කැනඩාව පරදා නවසීලන්තය, ඔලිම්පික් කාන්තා සත් සාමාජික රග්බි කිරුළ රඳවා ගනී

නවසීලන්තය කැනඩාවට එරෙහිව ලකුණු 19-12ක ජයක් වාර්තා කරමින් සිය කාන්තා රග්බි සත් සාමාජික ඔලිම්පික් කිරුළ රඳවා ගැනීමට සමත් විය.කැනඩාව අර්ධ කාලය වන විට ලකුණු 12-7ක් ලෙස ඉදිරියෙන් සිටි නමුත් වත්මන් ශූරයන් මයිකල් බ්ලයිඩ් සහ ස්ටේසි වාකාගේ උත්සාහක දිනුම් සමඟ නැවත සටන් කළහ.එය රියෝ 2016 දී රිදී ලබා ගැනීමෙන් පසු බ්ලැක් ෆර්න්ස්ගේ තුන්වන රග්බි සත් සාමාජික ඔලිම්පික් පදක්කම වේ.

ඔස්ට්‍රේලියාව ලකුණු 14-12ක් ලෙස පරාජය කරමින් එක්සත් ජනපදය ලෝකඩ පදක්කම – ඔවුන්ගේ පළමු ඔලිම්පික් රග්බි සත් සාමාජික පදක්කම ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට ආසන්න වීමත් සමග අමෙරිකාවේ ඇලෙක්ස් සෙඩ්‍රික් ආරක්ෂක වළල්ලෙන් මිදී උත්සාහක දිනුමක් සමඟින් ලකුණු සම ​​කිරීමට පෙර ප්‍රවර්තනයක් සමඟින් තරගය ජය ගැනීමට සමත් විය.

සඳුදා පැවති අර්ධ අවසන් පූර්ව වටයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් පරාඡය කරන ලද මහා බ්‍රිතාන්‍යය, අටවැනි ස්ථානයේ පසුවූ අයර්ලන්තය ලකුණු 28-12ක් ලෙස පරාජය කර හත්වැනි ස්ථානයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *