා මන්ත්‍රී­ව­රුන්ගේ අත්සන් එකතු කරන්න පටන් අරන්. මේ හැම දේක­ටම මූලික වෙලා වැඩ කරන්නේ දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­තු­මායි කිය­නවා.

මේ විශ්වා­ස­භං­ගයේ චෝදනා හැටි­යට මේකට මුල් වෙලා තියෙන්නේ වැඩ තහ­න­ම­කට ලක් වුණු පාර්ලි­මේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුමාර කුල­රත්න සම්බන්ධ කතා­වක්. ව්‍යාජ තොර­තුරු දීලා තන­තුර ස්ථීර කර­ගන්න හැදුවා කිය­ලයි, අනු­මත වැටුප් තල­යට වඩා වැඩි වැටු­පක් අරන් රජ­යට මූල්‍ය අලා­භ­යක් කළා කිය­ලයි කියන චෝදනා මත මූලික විනය පරී­ක්ෂ­ණ­ය­කින් ඔහු වැර­දි­කරු වුණාට පස්සේ තමයි මේ වසරේ පෙබ­ර­වා­රි­වල ඔහුගේ වැඩ තහ­නම් වුණේ. ඉතින්, වැඩ තහ­න­මෙන් පස්සේ ඔහු ඉදි­රි­පත් කරපු චෝදනා මත පද­නම් වෙලා තමයි මේ අලුත් විශ්වා­ස­භං­ගයේ තියෙන්නේ කිය­ලයි ආරංචි මාර්ග කියන්නේ.

ඒත්, මේ දව­ස්වල ආණ්ඩු­වට එරෙ­හිව ශක්ති­මත් ජනතා මත­යක් හදා­ගන්න විප­ක්ෂය ලොකු අභි­යෝ­ග­ය­කට මුහුණ දීලා ඉන්න නිසා, මේ විශ්වා­ස­භං­ගය හරහා මොකක් හරි මහ­ජන මත­යක් ගොඩ­න­ගා­ගන්න උත්සාහ කර­න­වද කිය­ලත් මාධ්‍ය­වල නම් ලොකු කතා­වක් යනවා.

කහ­ඳ­ගම පොහො­ට්ටුවෙ නෙවෙ­යිලු!

කොළඹ මහා නගර සභාවේ හිටපු පොහොට්ටු නාග­රික මන්ත්‍රී මහින්ද කහ­ඳ­ගම අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යං­ශය විසින් පසු­ගි­යදා මිරි­හාන ප්‍රදේ­ශයේ අව­න්හ­ලක් අස­ලදී අත්අ­ඩං­ගු­වට ගත්තානේ. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර මහින්ද කහ­ඳ­ගම සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් ද සොයා­ගෙන තියෙ­නවා කිය­ලත් කීවනෙ.

මහින්ද කහ­ඳ­ගම කාල­යක සිට මත්ද්‍රව්‍ය ජාවා­රම් කර ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇති බවත් මේ සැක­ක­රුගේ මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ තවත් පුද්ග­ල­යෙකු ද කොළඹ මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යං­ශය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට අර­ගෙන.

ඒ අස්සේ කහ­ඳ­ගම මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ව­ලට සම්බ­න්ධයි කියලා ඔප්පු වෙන වීඩියෝ පටත් එළි­යට ඇවිත්. එක වීඩියෝ පට­යක තියෙන්නේ කහ­ඳ­ගම ඩුබායි ගිහිල්ලා ඩුබා­යි­වල ඉන්න මෝදර චතු­රයි, කෙසෙ­ල්වත්තේ

දිනූ­ෂයි එක්ක දාන පොඩි රංග­න­යක්. ඔක්කොම කහ­ඳ­ග­මට කියන්නේ ඩඩා කිය­ලනේ. ඔය වීඩියෝපට වෙනම යන අස්සේ තව හඬ පට දෙක­කුත් ඇවිල්ලා එළි­යට.

මහින්ද කහ­ඳ­ගම කියන්නේ පොහො­ට්ටුවේ හිටපු නාග­රික මන්ත්‍රී කෙනෙක්. ඔහුට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වෙද්දි මාධ්‍ය­වේ­දි­යෙක් පසු­ගි­යදා පොහො­ට්ටුවේ ලේකම් සාග­ර­ගෙන් ඇහුවේ, “ආණ්ඩු පාර්ශ්වය පොහො­ට්ටුව ඉතා දූෂිත පක්ෂ­යක් බව කිය­නවා. මත්ද්‍රව්‍ය චෝදනා මත මහින්ද කහ­ඳ­ගම අත්අ­ඩං­ගු­වට අරන්. ඔහු ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු මන්ත්‍රී කෙනෙක්. මෙහෙම කට්ටිය එක්කද ඔබ­තු­මා­ලත් එක්ක ඉන්නේ?” කියලා.

ඒ වෙලාවේ සාගර කීවේ, “කහ­ඳ­ගම කියන පුද්ග­ලයා කව­දා­වත් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ සාමා­ජි­ක­යෙක් නෙවෙයි. පහු­ගිය පළාත් පාලන ඡන්ද විම­සී­මේ­දීත් ඊට පෙර ඡන්ද විම­සී­මේ­දීත් අපි වමේ දේශ­පා­ලන පක්ෂ සමඟ සංධා­න­ය­කට එකතු වුණා. ඒ අව­ස්ථා­වේදී වාසු­දේව නානා­ය­ක්කාර මැති­තු­මාගේ නව සම සමාජ පක්ෂයේ සාමා­ජි­ක­යෙක් හැටි­යට තමයි ඔහු ඉදි­රි­පත් වුණේ. නව සම සමාජ පක්ෂයේ ඉල්ලී­මක් මත තමයි නාම­යෝ­ජනා දුන්නේ. මහින්ද කහ­ඳ­ගම කියන පුද්ග­ලයා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ සාමා­ජි­ක­යෙක් කියන එක දැඩිව ප්‍රති­ක්ෂේප කර­නවා.”

අර­ගල කාලේ මහි­න්දට හයිය දෙන්න ගෝල්ෆේස් ගිහිල්ලා අන්ති­මේදී ගුටි­කාලා යට ඇඳුම පිටින් වැටිලා “අනේ මාව හොස්පි­ටල් ගිහින් දාන්න… අයියෝ…” කිය­මින් කෙඳි­රි­ගා­මින් හිටපු මහින්ද කහ­ඳ­ගම අපේ පොහොට්ටු පක්ෂෙ නෙවෙයි කියපු එක නම් ගුණ­ම­කු­ක­මක් කියලා සාමාජ මාධ්‍ය ජාලා­වල හරි හරි­යට කතා වෙලා තිබුණා.

ශිර­න්තිත් පොහො­ට්ටුවේ නෙවෙ­යිද?

පසු­ගි­යදා පොහො­ට්ටුවේ මාධ්‍ය සාක­ච්ඡා­ව­කදී “මහින්ද කහ­ඳ­ග­මගේ තමන්ගේ පක්ෂයේ කෙනෙක් නෙවෙයි කියලා ප්‍රකාශ කළා වගේ ඉදි­රි­යේදී නාමල් රාජ­පක්ෂ, ශිරන්ති රාජ­පක්ෂ වැර­දි­ක­රු­වන් වුණොත් ඒ අයත් ඔබගේ පක්ෂෙ නෙවෙයි කියලා කිය­න­වද?” කියලා සාග­ර­ගෙන් මාධ්‍ය­වේ­දි­යෙක් අහපු ප්‍රශ්න­යට සාගර දුන්නේ රට පට­ලපු උත්ත­ර­යක්.

“නාමල් රාපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ ජාතික සංවි­ධා­ය­කයා, අපේ පක්ෂයේ නෙවෙයි කියන්න බෑ. ශිරන්ති රාජ­පක්ෂ මැති­නිය කියන්නේ අපේ පක්ෂයේ නාය­ක­යාගේ බිරිඳ. එතු­මිය ඍජුව පක්ෂයේ සාමා­ජි­ක­යෙක් නොවු­ණත් එතු­මිය ජනා­ධි­පති ආර්යාව හැටි­යට සිදු කරපු ක්‍රියා­කා­ර­කම් සම්බ­න්ධ­යෙන් පක්ෂ­යක් විදි­හට අපිට අදාළ නෑ වගේ බොළඳ , බොරු කියන පක්ෂ­යක් නෙවෙයි අපි.”

නාමල්ගෙ දින­පතා රූටීන් එක

පොහො­ට්ටුවේ කණ්ඩා­ය­මක් පසු­ගි­යදා නාමල් හමු වීමට පාර්ලි­මේ­න්තු­වට ආවා. ඒ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරි­ය­ව­සම්, ඩී.වී චානක, චානක මාදු­ගොඩ, සංජීව එදි­රි­මාන්න, ඉන්දික අනු­රුද්ධ, ජානක වක්කු­ඹුර, යූ.කේ. සුමිත්. පසු­ගිය සතියෙ කොට්ඨාස රැස්වීම් ටික ආපහු ආරම්භ කළා කියලා නාමල්ට ඒ වෙලාවේ ජොනී කීවා. ඒවායේ විශාල ප්‍රග­ති­යක් තියෙ­නවා කිය­ලත් සංජීව එදි­රි­මාන්න කීවා.

අපේ රැලිය ගැන අනෙක් පක්ෂ නාය­ක­යන් එක්ක කතා කරලා සුදුසු දින­යක් දාගන්න කිය­ලත් නාමල් මතක් කළා.

මේ අතර එදි­නම රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කළ රෝහිත බෝගො­ල්ලා­ග­මද දැමුණේ නාමල්ගේ සිර මැදි­රි­ය­ටයි.

සාග­රට ඉඟුරු ප්ලේන්ටිම දෙකක්

‘යුක්තිය වෙනු­වෙන් නැඟි­ටිමු’ නමින් සම්ම­න්ත්‍රණ මාලා­වක් රට පුරා පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ තීර­ණය කරලා. නාමල්ගෙ උප­දෙස් අනුව තමයි වැඩේ පටන් ගන්නෙ කියලා පොහො­ට්ටුවෙ ලොක්කෝ කියන්නේ.

එයින් පළ­මු­වැනි එක කළු­තර කණ්ඩා­යම කර­න්නම් කියලා සංජිව එදි­රි­මාන්න සමා­ර­ම්භක සම්ම­න්ත්‍ර­ණයේ වග­කීම භාර­ගත්තා. සම්ම­න්ත්‍ර­ණය තිබුණේ හොර­ණට කිට්ටුව මදු­රා­වල උත්සව ශාලා­වක. මහ­ලේ­කම් සාගර කාරි­ව­සම්, නීතිඥ සංජීව වීර­වි­ක්‍රම සහ ඩී.වී. චානක සම්ම­න්ත්‍ර­ණය ඇම­තුවා. දිස්ත්‍රි­ක්කය වෙනු­වෙන් ස්වාමීන් වහන්සේ නමක් සහ නීතී­ඥ­ව­ර­යෙක් සභාව ඇම­තුවා

“සංජීව අයිය වැඩේ මරු ආ!” ඩී.වී චානක එදි­රි­මා­න්නගෙ අත්දෙක තදින් අල්ල­ගෙන කීවා. “අපි යමු තේ එකක් බොන්න අපේ ගේ තියෙන්නෙ මේ ළඟ නෙ.”

ආරා­ධි­ත­යන් හැමෝම ප්‍රධාන පාරෙන් ඇතුලෙ ගම මැද්දෙ තියෙන සංජීව එදි­රි­මා­න්නගේ නිවෙ­සට ගියා. ආප්ප, වඩේ, පොල් ­රොටි, සම්බෝල එක්ක, මඤ්ඤොක්කා, රෝස් පාන් සහ තවත් කෑම එක්ක පුංචි තේ මේස­යක් ලෑස්ති කර තිබුණා. වැඩි­පු­රම ඉල්ලුම තිබුණේ මඤ්ඤොක්කා සහ සම්බෝ­ල­යට.

“මට දෙන්නකො තව ඉගුරු ප්ලේන්ටි එකක්. ඒක මාරම රසයි…” කිය­මින් සාගර ඉගුරු ප්ලේන්ටි දෙකක්ම බිවුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …