ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ­ලී­මට ප්‍රංශ­යට රාත්‍රී ඇඳිරි නීතිය.- ප්‍රච­ණ්ඩ­ත්වය ඉතා­ලි­යට සහ බෙල්ජි­ය­ම­ටත් පැති­රෙයි.

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ඉල්ලා පැරිස් නුවර සිසුන් පිරි­සක් ආරම්භ කළ සාම­කාමී විරෝ­ධ­තාව අත­ර­තුර සිදුවු වාහන හා දේපළ ගිනි තැබීම් සහ කඩ­සාප්පු කොල්ල­කෑම් හේතු­වෙන් මධ්‍යම පැරී­සියේ පළාත් කිහි­ප­ය­කට සහ තවත් නගර රැස­කට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැන­වී­මට එරට රජය පිය­වර ගෙන තිබේ. පොලී­සිය නිවේ­ද­නය කර ඇත්තේ රාත්‍රී 11.00ට සිට අලු­යම 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියා­ත්මක වන බවය. පැරිස් අග­නු­වර සහ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගිය තවත් නගර කිහි­ප­යක මහ­ජන ඒක­රා­ශී­වීම් සහ රැස්වීම් තහ­නම් කර ඇති අතර, තරුණ තරු­ණි­යන්ගේ ගම­නා­ග­ම­න­යට ද සීමා පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාම­කාමී විරෝ­ධ­තාව පසු­පස ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වීම් සහ සංවි­ධා­නා­ත්ම­කව කඩ­සාප්පු ගිනි තැබීම් සහ කොල්ල­කෑම් සිදුවී ඇතැයි තහ­වුරු වූ බව එරට අභ්‍ය­න්තර කට­යුතු ඇමැති ලෝරන්ට් නුනේස් ප්‍රකාශ කර තිබේ.

පසු­ගිය සැප්තැ­ම්බර් මස 27 වැනිදා පැරිස් නුවර අඩු පහ­සු­කම් සහිත උසස් පාස­ලක සිසුන් පිරි­සක් ආරම්භ කළ විරෝ­ධ­තා­වට පසුව වෘත්තිය සමිති සහ තවත් කණ්ඩා­යම් රැසක් එක්වී­මෙන් පිරිස් බලය ඉහළ ගිය බවත්, විරෝ­ධතා පාල­නය කිරීමේ සැල­සු­මක් නොතිබූ බැවින් හදි­සියේ හට­ගත් ප්‍රච­ණ්ඩ­කාරි සිදු­වී­ම්ව­ලදී ඇතැම් නග­ර­වල පාල­නය ගිලිහී ගිය බව ප්‍රංශ පොලී­සිය පිළි­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වී­ම්ව­ලට මුල් වූ පුද්ග­ල­යන් 2,500කට අධික පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, පොලිස් නිල­ධා­රින් දහ­ස­කට වැඩි පිරි­සක් කල­හ­කා­රීන් සමඟ ගැටුම් ඇති­වී­මෙන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මේ අතර ජාත්‍ය­න්ත­රයේ දැඩි අව­ධා­න­යට ලක්වූ ප්‍රංශයේ විරෝ­ධතා රැල්ල අස­ල්වාසී ඉතා­ලි­යට සහ බෙල්ජි­ය­මට ද පැතිරී ගොස් ඇති අතර, ඉතා­ලියේ මිලාන් නුවර සහ බෙල්ජි­යමේ බ්‍රසල්ස් නුවර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා බර­ප­තළ මුහු­ණු­ව­රක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුර්වල මහ­ජන සේවා සහ ජිවන විය­දම ඉහළ යෑම මුල් කර­මින් ඉතා­ලියේ සහ බෙල්ජි­යමේ අති­වි­ශාල ජන­තා­වක් වීදි බැස විරෝ­ධ­තා­වල නිර­ත­ වෙද්දී මුහුණු ආව­ර­ණය කර­ගත් පුද්ග­ල­යන් පිරි­සක් කඩ­සා­ප්පු­ව­ලට ගිනි­තැ­බීම සහ කොල්ල­කෑම හේතු­වෙන් නගර පුරා ප්‍රච­ණ්ඩ­ත්වය පැතිරී ගිය බව වාර්තා වේ.

ඉතා­ලියේ මිලාන්, බොලොඤ්ඤා හා ටියු­රින් ඇතුළු නගර ගණ­නා­වක කැරලි මර්දන පොලී­සිය සහ කල­හ­කා­රින් අතර ගැටුම් සිදුවී ඇති අතර, බෙල්ජි­යමේ බ්‍රසල්ස් නග­ර­යේදී තරුණ විරෝ­ධ­තා­ක­රු­වන් කඩ­සාප්පු හා මෝටර් රථ ගිනි තබ­මින් ප්‍රච­ණ්ඩ­කාරි ලෙස හැසි­රුණු බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

පසු­ගිය සෙන­සු­රාදා ඉතා­ලියේ නගර රැසක සිදුවූ ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බ­න්ධ­යෙන් බාල­ව­ය­ස්ක­රු­වන් 12 දෙනකු ඇතු­ළුව පුද්ග­ල­යන් 28 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, ඊට පසු­දින මිලාන් නග­රයේ හට­ගත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් 197 දෙන­කු­ගෙන් 43 දෙන­කුට එරෙ­හිව නඩු පවරා ඇතැයි වාර්තා වේ. බෙල්ජි­යමේ බ්‍රසල්ස් හා ලියේජ් නග­ර­ව­ලදී ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වී­ම්ව­ලට සම්බ­න්ධ­ වූ­වන් 200කට ආසන්න පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. විරෝ­ධතා දැක්වී­මට ජන­තා­වට අයි­ති­යක් තිබු­ණද නගර යුධ පිටි බවට පත් කිරී­මට අයි­ති­යක් නොමැති බව කිය­මින් ඉතා­ලියේ අග­මැ­ති­නිය ජෝර්ජියා මෙලොනි ප්‍රච­ණ්ඩ­ත්වය හෙළා දකි­මින් ප්‍රකා­ශ­යක් ද නිකුත් කර ඇති අතර, ඊයේ රජයේ හදිසි රැස්වී­මක් ද කැඳවා තිබූ බව වාර්තා වේ. බෙල්ජි­යමේ අභ්‍ය­න්තර කට­යුතු ඇමැති බර්නාඩ් ක්වින්ටින් ප්‍රකාශ කර ඇත්තේ එම සිදු­වීම් සාමාන්‍ය විරෝ­ධ­තා­ව­කට වඩා ඔබ්බට ගොස් ඇති බවය. ඉතා­ලියේ සිදුවූ ගැටු­ම්ව­ලදී පොලීස් නිල­ධා­රීන් 141 දෙනකු තුවාල ලබා ඇති බවත්, මිලාන් නග­රයේ කඩ­සා­ප්පු­ව­ලට සිදුවූ හානිය යුරෝ ලක්ෂ 5කට අධික බවත් වාර්තා වේ. ප්‍රච­ණ්ඩ­ත්වය සඳහා විරෝ­ධ­තාව පලි­හක් කර­ගන්නා කණ්ඩා­ය­ම්ව­ලින් වෙන්වන ලෙස බොලොඤ්ඤා නග­රා­ධි­ප­ති­නිය මැටියෝ ලෙපෝරේ නග­රයේ තරුණ තරු­ණි­ය­න්ගෙන් ඉල්ලී­මක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …