ඹලිම්පික් උලෙලේදී කැනඩාවට දිනා ගත හැකි පදක්කම් ගණන ගැන අනාවැකියක්

2024 පැරිස් ඹලිම්පික් ක්‍රීඩා උලළෙ තවත් සතිතුනකට ආසන්න කාලයකදී ආරම්භ වීමට නියමිතයි. මූලික අදියරේ දී පිරිමි පාපන්දු, පිරිමි සත් සාමාජික රග්බි ඇතුළු ක්‍රීඩා කිහිපයක් ආරම්භ වනවා. ඡූලි විසි හතර බදාදා කාන්තා පාපන්දු තරගාවලිය ආරම්භ වන අතර එහිදී කැනඩාවට එරෙහිව නවසීලන්තය තරඟ වැදීමට නියමිතයි.  සමාරම්භක උත්සවය ජූලි 26  වැනි දා ආරම්භ වනවා. ඉන් අනතුරුව පිහිනුම් තරග හා ජවන හා පිටිය තරග ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් රූපවාහිනී ශ්‍රේණිගත කිරීම් සමාගමක් විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකට අනුව olympic උළෙලේ පදක්කම් දිනා ගන්නා රටවල් පිළිබඳව අනාවැකි පල කර තිබෙනවා. වුන්ගේ පුරෝකථන වලට අනුව අප්‍රේල් මාසයේදී කැනඩාව රන් පදක්කම් හයක්, රිදී හතක් සහ ලෝකඩ නවයක් මෙවර පැරිස් ඔලිපික් උළෙලේදී දිනා ගැනීමට නියමිතව තිබුණා. එම සමස්ත පදක්කම් සංඛ්‍යාව විසි දෙකක් ලෙසයි ඔවුන්ව වාර්තා කළේ. කෙසේ වෙතට පසුගිය සතියේ නිකුත් කළ නවතම පුරෝකතන වලට අනුව කැනඩාව  පදක්කම් විස්සක් දක්වා පහත වැටී තිබෙනවා. එහිදී රන් පදක්කම් ගණන හයක් පවතින අතර  රිදී නවයක් දක්වා වැඩිවී ඇති මුත් ලෝකඩ පදක්කම් සංඛ්‍යාව පහ දක්වා පහත වැටී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *