ආසියාවේ උසම දැල්පන්දු ක්රීඩිකාව වන ශ්රී ලංකාවේ තර්ජනි සිවලිංගම් පසුගියදා විවාහ දිවියට පිවිසියාය.තර්ජනි ජනප්රිය වෙන්න ප්රධාන හේතුව වූයේ ඇගේ උසයි.ෙතර්ජනි අඩි 6යි අගල් 9ක් උස වන අතර, ඇය දැල්පන්දු පිටියේ උසම ක්රීඩිකාව ලෙස හැඳින්වේෙතර්ජනී පසුගිය දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියෙන් පසු දැල්පන්දු පිටියට සමුදුන්නාය.
ශ්රී ලංකාව වෙනුවෙන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලි 4ක් නියෝජනය කිරීමට සමත්වු තර්ජනී ආසියානු දැල්පන්දු තරගාවලි 5ක දි ශ්රී ලංකාව නියෝජනය කළාය.
2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවනවිට තර්ජනීට වයස අවුරුදු 40ක්වූ අතර දැල්පන්දු ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් ක්රීඩා කළ වයස්ගතම ක්රීඩිකාව බවට ඇය පත්වුණිඇගේ එම වාර්තාවම ඇය 2023 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගීවෙමින් බිඳ හෙළුවාය.ශ්රී ලංකාවේ දැල්පන්දු රැජින ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම්ගේ නව විවාහ ජීවිතයට උණුසුම් සුබ පැතුම්.