ඊශ්‍රායලය වෙත ඉරානයෙන් ප්‍රහාරයක් අතලග.

නුදුරු දිනයකදී ඊශ්‍රායලය වෙත ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩක් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විශ්වාසය පළ කරන බව එරට මාධ්‍ය අනාවරණය කරනවා.ජූලි 31 වනදා සිදුවූ හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.ඊශ්‍රායලය වෙත ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඉරාන පාලනාධිකාරය තුළ විවිධ මතයන් පවතින බවද වාර්තා වනවා. කෙසේ වෙතත් ප්‍රහාරයක් සඳහා වැඩි ඉඩක් ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ඉරානය ඊශ්‍රායලය ට විශාල හමුදා ප්‍රහාරයක් සඳහා සැරසෙමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝආව් ගැලන්ට් අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ට දැනුම් දී තිබේ.ඔහු ඒ බව දැනුම්දී දී ඇත්තේ දුරකථන ඇමතුමකින් බව විදෙස් මාධ්‍ය පවසයි.එහිදී ඉරානය ප්‍රහාරයකට මුහුණදීම සඳහා ඊශ්‍රායල හමුදාවේ සූදානම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබුණා.

 ඉරානයේ බටහිර ප්‍රදේශයන් හි යුධ අභ්‍යාසයක් ද ආරම්භ කල අතර එය දින කිහිපයක්  පැවැත්වෙන බව වාර්තා වනවා. එය ද ඊශ්‍රායලය වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ පෙරහුරුවක් විය හැකි යයි විශ්වාස කෙරෙනවා.මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙතින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම ඊට වඩා ඉහළ බවයි ඊශ්‍රායල බලධාරීන් විශ්වාස කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *