පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලෙහි සමාරම්භක උත්සවයට පැය කිහිපක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ප්‍රංශයේ අධිවේගී දුම්රිය පද්ධතියට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංවිධානාත්මකව සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් මීට හේතු වී ඇති අතර ඇතැම් දුම්රිය ස්ථනවල හටගත් ගිනි තැබීම් ඇතුළු සිදුවීම් හේතුවෙන් ප්‍රවාහන ක්‍රියාවලියට සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදුවන බවත් එළඹෙන සඳුදා දිනය තෙක් මෙම තත්වය සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කිරීමට නොහැකි වනු ඇති බවත් එරට දුම්රිය බලධාරීන් පවසා තිබෙනවා.