කැනඩාව පරදා පාකිස්තානයට ඡය.

නායක බාබර් අසාම් පන්දුවට පහරදීමෙන් ලකුණු 33ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 53ක් ලබාගනිමින් පසුගියදා නිව්යෝර්ක්හි නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාවට එරෙහිව කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය. . ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් එක් කළහ.

ලකුණු 107ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 17.3කදී කඩුලු 7ක් දැවී අවශ්‍ය මුළු ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ පිට පිට පරාජයන්ගෙන් පසුව තරගාවලියේ පළමු ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි. අංක තුන පිතිකරුවා ලෙසින් පැමිණි අසාම් හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කළ අතර රිස්වාන් හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඇතුළුව නොදැවී ලකුණු 53ක් රැස් කළේය.

පළමුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ කැනඩාව කඩුලු 7කට ලකුණු 106ක් රැස් කළේය. ආරම්භක පිතිකරු ආරොන් ජොන්සන් පන්දු 44කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් දක්ෂ ලෙස ලකුණු 52ක් රැස්කළේය. පාකිස්තානු වේග පන්දු යවන්නන් වන මොහොමඩ් අමීර් සහ හරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දු යැවීමේ ගෞරවය හිමිකර ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *